දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාතික ආරක්‍ෂාවට තර්ජන දෙකක්… උතුර නැගෙනහිර සන්නද්ද කණ්ඩායම් - ජනපති
Homeප්‍රවෘත්ති

ජාතික ආරක්‍ෂාවට තර්ජන දෙකක්… උතුර නැගෙනහිර සන්නද්ද කණ්ඩායම් - ජනපති

PropellerAds

‘සුපර් මුස්ලිම්’ යනුවෙන් හැඳින්වන සංවිධානයක් කල්මුණේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවත්, බුද්ධි අංශ මෙන්ම රජයේ ද අවධානය ඊට යොමුව ඇති බවට මාධ්‍ය...

ඇමැති කියපු බොරුව ජාගොඩ ඔප්පු කරයි: සිංහරාජේ ඉඩමේ ඔප්පුව හොර එකක්!!! (VIDEO)
රවී කරුණානායක අත්අඩංගුවට ගත්තේ පළාත් සභා මැතිවරණයටද..
අනුර දිසානායකගෙන් පොලිස් ප‍්‍රශ්ණ කිරීම් සූදානම්..
‘සුපර් මුස්ලිම්’ යනුවෙන් හැඳින්වන සංවිධානයක් කල්මුණේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවත්, බුද්ධි අංශ මෙන්ම රජයේ ද අවධානය ඊට යොමුව ඇති බවට මාධ්‍ය විසින් වාර්තා කර තිබු අතර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළකෙරුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ද ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදය පැවති දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාකරී විය හැකි ස්ථාන දෙකක් හඳුනා ගෙන ඇති බවයි.

2019 වසරේදී සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව විවිධ සංවිධානවල ක්‍රියාකාරකම් ගැන මෙරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබද තර්ජනයක් මතු විය හැකි ආකාර දෙකක් හඳුනා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක (පෙබරවාරි 28) ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ පිළිතුරු කතාව සිදුකරමින් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කය සහ උතුරේ සන්නද්ධ කණ්ඩායම් පිළිබඳව හඳුනා ගෙන ඇති බවත්, ඒ පසුපස යම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් පවතින බවයි.

”ඉතිහාසය දෙස බැලුවොත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ එක් අවස්ථාවක් වන්නේ ජාතිවාදය සහ අන්තවාදය. දීර්ඝකාලීන යුද්ධයේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබුණා නම් එහි පතුලේ තිබුණෙත් ජාතිවාදය සහ අන්තවාදයයි.”

”පාස්කු ප්‍රහාරය අපේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් කළා නම් ඒකේ පතුලේ තිබුණෙත් ජාතිවාදය සහ අන්තවාදය. ඒ නිසා ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් විය හැකි ක්ෂේත්‍රයක් වන්නේ ජාතිවාදය සහ අන්තවාදය.”

”අපි යළි අපේ රට තුළ ජාතිවාදයට, අන්තවාදය කිසිසේත්ම හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ ස්ථාවරත්වයේ අපි සිටිනවා. නමුත් සංවිධානාත්මක අපරාධ සහ අන්තවාදී ප්‍රවණතා සඳහා නීතිමය රාමුවක් අවශ්‍ය වෙනවා.”

”එසේ නොමැතිව සංවිධානාත්මක අපරාධ කල්ලිවලට නිදැල්ලේ වර්ධනය වීමට ඉඩ දෙන, සාමාන්‍ය නීතිය උපයෝගි කරගත හැකි සාමාන්‍ය තත්ත්වයකදී සංවිධානාත්මක අපරාධ කල්ලි හැසිරෙනවා නම් එය සාමාන්‍ය නීතිය අභිබවා යන අලුත් තත්වයක්, අලුත් නීතියක් අවශ්‍යයි.”

”මෙවැනි සන්නද්ධ සක්‍රීයතාවයකට එන්න පුළුවන් තැන් දෙකක් අපි හඳුනාගෙන තියෙනවා. එකක් මඩකළපුව. මෙවැනි තත්ත්වයකට පත්විය හැකි තැනක්. තවත් තැනක් උතුර. ඇයි.. සමහර අය විසින් තමන්ට මෙහෙවිය හැකි සන්නද්ධ කණ්ඩායම් ගොඩනගලා තියෙනවා. මඩකලපුවේ එහෙම සංවිධානයක් තියෙනවා, යාපනයේ කුඩා කල්ලි තියෙනවා ඒවා මෙහෙයවිය හැකි. අපි හිතනවා මේවා එකවර සක්‍රීය භාවයට ගෙන ඒම ගැන යම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් තියෙනවා.’ ජනාධිපතිවරයා එහිදී පැවසුවේය.

ජනාධිපතිවරයා කියා සිටියේ නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කය සහ උතුරේ සන්නද්ධ කණ්ඩායම් පිළිබඳව හඳුනා ගෙන ඇති බවය.

ජනාධිපතිවරයා කියා සිටියේ නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කය සහ උතුරේ සන්නද්ධ කණ්ඩායම් පිළිබඳව හඳුනා ගෙන ඇති බවය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ කල්මුණේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ‘සුපර් මුස්ලිම්’ යනුවෙන් හඳුන්වන සංවිධානයක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාවගෙන් ලද තොරතුරු අනුව අවධානය යොමු කර ඇති බව ය.

”මේ සුපර් මුස්ලිම් කියලා සංවිධානයක් ගැනයි මේ කියන්නේ. ළමයින්ට ඉස්කෝලේ යන්න ඕන නැහැ, ඉගෙන ගන්න ඕන නැහැ වගේ දේවල් කියනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. සමහර ඉගැන්වීම් තියෙනවානේ සම්ප්‍රාදායික මුස්ලිම් පල්ලිවල කරන ඉගැන්වීම් වලට පටහැනිව කරන දේවල්.”

”පොලිසියෙන් තමයි කිව්වේ පල්ලියක ළමයි ගෙනල්ලා ඉස්ලාම් ආගමට පටහැනි දේවල් උගන්වනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා කියලා. මේ හැම දෙයක් ගැනම අවධානය යොමු කරන්න කියලා අපි උපදෙස් දීලා තියෙනවා. 2019දී පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංවිධාන තහනම් කරලා තියෙනවා.” අමාත්‍යවරයා පැවසූවේය.

පසුගිය සතියේදී දේශීය මාධ්‍ය වාර්තා කොට තිබුණේ කල්මුණේ ප්‍රදේශයේ වෙසෙන ”වෛද්‍ය රායිස්” නමැති පුද්ගලයෙකු පිළිබඳ ආරක්ෂක අංශ අවධානයෙන් පසුවන බව‍යි.

ඒ අනුව බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමේදී කල්මුණේ ප්‍රදේශයේ වෙසෙන ”වෛද්‍ය රායිස්” නමැති පුද්ගලයා සම්බන්ධ කර ගත හැකි වූ අතර ඔහු පළ කළේ මෙවන් අදහසකි.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි කල්මුණේ ප්‍රදේශයේ මුලික රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන අදාළ 51 හැවිරිදි කලෙන්තර් ලෙබ්බේ මොහොමඩ් රායිස් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ 2019 වසරේ සිට තමන්ව අවස්ථා 100 කට අධික වතාවක් බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කරනු ලැබූ බවත් තමන් කිසියම් හෝ වැරැද්දක් සිදුකර ඇත්නම් ඕනෑම අවස්ථාවක දී ආරක්ෂක අංශ වලට අත්අඩංගුවට ගැනීමට හැකි බවයි.

”මාව CID, TID, SIS විතරක් නෙමේ හමුදා බුද්ධි අංශ වලින් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ 100 පාරකට වඩා ප්‍රශ්න කරලා තියෙනවා. දැනුත් මාව බුද්ධි අංශ වලින් එයාලගේ අධීක්ෂණය යටතේ තියාගෙන ඉන්නේ. මම වැරැද්දක් කරලා තියෙනවනම් මාව අත්අඩංගුවට ගන්න ඕනෑම වෙලාවක පුළුවන්.”

”මම තබ්ලිත් ජමාද් කියන සංවිධානය එක්ක කලින් හිටියා. නමුත් ඒ අය ඉස්ලාම් ආගමේ ඉගැන්වීමට වැරදි දේ කරන්නේ. මම කියන්නේ ඉස්ලාම් ආගමට අනුව අපි දෙවියන්ගෙන් ඉල්ලා ජීවත් වෙන්න ඕන. ඒ ලැබෙන දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න ඕන. නමුත් අද වෙන්නේ හැමදේම රජයෙන් ඉල්ලන්න එහෙම නැත්නම් ඩිමාන්ඩ් කරලා ඒ දේවල් කර ගන්න හදන්නේ. මේ දේ නිසා තව්හිද් ජමාත් සංවිධානයෙන් මාව අයින් කළා 2018-19 වගේ කාලයේදී.”

”මේ අය මාත් එක්ක තියෙන තරහට මම ගැන වැරදි තොරතුරු පතුරුවලා තියෙනවා. මට කිසිම සංවිධානයක් නැහැ. අඩුම තරමින් මට කවුරුවත් සල්ලි දෙන්නේ නැහැ. මම වෛද්‍යවරයෙකු වෙලත් පුද්ගලිකව රෝගීන් පරික්ෂා කරන්නේ නැහැ.”

”මම අවුරුදු 20 කට වැඩිය කාලයක් වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා. මම ඉගෙන ගත්ත කල්මුණේ වෙස්ලි මිශ්‍ර පාසැලේ. ඒකෙ දෙමළ, මුස්ලිම්, බර්ගර් වගේ අය පවා ඉගෙන ගත්තා. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉගෙන ගත්තේ. මට කවදාවත් සිංහල හෝ වෙනත් ජාතියක කෙනෙක් වැරැද්දක් කරලා නැහැ. මම අදින විදිහ අනිත් මුස්ලිම් අයට වඩා වෙනස්. මම අදින්නේ ඉස්ලාම් ආගමේ කියලා තියෙන විදිහට.” ඔහු කියා සිටියේය.

නැගෙනහිර පළාතේ කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති සංවිධානයක් පිළිබඳව තොරතුරු මේ වන විට ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඉකුත් මාර්තු මස 04 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරමින් සිටින බවයි.

එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එවැනි කණ්ඩායමක් පිළිබඳව තොරතුරු ලැබීමක් පමණයි තියෙන්නේ. ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කර ගනිමින් පවතිනවා. ජනාධිපතිවරයාත් ආරක්ෂක අංශ වැය ශීර්ෂයට ඇවිල්ලා යම් කරුණු ප්‍රමාණයක් කිව්වා. දැනට අපිට කියන්න තියෙන්නේ ආරක්ෂක අංශ ඒ පිළිබඳව සුපරීක්ෂාවෙන් සිටිනවා කියන එක.” අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

– BBC
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික ආරක්‍ෂාවට තර්ජන දෙකක්… උතුර නැගෙනහිර සන්නද්ද කණ්ඩායම් - ජනපති
ජාතික ආරක්‍ෂාවට තර්ජන දෙකක්… උතුර නැගෙනහිර සන්නද්ද කණ්ඩායම් - ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZN-MhHhV2b5Es3A2lpMnAQRIsSHP1Hnir2_6Exb4Q6eJsJSYLa68HG6l5iozwhYighvx58I8A-OLR7EP43xmQV0iTo5lZ8-psetHRWTVW1XoSrFSQ1AX4NvQl1OsF6ZnVqmynjb9u5h126g61uDYeRA4ujeTOho4bxDh7BKMo5rMyqzUHK2Fy9ZFf0-94/s320/anura-2.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZN-MhHhV2b5Es3A2lpMnAQRIsSHP1Hnir2_6Exb4Q6eJsJSYLa68HG6l5iozwhYighvx58I8A-OLR7EP43xmQV0iTo5lZ8-psetHRWTVW1XoSrFSQ1AX4NvQl1OsF6ZnVqmynjb9u5h126g61uDYeRA4ujeTOho4bxDh7BKMo5rMyqzUHK2Fy9ZFf0-94/s72-c/anura-2.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/03/blog-post_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/03/blog-post_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy