දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

‘උඹට අවුරුදු තුතයි.. මට 25ක් තියෙනවා..’ - මාලිමා මන්ත‍්‍රීට කසල කම්කරුවෙකු බැණ වදී!

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම (09) නුවරඑළිය මහ නගර සභා සභා ගර්භයේදී නගරාදීපති උපාලි වනිගසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. . ...

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම (09) නුවරඑළිය මහ නගර සභා සභා ගර්භයේදී නගරාදීපති උපාලි වනිගසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. .
එහිදී සභාව ආරම්භයේදීම පසුගිය දින කිහිපය පුරාවට ආන්දෝලනයට ලක් වූ නුවරඑළිය මහ නගර සභාවේ ඉන්ධන මූල්‍ය වංචාව පිළිබඳ නගරාධිපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ මාධ්‍යයට පදනම් විරහිත ප්‍රකාශ සාක්ෂි සාධක නොමැතිව ලබාදීම සහ එම තොරතුරු ඔස්සේ මහජනතාව දැනුවත් කිරීමෙන් මහ නගර සභාවේ කීර්ති නාමයට හානියක් සිදුවන බවය ,


තවද දිගින් දිගටම මාධ්‍ය හරහා මානගර සභාව පිළිබඳව පදනම් විරහිත ප්‍රකාශ සිදුවීම හෙලා දකින බවද නගරාධිපති උපාලි වනිගසේකර මහතා පැවසීය ,


එයට පිළිතුරු ලබාදෙමින් අදාල ඉන්ධන වංචා පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දුන් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහ වඩන සිදු වී ඇති වංචාවේ දත්ත සහිතව සභාවට කරුණු ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව නගරාධිපතිවරයා විසින් ඉන්ධන වංචාවක් සිදු වී ඇති බව පිළිගත් අතර ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට එකඟ විය ,


එම චෝදනාවත් සමඟම එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත පලිහ වඩන චෝදනා කර සිටියේ නගරාධිපතිවරයාගේ හෝ මුදල් කාරක සභාවේ සහ මහා සභාවේ කිසිදු අනුමැතියෙන් තොරව මන්ත්‍රීවරයෙකුගේ ආධාරකරුවන් පිරිසක් වෙනුවෙන් පදික වේදිකාවේ තාවකාලික කඩ නිර්මාණය කිරීම සඳහා රුපියල් 47,000ක මුදලක් පුද්ගලයෙකු විසින් එකතුකර ඇත්තේ පදික වෙළඳාම හා ඒ හා සම්බන්ධ ඇතිවන ඕනෑම ගැටලුවකට නගරාධිපතිවරයා පිළිතුරු දෙන බව පවසා ඇති පසුබිමකය ,


එසේ නම් එම අත්තනෝමතික මුදල් එකතුකිරීම පිටුපස සිටින්නේ නගරාධිපතිවරයාද ?


එලෙස මහජනතාව ප්‍රශ්න කරන විට නගරාධිපතිවරයා දින උත්තරේ මොකක්ද යනුවෙන් ප්‍රශ්න කළේය ,


ඉන් අනතුරුව සභාවේ අදහස් දක්වමින් නියෝජ්‍ය නගරාධිපති සිවන් ජෝති යෝග රාජා කියා සිටියේ සභාවේ නගරාධිපති ප්‍රමුඛ සියලුම සභිකයන් ක්‍රියා කළ යුත්තේ මා නගර සභා ආඥා පනතට අනුකූලවයි ,


වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය නගරාධිපති සිවන් ජෝති යෝග රාජා මෙසේද අදහස් දැක්විය ,


මේකෙ ඉන්න එක නගරාධිපතිවරයයි අනිත් සියලුම දෙනා සභිකයන් ,


සභාව දැනුවත් කරන්නැතුව මුදල් කාරක සභාව දැනුවත් කරන්නැතුව මන්ත්‍රීවරයෙකුට ඕන ඕන විදිහකට ආධාරකරුවන් ලවා මුදල් එකතු කරනවා නම් සභාවක් මොකටද ?


ලංකා කම්කරු කොංග්‍රසය නියෝජිතයන් දෙන්නෙක් එකතු වෙච්ච නිසයි මේ සභාව මාලිමා සභාවක් වුනේ කියන එක මතකක තියාගන්න ,


දිගටම ඒ සහයෝගය අවශ්‍ය නම් තනි තනි පුද්ගලයන් වශයෙන් වැඩ කිරීම නවත්තලා සාමූහික වැඩ කටයුතු කරන්න ,


මෙතන ඉන්න කාටවත් පක්ෂ පාට අදාල නෑ නාගරික මන්ත්‍රීවරයෙක් උනාට පස්සේ සියලු දෙනාම වැඩ කරන්න ඕන මහජනතාවගේ සුභ සිද්ධිය සඳහා ,


ඊළඟ දේ තමයි මාධ්‍ය මගින් සිදු කරන වාර්තාවන්ට මේ සභාවේ විරෝධතාවයන් ප්‍රකාශ කිරීම මා තරයේ හෙලා දකිනවා ,


මෙතෙක් කල් මාධ්‍ය මගින් සිදු කරපු සියලුම අනාවරණයන් ඇත්ත ,

යම්කිසි වැරැද්දක් සිදුවෙලා තියෙන නිසා තමයි මාධ්‍ය ඒ ගැන අනාවරණය කරලා අපිට ඒ වැරැද්ද හදාගන්න අවශ්‍ය ඉඟිය හා තොරතුරු ලබා දෙන්නේ ,

ඒ තොරතුරු එකිනෙකට කියනවා නම් ,

සතිපොළ ගැන දැන් අවුරුද්දක් පුරාවට අනාවරණය කරනවා මහ නගර සභාවක් වශයෙන් අපි කරපු දෙයක් නැහැ ,

වීදි ලාම්ප ගැටලුවක් ගැන අනාවරණය කළා. ඒකටත් මහ නගර සභාව විසින් කරපු දෙයක් නැහැ ,

ද්විත්වා කාලයේ කඩා වැටුණු පාලම ගැන අනාවරණය කරා දිගින් දිගටම තාමත් පාලම අපි හදල නැහැ ,

ගොල්ෆ් ක්‍රීඩාංගනයේ ගස් වලට කළුතෙල් ගහලා ගස් මරා දමනවා කියලා අනාවරණයක් කළා ඒකෙ කොටසක් ප්‍රාදේශීය ලේකම්ට කොටසක් මහ නගර සභාවට අයිති ඒ ගැනත් අපි කිසිදු හොයා බැරිල්ලක් කරලා නැහැ ,

ඒ වගේ වර්තමානයේ තෙල්වංචාව,

මාධ්‍ය මගින් අනාවරණය කරන හැම දෙයක්ම අපේ වැරදි අපි ඒවා හදාගෙන ඉදිරියට යන්න ඕන ඒ හැරෙන්න මාධ්‍යයට චෝදනා කරන එක නෙමෙයි අපි කරන්න ඕන ,

එම ප්‍රකාශයට පිළිතුර ලබාා දෙමින් නුවරඑළියෙ මහනගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී ජූඩ් චන්දන මැදගම කියා සිටියේ සභාවේ තීන්දු තීරණ ගන්න බලය සභාවට හිමි නමුත් කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් ක්‍රියා කිරීම සහ ඔවුන්ගේ සුගතිය වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම කොට්ඨාශ භාර මන්ත්‍රීවරයාට හිමි විය යුතු බවයි ,

කෙසේ වෙතත් කිසි වැරැද්දක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමද අනිවාර්ය වන බව ඔහු පැවසීය .

ඉන් අනතුරුව පසුගිය දිනවල ආන්දෝලනයට ලක් වූ ඉන්ධන වංචා පිළිබඳ අදහස් දක්වමින් ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රී මහේස් රත්නසේකර කියා සිටියේ එය වංචාවක් නොව අදාළ සංවර්ධන කටයුතු සිදුකරගෙන එයාමේදී සිදු වූ අත්වැරදීමක් බවය ,

කසල කළමනාකාරීත්වය දුර්වලතාවය පිළිබඳව සභාව වෙත අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රංජිත් ද මැල් මහතා කසල කළමනාකාරීත්වය පිළිබඳ ඇති වූ ගැටලුවකදී මහනගර සියා බාසේවයකයකුට උපදෙස් ලබා දෙන විට ඔහු තමාට පර බල්ලා යනුවෙන් වැන වැදි තොට තියෙන්නේ අවුරුදු තුනයි මට විසිපහ එතකොට බලාගමු යනුවෙන් තර්ජනය කළ බවද සභාව අමුවට ඉදිරිපත් කළේය

තවද මහ නගර සභා සේවකයන්ගේ විනය පිළිබඳව සොයා බලා විනයානුකූල සේවකයන් බවට පත් කිරීමේ වගකීම හරි විදිහට ඉටු කරන්න බලධාරීන් කටයුතු කළ යුතු බවද ඔහු අනාවරණය කළේය ,

ඉන් පසුව සභාව ඇමතූ ජාතික ජන බලවේගය නාගරික මන්ත්‍රී මොහොමඩ් නවාස් කියා සිටියේ මහනගර සභාවේ සේවකයන් පිරිසක් පවරන හැම වැඩක්ම නොකෙරෙන තැනට අදහස් ලබා දෙනවා හැරෙන්න වැඩක් කරන්න උවමනාවක් නැති බවය ,

ඉන් එක වැඩක් වශයෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යාලයේ පඩිපෙළ අසල ගලී වලක් වසරක් තිස්සේ උතුරනවා උතුරනවා. ඒක හදන්න යනකොට අරක කරන්න බෑ මේක කරන්න බැහැ කියලා කියනවා හැරෙන්න කරන්න පුළුවන් දෙයක් හරියට කියන්නෙ නෑ ,

එතනින් වෙන්නේ ඒ වැඩේ කෙරෙන්නේ නැති එක විතරයි ,

ඉන් අනතුරුව සභාව ආමන්ත්‍රණය අදහස් දැක්වූ ජාතික ජන බලවේගී නාගරික බුද්ධික ගුණසේන කියා සිටියේ මහනගර සභාවේ වැරදි මාධ්‍ය වෙත ප්‍රකාශ කරන පුද්ගලයන්ගේ පැටිකිරිය පිළිබඳ විශාල ගැටලුවක් තිබෙනවා ,

ඔවුන්ගෙන් සමහරක් පක්ෂ වලින් නිරපුව පක්ෂවලින් දොට්ට දාපු පුද්ගලයන් ,

ඒ වගේ දෙයක් වෙලා තියෙන්නේ ඔවුන් කරපු වැරදි නිසා එවන් පුද්ගලයන් මහ නගර සභාවට වැරදි කියන එක ගැන අපි හිතන්න දෙයක් නැහැ ,

මාධ්‍යයට අපි වචනයක්වත් කියන්නේ නැහැ ඔවුන්ගේ රාජකාරිය ඔවුන් කරනවා එසේ නමුත් අර වගේ පුද්ගලයන් ගැන අප තැකීමකට ලක් කළ යුතු නැහැ යනුවෙන් ඔහු පැවසීය ,

මෙහිදී අදහස් දැක්වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඒකමතික අදහසක් වූයේ මසකට වරක් සභාවට ඉදිරිපත් කරනු ලබන යෝජනාවන් පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ලබාගෙන ඉදිරිපත් වන යෝජනා සියල්ල හරියාකාරයෙන් ඉෂ්ඨ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවයි .

- ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30240,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘උඹට අවුරුදු තුතයි.. මට 25ක් තියෙනවා..’ - මාලිමා මන්ත‍්‍රීට කසල කම්කරුවෙකු බැණ වදී!
‘උඹට අවුරුදු තුතයි.. මට 25ක් තියෙනවා..’ - මාලිමා මන්ත‍්‍රීට කසල කම්කරුවෙකු බැණ වදී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEHz_-zanvXibqc1n51Eyv93FNMK7RiQ6vLX_Ac4XUhg4jdth5o2pMHF5OU26eQ4sgvfnNfHjDNExzSV-9GO-BmlypTBp5C8f0L7faW9EJGv-buDTncbWjfGspWWmfOZJF8TPnv0V3g5lG91nJU7grPw7S00rY65stgdboHP6a2tBsMXkMys4xfeNwFUf2/s320/Screenshot%202026-06-10%20221911.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEHz_-zanvXibqc1n51Eyv93FNMK7RiQ6vLX_Ac4XUhg4jdth5o2pMHF5OU26eQ4sgvfnNfHjDNExzSV-9GO-BmlypTBp5C8f0L7faW9EJGv-buDTncbWjfGspWWmfOZJF8TPnv0V3g5lG91nJU7grPw7S00rY65stgdboHP6a2tBsMXkMys4xfeNwFUf2/s72-c/Screenshot%202026-06-10%20221911.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/06/25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/06/25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy