අද සිට දින 50 ක කාලයකට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කල බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් ඉන්ධන සැප...
අද සිට දින 50 ක කාලයකට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කල බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
බොරතෙල් ආනයනය අත්හිටුවීමෙන් ඉතිරි වන විදේශ විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩ වන පෙට්ට්‍රල් ඩීසල්, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, ගෑස් ආනයනය සඳහා යොදවන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
මේ හේතුවෙන් මෙරට ඉන්ධන හිගයක් ඇති වීමේ කිසිදු අවදානමක් නැතැයිද ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.

COMMENTS