දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කොළඹ වරායට ගුවන් තොටුපොළක්.

කොළඹ වරායට අනුබද්ධව ගුවන් තොටුපොළක් ඉදිකිරීමට රජයට යෝජනා කර ඇතැයි බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. ඉදිර...


කොළඹ වරායට අනුබද්ධව ගුවන් තොටුපොළක් ඉදිකිරීමට රජයට යෝජනා කර ඇතැයි බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඉදිරි වසර 10 තුළදී එය ඉදිකළහොත් කටුනායක ගුවන් තොටුපොළට නොගොස් කොළඹින්ම ගුවන්ගතවීමේ අවස්ථාව ලැබෙන බවද ඔහු පවසා සිටියේය.

කොළඹ කසළ කළමනාකරණයට දහසක බළකායක් ඇති කිරීම සඳහා කොළඹ නව නගර ශාලාවේ පැවැති හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

“ලබන වසරේ ජූනි මාසයේ දී කොළඹ ඉදිවන මූල්‍ය නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවා. මෙහිදී ප‍්‍රධාන වශයෙන් ලෝකයේම තිබෙන බැංකු එම ස්ථානයට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ දකුණු වරායට අමතරව නැගෙනහිර හා බටහිර වරාය ඊළඟ අවුරුදු 5 තුළදී ගොඩනැගෙනවා. එයත් සමග නව ජවයක් කොළඹ වරායට ලැබෙනවා.

කොළඹ වරාය මේ කලාපයේ ශක්තිමත්ම වරාය බවට ඉදිරිකාලයේ  දී අපි පරිවර්තනය කරනවා. එසේම අපි රජයට යෝජනා කර තිබෙනවා වරායට අනුබද්ධිතව ගුවන්තොටුපොළක් ඉදිකිරීමටත්. එමගින් කටුනායකට නොගොස් කොටුවෙන්ම ගුවන්ගත වීමට හැකියාව ලැබෙනවා. ඉදිරි වසර 10  තුළ එම යෝජනාව කි‍්‍රයාත්මක කළහොත්. මෙම ආයෝජකයන් කොළඹට එන්නේ නගරය ලස්සනව පිරිසුදුව විධිමත් නගරයක් ලෙස තිබුණොත් පමණයි.

එසේම අලුත් පිම්මක් ගැනීමට නම් නගරයේ දූ දරුවන්ට නිසි අධ්‍යාපනය ලබාදිය යුතුයි. විශ්වවිද්‍යලවලට, වෛද්‍ය පීඨයට, ඉංජිනේරු පීඨයට වගේම කොළඹ නගරයේ ප‍්‍රධාන පාසල්වලට නගරයේ දරුවන් යොමු කළ යුතුයි. ඒවායේ බොහෝමයක් අධ්‍යාපනය ලබන්නේ කොළඹින් පිට දරුවන්. එම ස්ථාන කොළඹ අපේ දරුවන්ගේ ස්ථාන බවට පත් කරගන්න සූදානම් විය යුතුයි ඊළඟ යුගයට කොළඹ රැගෙන යාමට.”

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ වරායට ගුවන් තොටුපොළක්.
කොළඹ වරායට ගුවන් තොටුපොළක්.
http://ift.tt/2tCT4Aw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_711.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_711.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy