දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අලුත් පාස්කු මහ මොලකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලට දන්වන්නැයි කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැන...

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන සොයාගත් කරුණු වලට අමතරව නව කරුණු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

ස්වර්ණවාහිනී නාලිකාවේ 'රතු ඉර' දේශපාලන සංවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, එවැනි දැනුම් දීමකදී එම ජාත්‍යන්තර ආයතන ලබා දෙන ප්‍රතිචාර පිළිබඳව වර්තමාන ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

මේ වන විටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුකාරයන් බවට පත්ව ඇති බවත්, සාමාන්‍ය බුද්ධියෙන් යුතුව මෙම කරුණු දෙස බැලිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජයවීර මහතා, මෙය "සාක්ෂි නිර්මාණය කිරීමේ" ක්‍රියාවලියක් බවට චෝදනා කළේය.

සලේ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මුල් 'බී' වාර්තාවේ අඩංගු නොවූ කරුණු, ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීම සැක සහිත බව ඔහු පෙන්වා දුන්නේය.

"FBI ආයතනය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් ඇතුළු සියලු විමර්ශන නිලධාරීන් නිසැකවම ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (ISIS) ශ්‍රී ලංකා ශාඛාව විසින් බවයි," යැයි පැවසූ මන්ත්‍රීවරයා, ආණ්ඩුව පවසන පරිදි මෙරට බුද්ධි අංශවල සහයෝගයක් මීට ලැබුණේ නම් එම නව තොරතුරු ජාත්‍යන්තරයට හෙළි කළ යුතු බව සඳහන් කළේය.

තවද, අදාළ කාලවකවානුවේදී සුරේෂ් සලේ මහතා මෙරට සේවය නොකළ බවත්, එවැනි තත්ත්වයක් තුළ ඔහු හමුදා යාන්ත්‍රණය පාවිච්චි කර කුමන්ත්‍රණයක් කළේ යැයි පැවසීම තර්කානුකූල නොවන බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30244,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත් පාස්කු මහ මොලකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලට දන්වන්නැයි කියයි
අලුත් පාස්කු මහ මොලකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලට දන්වන්නැයි කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIJJ_WPcxHPfUL-YU7YVQzImPe_OlrWzyN4nrRF0kRXnC9taRXlpqduwedUCHFdSsqOhtJNBaB73NfcSkDx87LTPZdsxLtqK-cVJfk1SU3-B7Knpwtjpudi9yTcHQWs7zrRUaKpGdNCM5UkrMOhpgvZRHIgOC0bY9KjEEeXgc5q7N9ak1tIf3xjEb40wW9/s320/pasku.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIJJ_WPcxHPfUL-YU7YVQzImPe_OlrWzyN4nrRF0kRXnC9taRXlpqduwedUCHFdSsqOhtJNBaB73NfcSkDx87LTPZdsxLtqK-cVJfk1SU3-B7Knpwtjpudi9yTcHQWs7zrRUaKpGdNCM5UkrMOhpgvZRHIgOC0bY9KjEEeXgc5q7N9ak1tIf3xjEb40wW9/s72-c/pasku.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/06/fbi-interpol-scotlandyard-afu.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/06/fbi-interpol-scotlandyard-afu.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy