දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගැරඬිඇල්ලේ අනතුරෙන් පසු බිමල් සැර වෙයි!
Homeප්‍රවෘත්ති

ගැරඬිඇල්ලේ අනතුරෙන් පසු බිමල් සැර වෙයි!

PropellerAds

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා පවසන්නේ මගී ආරක්ෂාව සහ රථවාහන විනය පිළිබඳව පවතින නීති ක්‍රියාත්මක කිරී...

ETI තැම්පත්කරුවන්ට මරණ තර්ජන (VIDEO)
හිතුමතේ ජීවිතේ යළිත් අත්අඩංගුවට
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට රතු වරෙන්තුවේ පිටපතක් ඉල්ලයි
ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා පවසන්නේ මගී ආරක්ෂාව සහ රථවාහන විනය පිළිබඳව පවතින නීති ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධා නොසලකා නීතිය ක්‍රියාත්මක කරන බවයි.

කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී යාම නිසා සිදු වූ අනතුරින් විසි දෙදෙනෙකුට අධික දිවි අහිමි වී ඇති අතර සෙසු තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය, ගම්පොළ, කොත්මලේ සහ නාවලපිටිය යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුරෙන් දිවි අහිමි වූ සියලු දෙනාට ජනාධිපති අරමුදල මඟින් එක් අයෙකුට රුපියල් මිලියනයක් බැගින් වූ මුදලක් ලබා දීමට තීරණය කර ඇති අතර මෙම බස් රථය රක්ෂණය කර ඇති රක්ෂණ සමාගමෙන් බස් රථයේ ගමන් ගත් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනාට හිමි විය යුතු රක්ෂණ වන්දි කඩිනමින් ලබා දීම සඳහා මැදිහත් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ ඛේදවාචකය මෙන්ම මෑත කාලීනව සිදු වූ රිය අනතුරු ගැන අවධානය යොමු කරන විට මගී ආරක්ෂාව සහ රථවාහන විනය සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් සමාජය තුළ මතුව ඇති බවත් එහිදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හා බාධාවන් මතු වන බවත් කී ඇමැතිවරයා ඒවා නොසලකා මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය බවත් ප්‍රකාශ කළේය.

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා එදින ම සවස එම අනතුර සිදු වූ ස්ථානයටත්, එම අනතුරින් තුවාල ලැබූ මගීන්ගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීමටත් අගමැතිනිය සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා සමඟ එම ප්‍රදේශයට ගිය අතර අනතුරට ලක් වූවන් සමඟ සමීප කතා බහකද නිරත විය. එමෙන් ම ඒ අයට අවශ්‍ය සියලු පහසුකම් සොයාබැලීම් ද නොකඩවා කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කථානායකවරයා ඇතුළු බලධාරින් පිරිසක් උදය වරුවේ ම අනතුර සිදු වූ ස්ථානයට සම්බන්ධ වූ අතර, මියගිය සහ තුවාල ලැබූ අය පිළිබඳව ද, තුවාලකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම පිළිබඳවද දිගින් දිගටම තවමත් මැදිහත් වෙමින් සිටිති.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29413,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගැරඬිඇල්ලේ අනතුරෙන් පසු බිමල් සැර වෙයි!
ගැරඬිඇල්ලේ අනතුරෙන් පසු බිමල් සැර වෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidxfHCasgA5cRpR7dlgJHSlAmmDzhWZA8Pppg_B2_Nkg0qKoeAa-dJ21IVUceg6EFfqkVv-1tuuDEIwpMuUkeXvRDfmFT0vHqhKO96Qe1oqEb84x9qYqRYHmAmHiKKhauv-jemJOC9P1AhvyNWDgzZz1vjnOPRhbyWttMSXw0x2qNXnhRcHcS7qlngjaed/s320/bimal-rathnayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidxfHCasgA5cRpR7dlgJHSlAmmDzhWZA8Pppg_B2_Nkg0qKoeAa-dJ21IVUceg6EFfqkVv-1tuuDEIwpMuUkeXvRDfmFT0vHqhKO96Qe1oqEb84x9qYqRYHmAmHiKKhauv-jemJOC9P1AhvyNWDgzZz1vjnOPRhbyWttMSXw0x2qNXnhRcHcS7qlngjaed/s72-c/bimal-rathnayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_74.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_74.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy