Gossip Lanka Hot News අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන “ගණේමුල්ල සංජීව” හෙවත් සජීව කුම...
Gossip Lanka Hot News අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන “ගණේමුල්ල සංජීව” හෙවත් සජීව කුමාර සමරරත්න නැමැත්තා වෙඩි තබා ඝාතනය කළේය.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව වෙඩික්කරු සමග අධිකරණ භූමියට පැමිණ සිටියේය.
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා අධිකරණය වෙත පැමිණි වෙඩික්කරුට පිස්තෝලය සැඟවීමට ඉෂාර සෙව්වන්දිට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබාදුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන ඇත.
අද (28) කඩවත ප්‍රදේශයේදී අදාළ සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

COMMENTS