ඒකාබද්ධ විපක්ෂයේ පාගම අද(29) දහවල් 1.25ට පමණ කෑගල්ලට ළගා විය. කෑගල්ල නගරයේ සහ අලුත් පාරේ එක් මංතීරුවක දැඩි වාහන තදබදයක් ඇති වූ අතර වාහන ත...
ඒකාබද්ධ විපක්ෂයේ පාගම අද(29) දහවල් 1.25ට පමණ කෑගල්ලට ළගා විය.
කෑගල්ල නගරයේ සහ අලුත් පාරේ එක් මංතීරුවක දැඩි වාහන තදබදයක් ඇති වූ අතර වාහන තදබදය පාලනය කිරීමට පොලිසියේ 20ක් පමණ යොදවා තිබූ බව වාර්තා වේ.
මේ අතර පාගමනේ එන පිරිසට සංග්‍රහ කිරීම සදහා පැණි කොමඩු, බීම සහ කඩල දන්සල් සංවිධානය කර තිබිණි. පිළිගැනීමේ උත්සව කිහිපයක් ද සංවිධානය කර තිබූ බව වාර්තාවේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්‍රාව දෙවැනි දිනයට අද (29) උතුවන් කන්දෙන් ආරම්භ විය. පාද යාත්‍රාව කෑගල්ල නගරයෙන් ගමන් කිරීමේදී එක් මංතීරුවක පමණක් ගමන් කළ යුතු බවට වන අධිකරණ නියෝගයක් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නිකුත් කරනු ලැබීය.
එම නියෝගය පොලීසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බාරදෙනු ලැබීය.
COMMENTS