දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
''වැලිකඩ ඝාතන සිද්ධියෙන් ගෝඨා බේරාගැනීමේ කුමන්ත්‍රණයක්” [Video]
Homeප්‍රවෘත්ති

''වැලිකඩ ඝාතන සිද්ධියෙන් ගෝඨා බේරාගැනීමේ කුමන්ත්‍රණයක්” [Video]

PropellerAds

තමන් පදිංචිවී සිටි නිවසට මහ රෑ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රැකගැනීම සඳහා ගෙනයන්නා වූ සැලසුම් සහගත වැඩ පිළ...

සජිත්ගේ කූඨ ව්‍යාපාරයක් වතුකරයෙන් මාට්ටුයි
rishad
සජිත් පරදන්න රනිල් සුපිරි ගේමක.. සජිත්ට ඡන්ද ලක්‍ෂ 10ක් එකවර අහිමි කරවයි
තමන් පදිංචිවී සිටි නිවසට මහ රෑ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රැකගැනීම සඳහා ගෙනයන්නා වූ සැලසුම් සහගත වැඩ පිළිවෙලක කොටසක් බව බව පවසන වැලිකඩ සමූහ ඝාතනයේ ප්‍රධාන සාක්කිකරු තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

පස් අවුරුද්දකට ඉහතදී වැලිකඩ බන්ධනාගාරයට කඩාවැදුනු රජයේ සන්නද්ධ සේනා විසින් සිදුකරන ලද ඝාතන පිළිබඳ නඩු විභාගය පැවැත්වීමට සතියක් තිබියදී එහි ප්‍රධාන සාක්ෂිකාර සුදේශ් චන්දිමාල් මහතා නවාතැන් ගෙන සිටි නිවසට සඳුදා රාත්‍රියේ වෙඩි තබා තිබුනි.

තුන් අවුරුද්දක කාලය තුලදී සුදේශ් නන්දිමාල් මහතාගේ  ජීවිතයට තර්ජන එල්ලවුනු සිව්වැනි වතාව මෙයයි.

හිටපු අධිකරණ අමාත්‍යවරයා වැලිකඩ සමූහ ඝාතනයේ පීඩිතයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට පියවර නොගත් බව මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන කමිටුවේ කැඳවුම් කරුද වන සුදේශ් චන්දිමාල් මහතා, අපරාධ කරුවන් බේරා ගැනීම සඳහා සාක්ෂි කරුවන් විනාශ කර දැමීමේ සැලසුමක් දියත් වන බවට බිය පල කරයි.

“ලිහලා තියෙන මේ බල්ලන් බැඳ දමන්නැ,” යි චන්දිමාල් නව අධිකරණ අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් ද කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ තර්ජන:

තමන් රැකියාවේ නිරත දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරියකු  කළ තර්ජනයක් සම්බන්ධයෙන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය හමුවේ කටඋත්තරයක් දීමට ගිය දවසේම නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම සැලසුම් සහගත ක්‍රියාවලියක් දියත් වන බවට වන සැකය තහවුරු කිරීමට හේතු සාධක සපයන බව ඔහුගේ මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ ප්‍රධානීන්ගේද පිළිගැනීමයි.

තම ආරක්ෂාව සහතික වන වැඩ බිමකට ස්ථාන මාරුවක් ඉල්ලා සිටි අවස්ථාවේ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියා විසින් “අපේ ආරක්ෂක ලේකම්” ලෙසින් හඳුන්වනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාරගත කිරීමට වීරිය කරන බව පවසමින් “තමුසෙට හිරකරුවන් මැරුණාට මොකද?” යැයි තමාට තර්ජනය කළ බවට නන්දිමාල් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් කර ඇත.

ඒ සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා දීමට ඔහු අධිකාරිය හමුවට ද ගොස් තිබිණ.

සාක්ෂිකාර අධිකාරිය:

වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු ඉහල නිලධාරීන් තිදෙනකුගේම නීතිගරුක භාවය අභියෝගයට ලක් කරමින් ඔවුන් ඉවත් කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් ඉකුත් පෙබරවාරියේ ආණ්ඩුවෙන් ඉල්ලා තිබුනි.

අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන්නේ රාජපක්ෂ පාලන සමයේ අධිකරණ අමාත්‍යාංශ ලේකම් ධුරයේ මෙන්ම සොලිසිටර් ජනරාල් තනතුරේත් සේවය කළ සුහද ගම්ලත් මහතාය.

ඉහළ නිලධාරියකුගේ නියෝග පරිදි 2012 නොවැම්බර් මස 11 දා වැලිකඩ බන්ධනාගාරය ට ආ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් නම් ලැයිස්තුවකින් තෝරාගත් සිරකරුවන් පිරිසක් දණ ගස්වා හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබූ බව මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

විසි හත් දෙනකුට මරු කැඳවමින් හතළිහකට වැඩි පිරිසකට තුවාල සිදුකළ එම සමූහ ඝාතනයට අණදීම සම්බන්ධයෙන් සිරකරුවන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටය.

බලයෙන් පහකරන ලද රාජපක්ෂ පාලනය මෙන්ම වර්තමාන ආණ්ඩුවත් අපරාධකරුවන් රකිමින් සාක්ෂි කරුවන්ගේ ජීවිත අනතුරේ හෙලන බව මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ වරයා දැඩි ලෙස අවධාරණය කරයි.

(radiogagana)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ''වැලිකඩ ඝාතන සිද්ධියෙන් ගෝඨා බේරාගැනීමේ කුමන්ත්‍රණයක්” [Video]
''වැලිකඩ ඝාතන සිද්ධියෙන් ගෝඨා බේරාගැනීමේ කුමන්ත්‍රණයක්” [Video]
http://ift.tt/2wEc9SX
https://i.ytimg.com/vi/lKW0fN4MuAY/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/video_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/video_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy