රට තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ කිසිදු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ ...
රට තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ කිසිදු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දෙයි.
ජනාධිපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් පසුගිය 16 වනදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබීය.
මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන පසුබිම සමග ඇතැම් අමාත්‍යාංශවල කටයුතු නිසි පරිදි සිදුනොවන බවට ලැබී ඇති තොරතුරු පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ රටේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ රජයේ ප‍්‍රතිපත්තිය කිසිසේත් වෙනස් නොවන බවයි.
මැතිවරණයකින් අනතුරුව දේශපාලන ක්ෂේත‍්‍රයේ විවිධ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය කරුණක් වන අතර එම දේශපාලන තත්ත්වයන් නොසලකා ජනතාව වෙනුවෙන් කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළ රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව නිසි ඉලක්කයන් වෙත සාර්ථකව මෙහෙයවීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
එම වැඩපිළිවෙළ ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමේදී ආයතනික වශයෙන් මතුවන ගැටලු නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි සංවර්ධන සැලසුම් සහ මෙතෙක් කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳ සමාලෝචනය කරමින් එම කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ද උපදෙස් දුන්නේය.
දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීම් සහ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට අදාළ කාලසටහන් මේ වන විටත් යොමු කර තිබෙන අතර, අදාළ අමාත්‍යවරුන් දැනුවත් කර මෙම මාසය තුළ එම රැස්වීම පැවැත්වීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම අමාත්‍යාංශ මට්ටමින් කි‍්‍රයාත්මකවන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට තමන් ඉදිරියේදී සෑම අමාත්‍යාංශයක් වෙතම පැමිණීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඉදිරි නියං තත්ත්වයට මුහුණදෙමින් කාලගුණික සහ දේශගුණික වෙනස්කම් සමග කෘෂි ක්ෂේත‍්‍රයේ සහ ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ තුළ සිදුකළයුතු වෙනස්කම් පිළිබඳ මෙරට විශ්වවිද්‍යාලවල සිටින භූ විද්‍යාඥයින්, තාරකා විද්‍යාඥයින් ඇතුළු අදාළ ප‍්‍රවීණයින් සමග සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පොල් මිල සම්බන්ධව පවතින ගැටලුව පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර පොල් ඉඩම් කැබලි කිරීම සහ ඉඩම් කැබලි කිරීමේ පනතට අදාළ නීති උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව කි‍්‍රයාකාරීමේ අවශ්‍යතාවය වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
පොල් වගාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සුළු පරිමාණ ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද සාකච්ඡාවට ලක්විය. තවද දැනට පොල් වගා නොකරන ප‍්‍රදේශවල පොල්වගාව ප‍්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණ කළේය.
COMMENTS