හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ලබන 8 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද(01) නියෝග ක...
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ලබන 8 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද(01) නියෝග කළේය.
පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම හා ඉන්පසු පළාත් පාලන ආයතනවලට බෙදා දුන්නැයි ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බැසිල් රාජපක්ෂ මහතා වෛද්‍ය පරීක්ෂාවක් සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව එහි වෛද්‍යවරයාගේ අනුමැතිය සහිතව කොළඹ ජාතික රෝහලට මාරු කරන එවන ලදී.
මේවන විටත් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක නේවාසිකව සිටින රාජපක්ෂ මහතා අද දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
COMMENTS