දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බලශක්ති සහනාධාර ඉවත් කරනවා.. ණය වාරික ඉල්ලමින් ජනපති අනුර යැවූ ලිපිය IMF ප‍්‍රසිද්ද කරයි...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගෙන ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකා රජය සිය කැපවීම යළ...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගෙන ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකා රජය සිය කැපවීම යළිත් තහවුරු කර තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත. 

මුල්‍ය අරමුදල විසින් ප‍්‍රසිද්ද කර ඇති එම ලිපිය අනුව මෙරට ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් තීන්දු තීරණ කිහිපයක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

විශේෂයෙන්ම, පිරිවැය ආවරණය වන පරිදි විදුලි ගාස්තු සහ ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදයන් (පිරිවැය ගාස්තු ප්‍රතිසාධනය) මේ වන විටත් නිසි මඟට ගනිමින් ක්‍රියාවට නංවමින් පවතින බව රජය පවසයි. 

මීට අමතරව, මෑතකදී ඇති වූ කලාපීය සහ දේශගුණික බලපෑම් හේතුවෙන් ජනතාවට සහන සැලසීම සඳහා හඳුන්වා දුන් ඉන්ධන, විදුලිය, පොහොර සහ ධීවර සහනාධාර ඇතුළු සමස්ත බලශක්ති සහන සහ අනෙකුත් සහන පියවරයන් සඳහා වැය වන මුදල රුපියල් බිලියන 100ක උපරිම සීමාවකට යටත් කර ඇති බවද එම ලිපියේ දක්වා ඇත.

මෙම සියලුම සහන කටයුතු අයවැය මඟින්ම පියවා ගැනීමට කටයුතු කරන බව පවසන රජය, මෙරට අසීරුවෙන් ළඟා කරගත් මූල්‍ය ස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය ආරක්ෂිත පියවරයන් තහවුරු කරගැනීම උදෙසා, එම සහනාධාර ක්‍රමවේදයන් එළඹෙන 2026 සැප්තැම්බර් මාසය අවසන් වන විට ක්‍රමානුකූලව ඉවත් කිරීමට අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දන්වා සිටියි.

2025 දෙසැම්බර් අවසානය සඳහා නියමිතව තිබූ සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක (QPC) සහ දර්ශක ඉලක්ක (IT) සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.

නමුත් සයිබර් අපරාධයක් හේතුවෙන් විදේශීය ණය ගෙවීම් කිහිපයක් අතපසු වීම නිසා, බාහිර ගෙවීම් හිඟයන් ඇති නොකර ගැනීමේ අඛණ්ඩ කාර්යසාධන නිර්ණායකය පමණක් සුළු වශයෙන් පැහැර හැරීමට ලක් වූ බව රජය පිළිගෙන තිබේ. පෙබරවාරි අග වන විට ව්‍යුහාත්මක මිණුම්දඬු  22න් 16ක්ම සම්පූර්ණ කර ඇත.

මෙම සයිබර් ආරක්ෂණ ගැටලු විසඳීම සඳහා එළඹෙන ජූනි මස අවසන් වන විට සම්මත මෙහෙයුම් පටිපාටි ශක්තිමත් කිරීමටත්, අගෝස්තු මස අවසන් වන විට නව ණය කළමනාකරණ තොරතුරු පද්ධතියක්  ක්‍රියාත්මක කිරීමටත් රජය පියවර ගනිමින් සිටියි.

ශ්‍රී ලංකාවේ යහපත් කාර්යසාධනය සලකා බලා, EFF වැඩසටහනේ ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන කටයුතු සාර්ථකව නිමා කර, එස්.ඩී.ආර්. මිලියන 508ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 670කට ආසන්න) ණය වාරිකය ලබා ගැනීමට අනුමැතිය දෙන ලෙස රජය මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිමින් මෙම ලිපිය යොමු කර ඇත.

එමෙන්ම තාක්ෂණික දෝෂය මත සිදු වූ බාහිර ණය ප්‍රමාදයට අදාළව නිදහස් කිරීමේ බලපත්‍රයක්  ලබා දෙන ලෙසත්, 2026 දෙසැම්බර් සහ 2027 පෙබරවාරි දක්වා වන නව ව්‍යුහාත්මක මිණුම්දඬු සහ ඉලක්ක සඳහා අනුමැතිය ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා රජය වැඩිදුරටත් ඉල්ලා ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30219,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බලශක්ති සහනාධාර ඉවත් කරනවා.. ණය වාරික ඉල්ලමින් ජනපති අනුර යැවූ ලිපිය IMF ප‍්‍රසිද්ද කරයි...
බලශක්ති සහනාධාර ඉවත් කරනවා.. ණය වාරික ඉල්ලමින් ජනපති අනුර යැවූ ලිපිය IMF ප‍්‍රසිද්ද කරයි...
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoBxpKE0dvo-k2r8_cDQWfEc9mk4T7HRWY3DikiENet-P233v9md8LieWedO3GUErPFZg98HAaNQkXO8kD9ZMN9sLrUHCm9A_gDRxtWgnaudJzq5zX8xU24I4krzGGUxypk16u4LIRdyej8UC94GSi8lt_vuc5akdNeLe7wiaXduHv3LrS3L89NF3zuDoD/s320/dfdfdf.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoBxpKE0dvo-k2r8_cDQWfEc9mk4T7HRWY3DikiENet-P233v9md8LieWedO3GUErPFZg98HAaNQkXO8kD9ZMN9sLrUHCm9A_gDRxtWgnaudJzq5zX8xU24I4krzGGUxypk16u4LIRdyej8UC94GSi8lt_vuc5akdNeLe7wiaXduHv3LrS3L89NF3zuDoD/s72-c/dfdfdf.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/05/imf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/05/imf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy