අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී, ප්‍රකට රංගන ශිල්පිනියන්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී, ප්‍රකට රංගන ශිල්පිනියන් පස්දෙනෙකු සහ ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ දිනූ නිරූපණ ශිල්පිනියක සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව, ඔවුන් හයදෙනා පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම කාන්තාවන් හයදෙනා කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
මෑතකදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ, වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමෙන් පසු, ඔහු සතු ජංගම දුරකථන ද CID භාරයට ගෙන පරීක්ෂාවට ලක් කෙරිණි.
එම දුරකථනයේ තිබී, එක් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් ඇගේ පෙම්වතා සමඟ සිටින අසභ්‍ය වීඩියෝවක් හමුවූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම, අනෙක් රංගන ශිල්පිනියන් පස්දෙනාගේ සහ ‘මිස් ශ්‍රී ලංකා’ නිරූපණ ශිල්පිනියකගේ ඡායාරූපද ජංගම දුරකථනයේ තිබී සොයාගෙන ඇත. එම ඡායාරූපවලින් බොහොමයක්, කෙහෙල්බද්දර පද්මේ සමඟ විදේශ රටවලදී ගත් ඒවා බවද වාර්තා වේ.
-lankacnews

COMMENTS