දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය තොරතුරු පනතින් ඉල්ලුවත් නොදෙයි.. මහින්ද, මෛත‍්‍රි, ගෝටා, රනිල් සියල්ල හෙලි කරලා
Homeප්‍රවෘත්ති

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය තොරතුරු පනතින් ඉල්ලුවත් නොදෙයි.. මහින්ද, මෛත‍්‍රි, ගෝටා, රනිල් සියල්ල හෙලි කරලා

PropellerAds

පුවත්තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුව...

“මගේ කංසා නීතිගත කිරීමේ සටන මං දිනුවා, අද මට සතුටු වෙන්න පුළුවන් දවසක්” – ඩයනා ගමගේ
ජාතික සංවිධානතුළට රූමත් කාන්තාවක් රිංගවීමේ බැසිල්ගේ උත්සාහයක් හෙළිදරව් වෙයි
මනෝ උපදේශකවරිය ඝාතනය කෙරූ ඝාතකයාගේ ආන්දෝලනාත්මක ලිපියක් එළියට!
පුවත්තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

මහජන මුදලින් වැටුප් ලබන, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු හා චම කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලබා දෙන වැටුප්, දීමනා සහ වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති RTIC/Appeal/405/2025 දරන අභියාචනයට අදාළව මෙම නොතීසිය නිකුත් කර ඇත.

2025.01.29 දිනැති තොරතුරු අයදුම්පතමගින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙම තොරතුරු ඉල්ලා සිටි අතර, මාස දෙකකට අධික කාලයක් ගත වුවද එයට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා අයදුම්කරු විසින් මෙම අභියාචනය ඉදිරිපත් කෙරිණි.

මේ ආකාරයෙන් ඉල්ලා සිටි තොරතුරු අතර 9 වන විධායක ජනාධිපතිවරයාගේ (වර්තමාන) පුද්ගලික කාර්යමණ්ඩලය ලෙස කොපමණ පුද්ගලයන් ප්‍රමාණයක් සේවයට බඳවා ගෙන හෝ යොදවා තිබේද? එසේ සේවයේ යෙදවූ අය බඳවාගෙන ඇත්තේ කවර තනතුරු සඳහාද? ඔවුන්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් මාසිකව කොපමණ මුදලක් වැය වේද? ඔවුන් වෙනුවෙන් කොපමණ වාහන ප්‍රමාණයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දී තිබේද? චම වාහන වල වර්ගය හා ඒ ඒ වාහන පරිහරණය සඳහා ලබා දී තිබෙන්නේ කවුරුන් සඳහාද යනාදී තොරතුරු ඇතුළත් වේ.

එමෙන්ම ජනාධිපති ධුර කාලයට පමණක් සීමා වන පත්වීම් ලබාදුන් නිලධාරීන් විසින් (හිටපු ජනාධිපතිවරයාගේ) 2024 සැප්තැම්බර් 23 දින සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අමාත්‍යාංශ මොනවාද යන්න හා ඒ ඒ ආයතන හා අමාත්‍යාංශය සඳහා ලබාදුන් වාහන වල අංක සහ වාහන වර්ගය යනාදී තොරතුරුද එම ඉල්ලීමට ඇතුළත් වේ.

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධාන අනුව යම් පොදු අධිකාරියක් වෙතපුරවැසියෙකු විසින් තොරතුරු ඉල්ලීම් පතක් යොමු කළ විට එම අයදුම්පත ලැබුණු බව දැන්විය යුතුය. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් 2025.01.30 දිනැතිව PS/RTI/01/2025/35 යන ලිපිය මගින් ඒ බව දන්වා තිබේ. නමුත් එම පනතේ විධාන අනුව වැඩ කරන දින 14 ක් තුළ තොරතුරු ලබා දිය යුතු අතර, එසේ නොහැකි නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලූම්කරු දැනුවත් කළ යුතුය. නමුත් නිසි පරිදි තොරතුරු පනතේ එම ව්‍යස්ථාපිතනියමයන් අනුගමනය නොකළ හෙයින් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නම් කළ නිලධාරියා වෙත 2025.02.20 දිනැතිව අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නම් කළ නිලධාරීයා විසින් 2025.02.25 දිනැතිව ලිපි අංක PS/RTIA/11/2205/06 යටතේ අදාළ අභියාචනය ලැබුණු බව පමණක් දන්වනු ලැබුවත් අදාළ තොරතුරු ලබා දීමට කටයුතු නොකරන ලද හෙයින් මේ සම්බන්ධයෙන් 2025.03.27 දිනැතිව ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කෙරිණි.

විශේෂයෙන්ම මීට පෙර බලයේ සිටි මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල තොරතුරු, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ලබාගෙන ඒවා මෙරට පුරවැසියන්ගේ දැන ගැනීම පිණිස ප්‍රකාශයට පත් කර තිබේ. එසේ වූ පසුබිමක මෙම තොරතුරු ලබාදීමේ කිසිදු නෛතික බාධාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට නොමැති බව මැනවින් පෙනී යන කරුණකි.

රාහුල් සමන්න හෙට්ටිආරච්චි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29601,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය තොරතුරු පනතින් ඉල්ලුවත් නොදෙයි.. මහින්ද, මෛත‍්‍රි, ගෝටා, රනිල් සියල්ල හෙලි කරලා
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය තොරතුරු පනතින් ඉල්ලුවත් නොදෙයි.. මහින්ද, මෛත‍්‍රි, ගෝටා, රනිල් සියල්ල හෙලි කරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrOOfhYslBuLtzAfEUrIkNU2PPHeqFwaS3ypfq54ZpmxnehYkBbg0N0Bz5qff3j7Tf9c8wlodqjy17x8Jiyufh8uJLZZfgoehoXRhSzYC6KxnxzuoXY1bwpJJnj4PUy60ami-mbCU2LCyPQLxPx4skps3Icsq3B1Oi_RbLriXfbzU0hfw3AcbvuRN6palA/s320/anura-kumara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrOOfhYslBuLtzAfEUrIkNU2PPHeqFwaS3ypfq54ZpmxnehYkBbg0N0Bz5qff3j7Tf9c8wlodqjy17x8Jiyufh8uJLZZfgoehoXRhSzYC6KxnxzuoXY1bwpJJnj4PUy60ami-mbCU2LCyPQLxPx4skps3Icsq3B1Oi_RbLriXfbzU0hfw3AcbvuRN6palA/s72-c/anura-kumara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy