දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න කියලා පොලිසිය පස්සෙන් කෙවිටක් අරන් යන්න වුණා... හාමුදුරුවෝ දැරියට කෝල් 84ක් අරන් - ළමා ආරක්ෂක අධිකාරිය උසාවියේදී කියයි

බාලවයස්කාර දැරියක බරපතළ ලෙස දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන...

බාලවයස්කාර දැරියක බරපතළ ලෙස දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ එම හිමියන්ට මුදලට චේතනාන්විතවම තම දියණිය දුෂණය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිදු වික්‍රමරත්න ඊයේ  (22) නියෝග කළේය.

ඒ අනුව සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට රුපියල් ලක්ෂ පනහක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක්ද නියම කරනු ලැබීය.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදේශගත වීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට ද සැකකාර හිමියන්ට තරයේ අවවාද කළේය.

යම් හෙයකින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඇප අවලංගු කොට යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය පියවර ගන්නා බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමියන්ට දැන්වීය.

මේ අතර, දැරියගේ මවට රුපියල් ලක්ෂ 5ක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයටද විදේශගත වීම තහනම් කළේය.

නඩුව අද කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන කටයුතු අවසන්ව ඇති බවයි.

ඒ අනුව, විමර්ශනවල උදෘත නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යවා ඇති බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දන්වා සිටියේය.

පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන්ව ඇති බවත්, විමර්ශනවල උදෘත නීතිපතිවරයාට යවා ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර ඇති පසුබිමක තම සේවාදායක හිමිනමට ඇප ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

නිතීය හා සාමය අමත්‍යංශයේ ලේකම්වරයා මෙම විමර්ශනවලට බලපෑම් කරන බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවට ද ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥවරයා, තම සේවාදායක හිමිනම මේ දක්වා සියලු විමර්ශනවලට සහාය දක්වා ඇති අතර, කිසිදු බලපෑමක් සිදු කොට නොමැති බවද අවධාරණය කළේය.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් දීර්ඝ වේලාවක් කරුණු දැක්වු ජනාධිපති නීතීඥවරයා ඉන් අනතුරුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ඕනෑම ඇප කොන්දේසියක් මත තම සේවාදායක හිමි නම මුදාහරින ලෙසයි.

බාලවයස්කාර දැරියක දුෂණය කළ බවට තම සේවාදායක හිමිනමට එරෙහිව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේය.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත අධිකරණයට කරුණු දක්වමින් එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීනීඥ සජිවනී අබේකෝන් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යෑමට ජාතික ළමාරක්ෂක අධිකාරියට සිදුවු බවයි.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් තමන්ව දුෂණය කළ බවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පිළිගත හැකි සාක්ෂි සහිතව දැරිය ප්‍රකාශ කර ඇති තත්ත්වයක පොලිසිය සැකකාර හිමියන් රැඳී සිටින විහාරස්ථානයට ගොස් ප්‍රකාශ ලබාගෙන උන්වහන්සේ මුදාහැර ඇති බවද නීතීඥවරිය කීවාය.

සැකකාර හිමිනම තමා දුෂණය කළ ස්ථානය අදාළ ආවාස ගෙයහි වමට දකුණට හැරී ගොස් දැරිය නිශ්චිතව පෙන්වාදී ඇති බවත් අදාළ කාමරය තුළ තිබු භාණ්ඩ දැරිය එලෙසම හඳුනා ගත් බවත් අවධාරණය කළ නීතීඥ සජීවනි අබේකෝන් සැකකාර හිමිනම දැරිය සමඟ ලිංගිකව එක්වීමෙන් පසුව ශුකාණු පිස දැමූ පාපිස්සක් වැනි යමක්ද දැරිය පෙන්වා සිටි බවද අවධාරණය කළාය.

දැරිය ඇතැම් අවස්ථාවල දින තුනෙන් තුනට ගෙන්වාගෙන දුෂණය කොට ඇති බවට තහවුරු වී ඇති බවද කියා සිටි නීතිඥවරිය, දැරියට දිර්ඝකාලීන ලිංගික ප්‍රවේශයක් සිදුකර ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චමින්ද රාජකරුණා දැරිය පිළිබඳ පැවැත්වූ ස්වකීය අධිකරණ පරීක්ෂණයේදී තහවුරු කරගෙන ඇති බවද අවධාරණය කළාය.

සැකකාර හිමිනම සහ දැරිය අතර, දුරකතන සංවාද 84ක් සිදුව ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තා මගින් දැනටමත් තහවුරු වී ඇති බවද කියා සිටි නීතීඥ සජීවනී අබේකෝන් ආගමික බලයෙන්, දේශපාලන බලයෙන් සහ ධන බලයෙන් සපිරි මෙවැනි ප්‍රබල හිමිනමකට දුරකතන ඇමතුම් ලබාගැනීමට සාමාන්‍ය ජනතාවට හැකියාවක් පවතින්නේ දැයි ප්‍රශ්න කර සිටියාය.

සැකකාර හිමිනම දැරිය දුෂණය කිරීමෙන් අනතුරුව රුධිරය වහනය වූ දැරියගේ යට ඇදුම් වළදමා තිබියදී සොයා ගත් බවද ප්‍රකාශ කළ නීතීඥවරිය මෙතරම් ප්‍රබල සාක්ෂි තිබියදී පොලිසිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම කල් මරමින් උන්වහන්සේට නිදැල්ලේ වැඩ සිටීමට ඉඩ ප්‍රස්ථා ලබාදී සිටි බවද පැවසුවාය.

මෙම සිද්ධියට අදාළ විමර්ශනවලදී පොලිසිය මේ දක්වා දැරියගේ වීඩියෝ සාක්ෂි පවා ලබාගෙන නැති බවද කියා සිටි නීතිඥවරිය මෙම සිද්ධියට අදාළ සමස්ත විමර්ශන ක්‍රියාවලියේදී පොලිසිය නීතිය අපගමනය කරමින් නීතියට පයින් ගසා ඇති බවත් කීවාය.

සැකකාර හිමිනම මෙම අපරාධය සිදුකළ බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් උන්වහන්සේ අත්අඩංගුවට නොගන්නේ මන්දැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද විමසීම් කළද, ඔහුද ඊට නිසි පිළිතුරක් ලබා නොදෙමින් කල් මරමින් සිටි බවද ඇය සඳහන් කළාය.

සැකකාර හිමිනමට පවතින මුදල් බලය, ආගමික බලය, නිල බලය පදනම් කරගෙන මෙම සිද්ධියට අදාල විමර්ශන දියාරු කිරීමට පොලිසිය මේ මොහොතේත් කටයුතු කරමින් සිටින බවද සඳහන් කළ නීතීඥවරිය රාගය, ද්වේශය මෝහය තුරන් කරන බවට පැවිදි දිවියට පිවිසි සැකකාර හිමිනම රාගය ද්වේශය සහ මෝහයෙන් මුසපත්ව බුදු දහමට එරෙහිව ක්‍රියා කොට ඇති බවද කියා සිටියාය.

බුදුන්වහන්සේ සුනීත සෝපාක වැනි අයට මහ කරුණාවෙන් සැලකුවද මෙම සැකකාර හිමිනම වින්දිත බාලවයස්කාර දැරියට සලකා ඇත්තේ කෙසේද යන්න පිළිබද මෙම සිද්ධි දාමය තුළින් මනාව පැහැදිලි වන බවද සඳහන් කළ නීතීඥවරිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය වරෙන්තු නිකුත් කළ විගස මීට පෙර නොතිබූ හදිසි අසනීප තත්ත්වයක් පැන නැගී ඇති බවද ප්‍රකාශ කළාය.

නීතීඥවරිය සඳහන් කළේ සැකකාර හිමිනමට විශේෂ අසනීප තත්ත්වයක් නොමැති අතර උන්වහන්සේට ඇත්තේ වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ට වැළඳෙන නිදන්ගත රෝග බවයි.

වින්දිත දැරිය සිය පෙම්වතා සමඟ අත්අඩංගුවට පත් නොවූයේ නම් මෙම අපරාධය තවමත් රහසක් බවට පත්වන්නට ඉඩ තිබූ බවද කියා සිටි නීතිඥවරිය සැකකාර හිමිනමට පවතින ආගමික සහ සමාජ බලය මත බොහෝමයක් මාධ්‍ය ආයතන මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවද කීවේය.

ආගමික නායකයන්ට දණ්ඩනීති සංග්‍රහය බලපාන්නේ නැද්දැයි තවදුරටත් ප්‍රශ්න කළ නීතීඥ සජීවනී අබේකෝන්, මෙම සිද්ධියේදී පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී නිසි නීතිමය ක්‍රමවේදය යටතේ කරුණු වාර්තා කර නොමැති බවද සඳහන් කළාය.

දැරියගේ මව තම බාලවයස්කාර දියණිය දුෂණය කිරීම සඳහා සැකකාර හිමිනමට මුදලට අලෙවි කලේ නම් දැරිය දුෂණය කිරීමට සැකකාර හිමිනම මුදලට ලබාගැනීම වරදක් බවද කියා සිටි නීතීඥවරිය එහෙත් එවැන්නක් පිළිබඳ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බව කීවාය.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන, අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නඩු කටයුතු මෙහෙයුම නිලධාරී උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද පෙනී සිටියහ.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සමඟ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන රංජිත් රාජකරුණා, සජීව ගුණරත්න, චන්දන වීරකෝන්, ආරියරත්න වික්‍රමආරච්චි, මහේෂ් කොටුවැල්ල, කාලිංග රවීන්ද්‍ර, හේමන්ත ගමගේ, ධනුෂ්ක දහම්පත්, මදාරා විජේසිංහ සහ ජයලත් අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිතීඥවරුන් 20කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ.

දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ස්වර්ණමාලී අනුරාධනායක සමඟ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසිත් සිරිවර්ධන, අතුල රණගල සමග නීතීඥවරුන් වන බානුක මලවිආරච්චි, සුරේෂ් කාරියවසම්, චානක අබේවික්‍රම සහ යාලිත් ජයසුන්දර පෙනී සිටියහ.

මෙම නඩුව දැක බලාගැනීමට අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාමාධිපති පුජ්‍ය ඊතලවැටුනවැවේ ඥාණතිලක, අබේගිරිය රජමහාවිහාරාධිපති මහාචාර්ය පුජ්‍ය කල්ලංචියේ රතනසිරි, ලංකාරාමාධිපති පුජ්‍ය රලපනාවේ ධම්මජෝති, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද, ථුපාරාමාධිපති ඥණින්ද්‍ර යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩ සිටිනු දැකිය හැකි විය.

මෙම නඩුව කැඳවූ අද දින අනුරාධපුර අධිකරණ සංකිර්ණය අවට සහ ඇතුළත විශේෂ ආරක්ෂාවක් යොදවා තිබු අතර, ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබිණ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30210,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න කියලා පොලිසිය පස්සෙන් කෙවිටක් අරන් යන්න වුණා... හාමුදුරුවෝ දැරියට කෝල් 84ක් අරන් - ළමා ආරක්ෂක අධිකාරිය උසාවියේදී කියයි
හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න කියලා පොලිසිය පස්සෙන් කෙවිටක් අරන් යන්න වුණා... හාමුදුරුවෝ දැරියට කෝල් 84ක් අරන් - ළමා ආරක්ෂක අධිකාරිය උසාවියේදී කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipLf6GLCtxShHumK-CnqV2UI42xdu-fUO9HrZtlBDLY4WuO1WVXBip2c-jyd2AZQ2h4AqoVXaQFRbqEJsWed_NJKw76Cd5tdc8Pwbj9CZxZ_fBGF5mXQ6hXr4bD-h3MXRKnIp7H3-FVwQFFzloOBhyphenhyphenYFg0GStQmXOzJPoS9dS4xl5leqb8dYZfd_y_w19g/s320/pallegama.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipLf6GLCtxShHumK-CnqV2UI42xdu-fUO9HrZtlBDLY4WuO1WVXBip2c-jyd2AZQ2h4AqoVXaQFRbqEJsWed_NJKw76Cd5tdc8Pwbj9CZxZ_fBGF5mXQ6hXr4bD-h3MXRKnIp7H3-FVwQFFzloOBhyphenhyphenYFg0GStQmXOzJPoS9dS4xl5leqb8dYZfd_y_w19g/s72-c/pallegama.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/05/84.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/05/84.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy