දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වැලිගම සභාපති ඝාතන සිද්ධියේ සැඟවුණු කතාව

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය රට තුළ මහත් කැලඹීමක් ඇති කළ අපරාධයක් බවට පත්ව තිබුණේය. ඒ මහජන ඡන්දයෙන් තේරී පත්වූ න...

Story of lasantha wickramasekara
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය රට තුළ මහත් කැලඹීමක් ඇති කළ අපරාධයක් බවට පත්ව තිබුණේය. ඒ මහජන ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයකුට පළාත් පාලන ආයතනයක නිල මැදිරියේදීම වෙඩි තබා ඝාතනය කරන තැනට රට පත්ව ඇති බවට විසල් සංවාදයක් ඇති කරමිනි. මෙම අපරාධය සිදුව තිබුණේ පසුගිය 22 වැනිදා මහජන දිනයේදී මහජන ගැටලු විමසන අවස්ථාවේදීය. ඒ ගැටලුවක් ඉදිරිපත් කිරීමට මෙන් පැමිණි පුද්ගලයකු කළ වෙඩි තැබීමකිනි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ගේ ඍජු අධීක්ෂණයෙන් කණ්ඩායම් හතරක් විවිධ පැතිකඩ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇත. මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයමිණි කුමාර, සහකාර පොලිස් අධිකාරී උදය කුමාර, වැලිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ඇතුළු නිලධාරින් විසින් මෙම අපරාධයට සම්බන්ධ මෙතෙක් විමර්ශන සිදුකර තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාවට ලිපි ගොනුවක් රැගෙන පැමිණි ඇඟිලි පහේම ප්ලාස්ටර් අලවා ගත් වෙඩික්කරුවකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරු ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ පිටත සිටි යතුරුපැදිකරු සමගින් පලාගොස් ඇත.

එම අපරාධකරුවන් පලාගිය ගමන් මගෙහි ආරක්ෂිත කැමරා ඔස්සේ වැලිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ඇතුළු නිලධාරින් විසින් පරීක්ෂා කර තිබුණි. එසේම පෞද්ගලික ඔත්තුකරුවන්ගේ තොරතුරු මතද දීර්ඝ ලෙස විමර්ශන සිදුකර තිබුණි. ඒ අනුව පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙය බූස්ස අධී ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සිටි මිදිගම රුවන් විසින් මෙහෙයවන ලද අපරාධයක් බවටයි. එසේම අක්මීමන හියාර ප්‍රදේශයේ පදිංචි තාරක නමැති සැකකරුවකු ගැනද තොරතුරු ලැබී තිබුණත් ඔහු පිළිබඳ තවත් සාක්කි සෙවීමට පොලිසිය මෙහිදී පියවර ගෙන තිබුණි.

අපරාධය සිදුකළ වෙඩික්කරු හා යතුරුපැදිකරු යතුරුපැදියෙන් පලා ගිය ආකාරය ද අනෙක් අපරාධ හා බැලීමේදී උපක්‍රමශීලි බව පොලිසිය පවසයි. මොවුන් පොලිසිය නොමග යැවීමේ අරමුණින් සැලසුම් සහගතව මේ ආකාරයෙන් පලාගොස් තිබෙන බවද පොලිසිය පවසයි.

මොවුන් කිලෝමීටරයක් පමණ දුර ගමන් කර යතුරුපැදි දෙකකට මාරු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. යතුරුපැදිකරු එම යතුරුපැදියේද වෙඩික්කරු වෙනත් යතුරුපැදියකට ද මාරු වී සාමාන්‍ය දුර පරතරයක් තබා ගනිමින් මාතරට පැමිණ, මාතරින් අකුරැස්සට ගමන් කර ඇත. අනතුරුව අකුරැස්සේ සිට යක්කලමුල්ල ප්‍රදේශයට පැමිණ එහි සිටද මඳ දුරක් ගමන් කර ඇති මෙම සැකකරුවන් එම යතුරුපැදි දෙකද මාරු කරගෙන ඇත. එම යතුරුපැදි දෙකෙහි අංක තහඩු ද මාරු කර ඇති බවත් ඒවා ව්‍යාජ අංක තහඩු බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ ආකාරයෙන් ගමන් කරමින් මොවුන් නැවතත් පැති දෙකකට ගමන් කර නැවතත් අතරමගදී යළි එකතු වී අක්මීමන ප්‍රදේශයට පැමිණ ඇත. මොවුන් පලා යාමේදී ආරක්ෂිත කැමරා දර්ශනවලට හසු නොවන මාර්ගයකින් අක්මීමන ප්‍රදේශයට පැමිණ ඇති බවද හෙළි වී ඇත.

කෙසේ වෙතත් මොවුන්ට පලා යෑම සඳහා තවත් යතුරුපැදියක් මග නවතා ගිය සැකකරු ද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත ඊයේ බාර වී තිබිණි.

කෙසේ වෙතත් පෙර ලැබූ තොරතුරු අනුව මෙම ඝාතනයට අක්මීමන හියාරේ ප්‍රදේශයේ පදිංචි තාරක නමැත්තාගේත් මෙම සැකකරුවන්ගේත් සම්බන්ධයක් ඇති බවට අනාවරණය වී ඇත.

මේ අනුව පොලිසිය අක්මීමන හියාරේ ප්‍රාදේශයේ පිහිටි තාරක නමැත්තාගේ නිවසට ගියද ඔහු බිරිඳ හා තවත් පුද්ගලයකු සමගින් පලාගොස් තිබෙන බවට හෙළිවී ඇත. ඒ පසුගිය 23 වැනිදා දහවල්ය.

විමර්ශනවලට අනුව ප්‍රධාන සැකකරු වන තාරක හා ඔහුගේ බිරිඳ සමගින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ ලහිරු නමැති සැකකරු ද පලාගොස් තිබෙන බවට පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් හා ආරක්ෂිත කැමරා දර්ශනවලට අනුව තවත් පුද්ගලයකු ගැනද වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරු අනාවරණය කරගැනීමට හැකිව ඇත. ඔහු අක්මීමන හියාරේ ප්‍රදේශයේම පදිංචි ත්‍රිරෝද රථ රියැදුරෙකි.

මේ අනුව මෙම ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක්ම අනාවරණය වී ඇත.

මෙම ත්‍රිරෝද රථ හිමියා මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිිටින තාරක නමැත්තාගේ කුලී ගමන් නිරන්තරයෙන්ම යන අයකු බවත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය වීමට පෙර දින එනම් පසුගිය 21 වැනිදා තාරක නමැත්තා, ඔහුගේ බිරිඳ හා තවත් පුද්ගලයකු සමගින් ගාල්ල නගරයට ගිය බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එම සැකකරු පවසා ඇත.

මොවුන් ගාල්ල නගරයෙන් සුදු පැහැ අත්දිග කමිස, සපත්තු, හෙල්මට්, වයිසර් ආදිය මිලදී ගෙන ඇති බවද එදින සවස ගාල්ල නගරයේ වෙළෙඳසලකින් ජංගම දුරකථනයක් මිලදී ගෙන ඇති බවත් අනාවරණය වී ඇත. ‍ එම ජංගම දුරකථනයට වෙනම සිම් පතක් ද ලබාගෙන වට්ස් ඇප් ගිණුම් සක්‍රීය කරගෙන ඇති බවද එය මෙම අපරාධයට භාවිත කිරීම සදහා මිලදී ගෙන ඇතැයි තහවුරු වන බවද පොලිසිය කියා සිටියි.

සැකකාර ත්‍රීරෝද රථ රියැදුරුගෙන් තවත් වැදගත්ම කරුණක් අනාවරණය වී ඇත. මෙම අපරාධය සිදුවූ දින උදෑසන ප්‍රධාන සැකකරු වන නුවන් තාරක නමැත්තා තමන් සමගින් හියාර ප්‍රදේශයෙන් සැලකිය යුතු දුරින් පිහිටි පාලු ස්ථානයකට තමන් සමග ගමන් කළ බවත් එම අවස්ථාවේදී ඔහු කලු පැහැ ටීෂර්ටයක් සහ කොට කලිසමක් පැලඳ සිටි බවත් ඔහු අතැතිව කලු පැහැ හෙල්මටයක්, බෑගයක් තිබූ බවත් පවසා ඇත. පසුව ප්‍රධාන සැකකරු තම මිතුරකු පැමිණෙන බව කියා එම ස්ථානයෙන් බැස ඇති බවත් පසුව ත්‍රිරෝද රථය පිටත් කර හැර ඇති බවත් ත්‍රිරෝද රථ රියැදුරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් පවසා ඇත.

ඊට පසුදින ද එනම් 23 වැනිදා ද තමන්ට දුරකථන ඇමතුමක් දුන් බවත් මේ අනුව තාරක නමැත්තාගේ නිවසට ගිය බවත් පසුව තාරක සමගින් අක්මීමන අඟුළුගහ ප්‍රදේශයට ගොස් පාලු ස්ථානයක ත්‍රිරෝද රථය නවත්වාගෙන සිටි බවත් එම ස්ථානයට තවත් ත්‍රිරෝද රථයක් පැමිණ එහි පැමිණි පුද්ගලයකු විසින් කළු පැහැ බෑගයක් ලබාදී ගිය බවත් ත්‍රිරෝද රථ රියැදුරුගේ ප්‍රකාශ මගින් හෙළිවී ඇත.

මෙම කුලී ගමන් වෙනුවෙන් ත්‍රිරෝද රථ රියැදුරුට රුපියල් 15 000 ක කුලියක් ලැබීමට තිබුණත් තාරක නමැත්තා විසින් පන්දහසේ කොල හතරකින් රුපියල් 20000 ලබාදී ඇති බව හෙළි වී ඇත.

එම බෑගයේ තිබී ඇත්තේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා පොරොන්දු වූ මුදල් බවට සැකකරන බව වැලිගම පොලිසිය පවසයි. එම මුදල් ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් පාර්ශ්වය විසින් ලබාදී ඇති බවත් ත්‍රිරෝද රථයේ කුලිය ගෙවා ඇත්තේ එම මුදල්වලින් බවට සැකකරන බවත් පොලිසිය පවසයි.

මෙම අපරාධයෙන් පසුව පලාගොස් සිටින තාරක, ඔහුගේ බිරිඳ හා ලහිරු යන සැකකරුවන් සොයා පොලිසිය පුළුල්ව විමර්ශන සිදුකළ අතර ඒ අනුව මොවුන් අම්බලන්තොට උඩබැරගම ප්‍රදේශයේ ඥාති නිවසක සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව වැලිගම පොලිසිය එම ස්ථානයද පෙරේදා (25 වැනිදා) වැටලීමට ලක්කළද ඔවුන් එම නිවසෙන්ද පලාගොස් ඇත.

මොවුන් මෙම නිවසට 23 වැනිදා රාත්‍රියේ පැමිණ ඇතැයි ද 24 වැනිදා රාත්‍රියේ හෝ 25 වැනිදා අලුයම් කාලයේදි යතුරුපැදි දෙකකින් එම නිවසෙන්ද පලාගොස් ඇතැයිද හෙළිවී ඇත.

මොවුන් සැඟව සිටි මෙම නිවස තුළ ප්‍රධාන සැකකරු වන තාරක නමැත්තාගේ බිරිඳගේ දෙමාපියන් සිට ඇති අතර ප්‍රධාන සැකකරු හා බිරිඳ මෙම නිවසේ සිට අම්බලන්තොට නගරයට පැමිණ නගරයේ වෙළෙඳසලකින් රුපියල් විසි හතර දහස් හාරසියයක මුදලකට භාණ්ඩ මිලදී ගෙන බිරිඳගේ මවට ලබාදී ඇතැයි අනාවරණය වී ඇත.

සැකකරු මුදල් ගෙවීමේදී රුපියල් පන්දහසේ මුදල් මිටියක් අතට ගෙන ඉන් රුපියල් පන්දහසේ නෝට්ටු හතරක් වෙළෙඳසල් හිමියාට ලබාදී ඇති බවද අනාවරණය වී ඇත.

මොවුන් මෙම නිවසේ සිට මහියංගනය රිදීමාලියද්ද ප්‍රදේශයේ ස්ථානයකට පැනගොස් ඇති අතර ඔවුන්ව ඉන් එහා සෙවීමට පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඉල්ලා තිබිණි. ඒ එම ප්‍රදේශය දුෂ්කර වීම මත තාක්ෂණික සහාය පොලිසියේ මට්ටමින් ලබාගත නොහැකි පසුබිමකය. එසේම පොලිස් විශේෂ කාර්යංශයේ හා රාජ්‍ය බුද්ධි සේවාවේ තාක්ෂණික සහායද පොලිසිය විසින් ඉල්ලා ඇත.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු අනාවරණය වී ඇත්තේ පොලිසිය සොයමින් සිටින සැකකරුවන් කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ සැඟව සිටින බවටය. මේ අනුව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයේ අත්හැර දමා ඇති නිවසක් සහිත ඉඩමක් යුද හමුදාවේද සහාය ඇතිව වැටලීමට ලක්කර ඇත. එහි සැකකාරියක් හා තවත් පිරිසක් සිට ඇත.

මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් කිහිප දෙනකු පොලිසිය හා පොරබැදීමක් ඇතිකරගෙන තිබෙන අතර එහිදී පොලිස් නිලධාරියකුද තුවාල ලබා තිබේ. කෙසේ නමුත් එහි සිටි සැකකරුවන් දෙදෙනකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. එක් සැකකරුවකු පොරබැදීම අතරතුර පැනගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන නුවන් තාරක නමැත්තාගේ බිරිඳ, එම අපරාධයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ ලහිරු නමැත්තා සහ මොවුන්ට කැකිරාව ප්‍රදේශයේ සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකි.

එහිදී පැනගොස් තිබුනේ අපරාධයේ වෙඩික්කරු ලෙස හඳුනාගෙන සිටිින නුවන් තාරක නමැති පුද්ගලයාය.

මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 12 ක මුදලක්, අපරාධය සඳහා භාවිත කළ යතුරුපැදි දෙකෙන් එක් යතුරුපැදියක් මෙන්ම හෙරොයින් අයිස් හා මත්ද්‍රව්‍ය භාවිතයට යොදාගන්න උපකරණ කිහිපයක්ද සොයාගෙන ඇත.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී පලාගිය අපරාධයේ වෙඩික්කරු බව කියන නුවන් තාරක නමැත්තා ඊයේ රාත්‍රියේ මහරගම ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ඇත.

ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයට අදාළව මේ වනවිට සැකකාරියක් ඇතුළු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ගේ උපදෙස් මත මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි, සහකාර පොලිස් අධිකාරි උදයකුමාර යන නිලධාරීන්ගේ උපදෙස් මත වැලිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි, උප පොලිස් පරීක්ෂක සිල්වා, පොලිස් සැරයන්වරුන් වන සම්පත් (75363), චතුරංග (40603), පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රනාන්දු (97648), සූරියාරච්චි (99147), දර්ශන (96510), මංගල (54334), ලක්සර (105978), පසිඳු (29264), අරුණ (27601), මධුමල්ක (99370) හා පොලිස් කොස්තාපල් රියැදුරු සංජීව(15401) යන නිලධාරීහු මෙම අපරාධයේ විමර්ශන සිදුකර තිබිණි.

එෆ්.අස්ලම් / ජයසිරි පේදුරුආරච්චි - මාතර
-aruna

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29747,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැලිගම සභාපති ඝාතන සිද්ධියේ සැඟවුණු කතාව
වැලිගම සභාපති ඝාතන සිද්ධියේ සැඟවුණු කතාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQFtukl8SRMOljHKldxvs7_hNf-xybfIZJ5qyjuAHWhdT4yOSBQD1ld6igDN2-sHjfKycucZirGDTJ6uD6xNcGJePGQC6VbXwKsVPltcznQn15poCrhfn6Yt8erl2YJiWAXqX2uroBh3WNhqPNqWVM_e73wgls8ghboAa_fUkFw1MUziiMA8kFGtM2NfgZ/w320-h180/aru.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQFtukl8SRMOljHKldxvs7_hNf-xybfIZJ5qyjuAHWhdT4yOSBQD1ld6igDN2-sHjfKycucZirGDTJ6uD6xNcGJePGQC6VbXwKsVPltcznQn15poCrhfn6Yt8erl2YJiWAXqX2uroBh3WNhqPNqWVM_e73wgls8ghboAa_fUkFw1MUziiMA8kFGtM2NfgZ/s72-w320-c-h180/aru.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/10/blog-post_81.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/10/blog-post_81.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy