දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොටි පැරදූ මැයි 19 ජාතික රණවිරු උලෙලට ජනපති නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
Homeප්‍රවෘත්ති

කොටි පැරදූ මැයි 19 ජාතික රණවිරු උලෙලට ජනපති නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

PropellerAds

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී ප...

16දා පාර්ලිමේන්තුවේ සිදුවූ දේ හැන්සාඩ් වාර්තාවට
අසැබි දසුන් බැලූ බස්නාහිර මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණ (VIDEO)
මීළඟ කැබිනට් එකට අතුරු සම්මත ගිණුමක් !
16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය.

එළඹෙන මැයි 19 වන දින පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරනු ලැබේ. එම අවස්ථාවට කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතය.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලැබීය. ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කල ත්‍රිවිධ හමුදාවේ, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සියලුම සාමාජිකයන් වෙත සිය උපහාරය පුද කරමින් සිය කථාව ආරම්භ කල ආරක්‍ෂක ලේකම්වරයා මෙම වාර්ෂික සැමරුම් උත්සවය පැවැත්වීමේ ජාතික වැදගත්කම අවධාරණය කළේය. යුද්ධයේදී මියගිය හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගෙන් ප්‍රකට වූ දේශප්‍රේමය, ආත්ම පරිත්‍යාගය සහ තම රාජකාරිය සඳහා වූ නොසැලෙන කැපවීම පිලිබඳ මතකයන් ආරක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ ස්ථිර කැපවීම ඔස්සේ එම රණවිරුවන් පිළිබඳව අප රටේ මතු පරපුරට ද පුර්වාදර්ශයක් ලබා දීම සහතික කෙරෙන බව ඔහු යළි අවධාරණය කළේය.

මෙම දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර, රණවිරු සේවා අධිකාරියේ සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උත්සව කටයුතු පැවැත්වීමට නියමිත ආකාරය පිළිබඳ දළ විග්‍රහයක් ඉදිරිපත් කරන ලද අතර, එහිදී ආරාධිත අමුත්තන්, හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් ඇතුළු පැමිණ සිටින පිරිසගේ සහභාගීත්වයෙන් පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම හමුදා සම්ප්‍රදායානුකුලව ගරු බුහුමන් දැක්වීම ද ඇතුළත් වේ. අප දේශයේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පරාර්ථකාමීව සේවය කල රණවිරුවන් සඳහා සමස්ත ජාතියේ කෘතඥතාව සහ ඉමහත් ගෞරවය දැක්වීම සඳහා මෙම සැමරුම් උත්සවය පැවැත්වීම තුලින් අපේක්‍ෂා කෙරේ.

අපගේ මාතෘභූමිය සහ සියලු රටවැසියන් ආරක්‍ෂා කිරීම සඳහා ත්‍රස්තවාදය පරාජය කිරීමට සටන් වැදුණු අභීත රණවිරුවන්ගේ මහඟු සේවය ප්‍රශංසාවට ලක් කරමින්, ජාතියේ රණවිරුවන් සිහිපත් කෙරෙන මෙම උතුම් අවස්ථාවේදී එක්ව නැගී සිටින ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

නාවික හා ගුවන් හමුදාපතිවරුන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
-lankacnews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29546,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොටි පැරදූ මැයි 19 ජාතික රණවිරු උලෙලට ජනපති නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
කොටි පැරදූ මැයි 19 ජාතික රණවිරු උලෙලට ජනපති නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOjs1UhQrpGlhicNc9LOx0aTGICTASyR1JQmq73RJSEmbR_rx0D-vovtzeh5HWmjPBKh6cwJoBWKSWGqOPwCNjqQ-_vJnswKeDdqawoiw0mTK2rYyGta3AC39Lo33AOQhPc-brAO6Uk_TqAUMuyQHklYCq645pIPncp6sSaPRCktnkeIFSg5tTG36huKlh/s320/may.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOjs1UhQrpGlhicNc9LOx0aTGICTASyR1JQmq73RJSEmbR_rx0D-vovtzeh5HWmjPBKh6cwJoBWKSWGqOPwCNjqQ-_vJnswKeDdqawoiw0mTK2rYyGta3AC39Lo33AOQhPc-brAO6Uk_TqAUMuyQHklYCq645pIPncp6sSaPRCktnkeIFSg5tTG36huKlh/s72-c/may.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/05/19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/05/19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy