දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

“ජවිපෙ සංඝයා වහන්සේලා ඝාතනය කළා-සංඝාධිකරණ හදන්න රජයට අයිතියක් නෑ” - රනිල් අනුරට ධර්මය කියාදෙයි

ජනතා විමුක්ති පෙරමුණ 1987–89 කාලයේදී සංඝයා වහන්සේලා ඝාතනය කළ බවත් කොටිකාවත්තේ සද්ධාතිස්ස, වේල්තොට පඤ්ඤාලෝකසීහ, බෙලිගල්ලේ මහින්ද, කුඹුගොඩ ඤාණ...

ජනතා විමුක්ති පෙරමුණ 1987–89 කාලයේදී සංඝයා වහන්සේලා ඝාතනය කළ බවත් කොටිකාවත්තේ සද්ධාතිස්ස, වේල්තොට පඤ්ඤාලෝකසීහ, බෙලිගල්ලේ මහින්ද, කුඹුගොඩ ඤාණාලෝක, අතුරුගිරියේ පඤ්ඤාතිස්ස, සොරගුණේ පඤ්ඤාසාර, පැල්පොල ධර්මපාල, මහනුවර ධම්මක්ඛිත යන හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් ජනතා විමුක්ති පෙරමුණේ ඝාතන ලැයිස්තුවට ඇතුළත් වූ බවත් එක්සත් ජාතික පක්ෂය සිහිපත් කරයි.

නිවේදනයක් නිකුත්කරමින් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, ජනතා විමුක්ති පෙරමුණ කළ ඒ ඝාතනවලට අදටත් සමාව ගෙන නැති අතර, දේශපාලන වශයෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනක පිළිගෙන නැති බවයි.

එසේම ජනාධිපතිවරයා පසුගිය දිනෙක සිය අදහස් ප්‍රකාශ කළද, ධර්මාධිකරණයක් ඇති කිරීමේ බලය රජයට හිමි නොවන බවද එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.

පහතින් දැක්වෙන්නේ, එජාපය නිකුත්කළ සම්පුර්ණ නිවේදනයයි.

‘ධර්මයේ වේශයෙන්ම ධර්මය විකෘති කරන අවස්ථාවලදී පෙර රජ දවස සිටි රජවරුන්ගේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට කෙරුණු ආරාධනාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රසිද්ධියේ එකඟත්වය පළකළේය.

ඇතැම් රජවරු ඒ ඒ පාලන කාලවලදී සංඝයා වහන්සේ ඝාතනය කළහ. ජනතා විමුක්ති පෙරමුණ ද වර්ෂ 1987 – 89 කාලවලදී එලෙසම සංඝයා වහන්සේලා ඝාතනය කරනු ලැබීය.

කොටිකාවත්තේ සද්ධාතිස්ස, වේල්තොට පඤ්ඤාලෝකසීහ, බෙලිගල්ලේ මහින්ද, කුඹුගොඩ ඤාණාලෝක, අතුරුගිරියේ පඤ්ඤාතිස්ස, සොරගුණේ පඤ්ඤාසාර, පැල්පොල ධර්මපාල, මහනුවර ධම්මක්ඛිත යන හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් ජනතා විමුක්ති පෙරමුණේ ඝාතන ලැයිස්තුවට ඇතුළත් වෙති.

බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම හැරුණු විට බෞද්ධයන්ට කළ හැකි ලොකුම පාපය සංඝ ඝාතනයයි. ජනතා විමුක්ති පෙරමුණ කළ ඒ ඝාතනවලට අදටත් සමාව ගෙන නැත. අවම වශයෙන් ඒ පියවරවත් නොගෙන ලැජ්ජා නැතිව ජනාධිපතිවරයා මේ ආරාධනාව පිළිගැනීම සදාචාරසම්පන්නද?

සංඝයා වහන්සේ ඝාතනය කරනවාට අමතරව ජනතා විමුක්ති පෙරමුණ වෙහෙර විහාරස්ථානවල තිබූ වටිනා ඓතිහාසික බඩු භාණ්ඩ ද මංකොල්ල කෑවේය.

දේශපාලන වශයෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනක පිළිගන්නේ නැත. එසේම හැමවිටම ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කළේ බුද්ධාගමට විරුද්ධවය.

මේ අනුව පැන නගින ප්‍රධාන ප්‍රශ්නයකි. එනම් භික්ෂූන් වහන්සේලා ඝාතනය කළ ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණට පාලන බලය ගෙන මෙවැනි කටයුත්තක් කළ හැකිද යන්නය. මෙහි සැඟව ඇති චේතනාව කුමක්ද?

විනය විරෝධීව හැසිරෙන සහ අපරාධවල නිරත වෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට වෙනම පරිච්ඡේදයක් ඇතුළත් කිරීමට පියවර ගත්තේය. භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධයෙන් තීන්දු දීම සඳහා සංඝ අධිකරණය ඇතිකිරීමට එමඟින් ප්‍රතිපාදන සම්පාදනය කෙරිණි.

මාලිමා රජය සිංහල, දෙමළ අවුරුද්දට කළේ කුමක් ද? සියලු නැකැත් අවුල් කළේය. මුළු ලෝකයම මැයි පළමු වැනි දින වෙසක් පොහොය ලෙස පිළිගනිද්දී රැලි පැවැත්වීම සඳහා වෙසක් පොහොය දිනය පසුවට කල් දමන ලදී.

ජාතික වෙසක් දිනය සැමරීම සිදුවන්නේ වෙසක් පුන් පොහොදාය. මෙවර ජාතික වෙසක් දිනය සමරනු ලැබුවේ අඩුම තරමින් රජය නම් කළ දිනයේවන් නොවේ. ඊට පසු දිනක හජ්ජි උත්සවය පැවැත්විණි.

දුස්ශීල භික්ෂූන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ කිසිදු විරුද්ධත්වයක් නැත. නමුත් භික්ෂු විනය සම්බන්ධයෙන් පියවර ගත යුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදයක් පවතී. ඊට අදාළ කැබිනට් පත්‍රිකා සකසා ඒවා මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ඉදිරිපත් කර ඉන් පසුව තීරණ ගත යුතුය. සියල්ල ඉදිරියට ගෙන යා යුත්තේ රටේ පවතින සම්ප්‍රදාය අනුවය.

ස්වාමීන් වහන්සේලා අධිකරණයට රැගෙන යාම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් පළකර තිබේ. එසේ අදහස් දක්වා ඇත්තේ සම්ප්‍රදාය නොදැනය. වැරදි කරන ස්වාමීන් වහන්සේලා සිවුරු පිටින් අධිකරණයට ගෙන යාම අද ඊයේ සිදුවූවක් නොවේ. බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනයට තල්දූවේ සෝමාරාම සහ මාපිටිගම බුද්ධරක්ඛිත යන ස්වාමීන් වහන්සේලා සිවුරුදරමින් අධිකරණයට ඉදිරිපත් කර පසුව සිවුරු ඉවත් කරනු ලැබුවේය. එය භික්ෂූන්ට පමණක් සීමා වන්නේද නැත. මැතිව් පීරිස් පියතුමන් පදමුවෙන්ම නීතිමය කටයුතු සඳහා උසාවියට පැමිණියේ ලෝගුව ඇඳගෙනය. ඒ අනුව යමින් මේ වනවිට විනය විරෝධීව කටයුතු කර සිටින භික්ෂූන් වහන්සේලාට ද පෙර ක්‍රියාත්මක වූ ක්‍රමවේදයම අනුගමනය කළ හැකිය.

විහාර – දේවාලගම් පනත සංශෝධනය සඳහා සංකල්ප පත්‍රයක් ඉදිරිපත් කළ බවත්, කැබිනට් මණ්ඩලය ඊට එකඟතාවය පළ කළ බවත් ජනාධිපතිවරයා තම කථාවේදී සඳහන් කළේය. ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා, බෞද්ධ කටයුතු කොමසාරිස් සහ නීතිපති සමගින් සාකච්ඡාවක් පැවැත්වූයේ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය. අඩුම තරමින් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ බෞද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගවත් සාකච්ඡා කළ බවක් දැන ගන්න නැත. එනම් සියලු කටයුතු කර ඇත්තේ තනිවම රජය විසිනි.

ධර්මාධිකරණයක් ඇති කිරීමේ බලය රජයට හිමි නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ධර්මය අර්ථ නිරූපනය කිරීමේ බලයක් විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට හෝ නැත. විනය පිළිබඳ නීති සම්මත කිරීමේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට ලැබී ඇත. එහෙත් අවසන් බලතල පවතින්නේ ඒ ඒ නිකායන් හී කාරක සංඝ සභාවලටය. වර්තමානයේදී මේ කටයුත්ත කර ඇත්තේ බුද්ධාගම පිළිනොගන්නා ආණ්ඩුවක කැබිනට් මණ්ඩලය, නිලධාරීන් සහ සංඝයා වහන්සේ අතලොස්සකි.

වැඩියෙන්ම වත්කම්, දේපොල ඇති විහාරස්ථාන අද පවතින්නේ විහාර – දේවාල ගම් පනතට අයත් වෙහෙර විහාරස්ථානවලය. මේ විහාරස්ථාන රජයේ පාලනයට ගත යුතුය යන්න ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය බව රහසක් නොවේ. ධර්මාධිකරණය ඇති කරන්නේ මේ සඳහාද යන්න ඒ සමගම ඇතිවන ප්‍රබල සැකයයි.

රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය මගින් යාන්ත්‍රණයක්, සැලසුම් සහගතව ක්‍රියාත්මක වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක කරගෙන යයි. ඊට සමගාමීව රජයට සම්බන්ධ සිවිල් සංවිධානද ක්‍රියාත්මක කරගෙන යයි. හැමවිටම අද සිදුවන්නේ බෞද්ධ පැවිදි – ගිහි මතය කොන් කිරීමකි.

ජනාධිපතිවරයාගේ කතාවේදී ලෝක බෞද්ධ මහා සම්මේලනය එක්සත් රාජ්‍ය සභාවක් මෙරටට ලබාදීමට තිබෙනවා ද යනුවෙන් කෙරිණි. එය ප්‍රකාශ කරනු ලැබුවේ බෞද්ධයන්ට පෙන්වීමට බව ඉතාම පැහැදිලිය.

මෙවැනි තත්ත්ව බලය අයුතු ලෙස පෙන්වා දෙනු ලැබී.

“න ච භික්ඛු යාචලෝෆ් හෝති,
න ච භික්ඛු හෝති ත්‍යාධම්මිකෝ,
තස්මිතා යාචලෝෆ්හෝති,
තස්මිතා හෝති ත්‍යාධම්මිකෝ.”

එහි සිංහල තේරුම පහත පරිදිය.

“උපතින් කෙනෙකු ධනවතෙකු නොවේ.
උපතින් කෙනෙකු බ්‍රාහ්මණයෙකු ද නොවේ.
තමන්ගේ ක්‍රියාව අනුව කෙනෙකු ධනවතෙකු හෝ බ්‍රාහ්මණයෙකු වේවි.”

එක්සත් ජාතික පක්ෂය
2026 මැයි 31’
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30253,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “ජවිපෙ සංඝයා වහන්සේලා ඝාතනය කළා-සංඝාධිකරණ හදන්න රජයට අයිතියක් නෑ” - රනිල් අනුරට ධර්මය කියාදෙයි
“ජවිපෙ සංඝයා වහන්සේලා ඝාතනය කළා-සංඝාධිකරණ හදන්න රජයට අයිතියක් නෑ” - රනිල් අනුරට ධර්මය කියාදෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBkq4of8PDYbOxAdyr3_5vFs7FWvsFwypoEykDHpWs3atMoasGnVBFZWUxJvwz7-RwfMq0J7jA8pY07zNK2Mb_lbYsIEDgpws-HGcAKxoIMQ6NfJDBjPb3ULBqRHrX9pyotJTK5upC3bbFYdZM9KmKQAY1Iv2mUZ-be0jCPNxfim2F8eiWkwrhmfqEnpua/s320/ranil_Anura.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBkq4of8PDYbOxAdyr3_5vFs7FWvsFwypoEykDHpWs3atMoasGnVBFZWUxJvwz7-RwfMq0J7jA8pY07zNK2Mb_lbYsIEDgpws-HGcAKxoIMQ6NfJDBjPb3ULBqRHrX9pyotJTK5upC3bbFYdZM9KmKQAY1Iv2mUZ-be0jCPNxfim2F8eiWkwrhmfqEnpua/s72-c/ranil_Anura.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/06/blog-post.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/06/blog-post.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy