වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර 2025.09.06 දා තමන්ට මරණ තර්ජන ඇති බැවින් ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක...
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර 2025.09.06 දා තමන්ට මරණ තර්ජන ඇති බැවින් ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවත්, එම ලිපියට අදාලව සුදුසු පියවර ගැනීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට 2025.09.12 වැනි දින පොලිස්පතිවරයා විසින් යොමු කර ඇති බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම ලිපිය මාතර හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාතර හම්බන්තොට දිසාව හරහා මූලස්ථාන පොලිස් පරීක්ෂක වැලිගම හා ස්ථානාධිපති මිදිගම වෙත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කර ඇතැය ද එම නිවේදනයේ සඳහන් වේ. මේ දැක්වෙන්නේ එම නිවේදනය ය.
එහෙත් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී විපක්ෂය විසින් ප්‍රශ්න කරන විට පොලිිසිය භාර අමාත්‍යවරයා කීවේ රජයේ අපරාධ චෝදනාගාරයේ ලියාපදිංචි, අයි.ආර්.සී අපරාධකරුවෙකුට ආරක්ෂාව සැපයීමට වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ පොලිසියට බලතල නොමැති බවය.
ප්‍රශ්නය වන්නේ පුද්ගලිකව වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කළේ ඔහුගේ පුද්ගලික නිවසේ දී හෝ මහ මගදී නොව, රාජ්‍ය ආයතනයක් තුළ ජනතා නියෝජිතයෙක් ලෙස සිය කාර්යාලයේ රාජකාරි කරමින් සිටිය දී වීමය.
ප්‍රශ්නය ඇත්තේ තමන්ට ඇති මරණ තර්ජනය පිළිබඳව ජනතා නියෝජිතයෙක් දැනුම් දීමෙන් අනතුරුව ඔහු සේවය කරන රාජ්‍ය ආයතනයේ ගේට්ටුව ලඟට පොලිසියේ උන් දෙන්නෙක් යොමු කිරීමට නොහැකි වීමය.
ඇමතිවරයාගේ තර්කය අනුව හරක් කටාට පොලිස් හමුදා ආරක්ෂාව ලබා දීම නීත විරෝධීය. දෙමටගොඩ චමින්දට ආරක්ෂාව ලබා දිමත් නීති විරෝධීය. උන්ට ආරක්ෂාව ලබා දෙන්නේ උන් රාජ්‍ය භාරයේ සිටින නිසා නම් මරණ තර්ජනයක් සහිත ජනතා නියෝජිතයෙකු රාජ්‍ය ආයතනයක් තුළ වෙඩි තබා ඝාතනය කිරීම වළක්වා ගැනීමට පොලිසියේ දෙන්නෙක් ආයතනයේ ගේට්ටුව වෙත යොමු කිරීමට ආරක්ෂක ප්‍රධානින්ට නොහැකි වන්නේ කුමක් නිසාදැයි විමසිය යුුතුව තිබේ.
පහුගිය වකවානුව තුළම අප දුටුවේ පොලිසිය දුන් දිරා ගිය ලනු පොලිස් ඇමති උදේ හවස කන බවය. ඒ අනුව පාර්ලිමේන්තුවේ කතා කියා උදේ හවස නෝන්ඩි වන බවත්ය. ඇමතිගේ අයි.ආර්.සී කතාවත් එසේය. දැන් පොලිස්පති කියන කතාවෙන් ඇමති චක බ්ලාස්ට් වී ඇත්තේය.
අප කියන්නේ දැන්වත් පොලිස් පතිත්, පොලිස් ඇමතිත් කියන දෙයක් එක කතාවක සිට රටට කිව යුතු බවය. එසේ නොමැති නම් මේ ආණ්ඩුවත් පොලිස් ඇමතිත් එකට තබා කෙලවා ගන්නේ පොලිසියෙනි.
මෙය මිදිගම ලසා ගැන කතාවක් නොවේ. මිදිගම ලසා තුට්ටු දෙකේ පාදඩ අපරාධකාරයෙක් බව රටම දන්නේය. ඔහුගේ අතීති පැවැත්ම ඔහුගේ අනාගතය තීරණය කරන්නට නියමිතව තිබුණු බවත් රටට අරුමයක් නොවේ.
ප්‍රශ්නය වන්නේ මරා දමන්නේ මිදිගම ලසා නොවීමය. මරා දැම්මේ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිය. අනෙක් කාරණාව වන්නේ ඔහුව මරා දමන්නේ මහජන දිනය දා ප්‍රදේශීය සභා ගොඩනැගිල්ල තුළ සභාපතිවරයාගේ කාමරය තුළ වීමය.
කටඋත්තර නැති වෙන්න කෙළවුන විට කතා කරන්නට දෙයක් නැතිනම් හොඳම දේ කට වසාගෙන සිටීමය. එසේ නොවුන විට මිනිස්සුන්ට සිදුවන දේ පොලිස් ඇමති ආනන්ද විජේපාල රටට පෙන්වා ඇත.
-ඉඳුනිල් කහටපිටිය

COMMENTS