කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් සමග තමන් සම්බන්ධතා පැවැත්වූවේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු දැඩිව ප්‍රතික්ෂේප කරන බව රංගන...
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් සමග තමන් සම්බන්ධතා පැවැත්වූවේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු දැඩිව ප්‍රතික්ෂේප කරන බව රංගන ශිල්පීනි හෙෂානි ලියදිපිටිය පවසයි. ඊයේ (27 වැනිදා) සිය මුහුණ පොත හරහා ප්‍රකාශයක් සිදුකරමින් ඇය මේ පිළිබඳ පවසා ඇත. ඇය එහිදී ප්‍රකාශ කර සිටියේ තමන් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් මෙය තමන්ට සිදුකළ බරපතළ අපහාසාත්මක චෝදනාවක් බවත්ය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හෙෂානි ලියදිපිටිය මෙසේ ද පවසා සිටියාය.
‘‘මම සෝෂල් මීඩියාවල මා ගැන යන නෙගටිව් දේවල් පිටිපස්සේ පන්නන කෙනෙක් නෙවෙයි. මම මේ පෝස්ට් එක දැක්කාට ඒ පස්සේ එච්චර එළවන්න ගියේ නෑ. මට ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙන නිසා. මට තේරුණා මේ ගැන වැඩිපුර ලංකාවේ කතා වෙනවා වගේ දෙයක්. මගේ වටපිට කතා වෙන පිරිස කිව්වා හොයලා බැලුවොත් හොඳයි කියලා. මම දන්නේ නැහැ පෝස්ට් එක කවුරුද නිර්මාණය කළේ කියලා. හැබැයි මේ සඳහා මගේ නම භාවිත කිරීම මම දන්නෑ මොන දෙයක් නිසා කළාද කියලා. කිසිම සත්‍යතාවක් නැති දෙයකට මගේ නම භාවිත කිරීම ගැන මට ලොකු කනගාටුවක් තියෙනවා. ලොකු දුකක් තියෙනවා. මට මගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ මං සම්බන්ධව අසත්‍ය දෙයක් සමාජ මාධ්‍ය හරහා මගේ ප්‍රේක්ෂකයන්ට හෝ දන්න පිරිසට හෝ පැතිරෙන එකට නීතිමය පියවර ගැනීම පමණයි. ඒ මාර්ගය තෝරාගත්තා. නීතිමය පියවරක් ලබා ගැනීමට සිද්ධ වුණා.
සමාජ මාධ්‍යවල ඉන්න පිරිස වගේම මට මැසේජ් කළා ඒ දේවල් එච්චර ගණන් ගන්න එපා, සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දේවල් කියන එක. මට කියන්න තියෙන්නේ අපි හරියට තොරතුරක් දන්නෙ නැත්නම් මේ වගේ ලොකු චෝදනාවල් විශේෂයෙන්ම, ගැහැනු ළමයින්ට කරන්න එපා. මොකද අපි දන්නේ නැහැ හරි වැරැද්ද මොකක්ද කියලා. සමහරවිට නිවැරැදි කෙනෙක්ට කරන එක නීතිමය වශයෙන් හොඳත් නෑ. මනුස්සකමින් හොඳත් නෑ. මේ වගේ දේවල් ප්‍රවෘත්තිවලින් ඇහෙනකොට තව කෙනෙක් මේ විදියට කරන්න පුළුවන්. තවත් නම් මේකට සම්බන්ධ කරන්න පුළුවන්. අපි දන්නෙ නැහැ අපිට හම්බවෙන මිනිස්සු අපි හොයන්න බලන්න යන්නෙ නෑ. සමහරවිට ඒක වරදක්. මට කාරුණිකව කියන්න තියෙන්නේ තමන් නොදන්න කිසිම තොරතුරක් තවත් කෙනෙකුට කියන්නවත්, ෂෙයාර් කරගන්නවත් යන්න එපා. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් එහෙම කරන්න එපා. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මම ලංකාවේ ජීවත් වෙන කෙනෙකුත් නෙවෙයි. විවාහයෙන් පස්සේ වෙන රටකට ගියා.’’
-අශිකා ජයවීර

COMMENTS