පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට පාතාල සබඳතා ඇතැයි ප්‍රකාශ කළ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවා ප්‍රශ්න...
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට පාතාල සබඳතා ඇතැයි ප්‍රකාශ කළ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. ඔහු මේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකට ද දැනුම් දී තිබේ. මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට වහාම පක්ෂ නායක හමුවක් කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින ලෙස ද ඔහු පවසා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ ආකාරයට පදනම් විරහිතව චෝදනා නැගීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ, සිය පක්ෂය බලවත් විරෝධය පළ කරන බව ද සඳහන් කර තිබේ.
පොලිස්පතිවරයා මේ ආකාරයට මහජන නියෝජිතයින්ට ප්‍රසිද්ධියේ අභූත චෝදනා නැගීමෙන් වැරදි පූර්වාදර්ශයක් සපයා ඇති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

COMMENTS