එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවට බුද්ධ...
එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් සහභාගී නැතැයි එජාප ආරංචි මාර්ග පවසයි.
බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවට ප්‍රතිචාරයක් පැතිර ගොස් තිබිණ.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පවත්වා තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව සහ පළාත් පාලන ආයතනවලට තේරී පත්ව සිටින සභිකයින් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
අරලියගහ මන්දිරයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිතය.
විශේෂයෙන් වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.
COMMENTS