දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ සුඛෝපභෝගී වාහනයක් කිසිඳු ඇමතිවරයෙකු භාවිතා කරන්නේ නැති බවත්, හැකිනම් තොරතුරු නම්ගම් සහිතව ඔප්පු කර...
දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ සුඛෝපභෝගී වාහනයක් කිසිඳු ඇමතිවරයෙකු භාවිතා කරන්නේ නැති බවත්, හැකිනම් තොරතුරු නම්ගම් සහිතව ඔප්පු කරන්නැයි ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට අභියෝග කර ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය පිලිබඳ පසුගියදා (08.30) පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කරුණු කිහිපයක් ප‍්‍රකාශ කර තිබෙනවා.
එහිදී දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියට අයත් සුඛෝපභෝගී වාහනයක් අමාත්‍යවරයෙකු පරිහරණය කරන බව මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා.
එ් අවස්ථාවේදී ඔහු මතුකල අනෙකුත් කරුණු පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා විසින් නිළ ප‍්‍රකාශයක් නිකුත් කරමින් එහි තාක්ෂණික අංශය පිළිබඳ කරුණු පැහැදිලි කර තිබෙනවා.
කේසේ නමුත් අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ 09/04 දින ‘‘මගනැගුම මහමැඳුර’’ පරිශ‍්‍රයේදී පැවති මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ගේ හමුවකට එක්වෙමිනි.
මෙම අවස්ථාව සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.
සබැඳි පුවත්,
"හඳුන්නෙත්තිගේ පාලම් කොමිස් කතාව ගල් පැලෙන බොරු" RDA පිළිතුරු දෙයි.
COMMENTS