තමිල්නාඩු නළු ‘තලපති’ විජේ විසින් අලුතින් පිහිටුවන ලද තමිලග වෙට්රි කසාගම් (TVK) විසින් “ඊලාම් දෙමළ ජනතාවට ස්ථිර විසඳුමක් ගෙන ඒම සඳහා” ස්ව...
තමිල්නාඩු නළු ‘තලපති’ විජේ විසින් අලුතින් පිහිටුවන ලද තමිලග වෙට්රි කසාගම් (TVK) විසින් “ඊලාම් දෙමළ ජනතාවට ස්ථිර විසඳුමක් ගෙන ඒම සඳහා” ස්වාධීන ජනමත විචාරණයක් ඉල්ලා යෝජනාවක් සම්මත කර ඇත. ඉරිදා පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී, TVK විසින් දෙමළ ඊළාමය සදහා ජනමත විචාරණය ඉල්ලා සිටි යෝජනාව ඇතුළුව යෝජනා 26කින් යුත් යෝජනා මාලාවක් සම්මත කරන ලදී.
“ශ්‍රී ලංකාව සම්බන්ධ කාරණාවලදී තමිල්නාඩු රජය සමඟ සාකච්ඡා කර විදේශ ප්‍රතිපත්ති සකස් කළ යුතුයි” යනුවෙන් එම යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස දෙමළ ජාතිකයෙකු පත් කළ යුතු බවද එම යෝජනාවේ සදහන්ය.
පෝක් සමුද්‍ර සන්ධියේ මසුන් ඇල්ලීමේ ප්රශ්නය “මානුෂික” එකක් ලෙස සැලකිය යුතු බව පවසමින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් “තමිල්නාඩු ධීවරයින්ට පහර දීම” පිළිබඳ ප්රශ්නය ඉස්මතු කිරීමටද පක්ෂය තීරණය කොට ඇත.
“ඔවුන් අත්අඩංගුවට නොගත යුතු හෝ සිරගත නොකළ යුතු බව පැහැදිලිය,” ප්‍රහාර නැවැත්වීම සහතික කිරීම සඳහා පක්ෂය “ධීවරයින් සමග එක්ව සටන් කරන” සදහන් කොට ඇත.
ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ සිය මංගල රැලිය පවත්වා දින කිහිපයකට පසු විජෙයි විසින් මෙම යෝජනා සම්මත කර ඇත.
විජේ මීට පෙර දෙමළ ඊළාම් විමුක්ති අරගලය වෙනුවෙන් හඬ නැගුවේය. 2008 දී, මුල්ලිවයික්කාල් දෙමළ ජන සංහාරය මධ්‍යයේ, විජය එක්දින උපවාසයකට සහභාගී වූ අතර එහිදී ඔහු කියා සිටියේ “ඊලාම් දෙමළ ජනයාට නිදහස උදා වේවා. මෙම ආයාචනය මගේ රසිකයින්ට පමණක් සීමා වූවකි; එය රැගෙන යන ඕනෑම කෙනෙකුට කරන දැඩි ආයාචනයකි. “අපි කොටි පැටව්!” ඔහු තවදුරටත් කීවේය.
-mawratanews
COMMENTS