නිසි පරිදි වත්කම් සහ බැරකම් ප්‍රකාශ දී නොමැති අධිකරණ විනිසුරුවරුන්ට සහ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන බව අල්ලස් කොමිසම අධිකරණ සේවා කොමිෂන් සභා...
නිසි පරිදි වත්කම් සහ බැරකම් ප්‍රකාශ දී නොමැති අධිකරණ විනිසුරුවරුන්ට සහ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන බව අල්ලස් කොමිසම අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක විසින් ඒ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව පැවසේ.
2025 වර්ෂයට අදාළව වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිත දිනය 2025 ජුනි 30 වැනි දින දක්වාද, දඩ මුදල් අය කරන කාලය 2025 ජූලි 01 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා පැවැති බවත්, ඒ අනුව 2025 සැප්තැම්බර් 01 වැනිදා තෙක් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන තැනැත්තන් සම්බන්ධයෙන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 90 (5) වගන්තිය ප්‍රකාරව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා අමතමින් යවා තිබෙන ලිපියේ සඳහන් බව වාර්තා වේ.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් යවා තිබෙන අදාළ ලිපිය පිළිබඳව අවධානයට ලක් කරන ලෙස සියලුම මහාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් සහ කම්කරු විනිශ්චයකාර සභාපතිවරුන් වෙත අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් දැනුම් දී ඇති බවද පැවසේ.

COMMENTS