ප සුගිය 21 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී හම්බන්තොට රන්මිනිතැන්න ප්‍රදේශයෙන් ඊශ්‍රායලයට ඉඩම් කෑල්ලක් ලබාදීමට අනුමැතිය ලැබී ඇතැයි වාර්තා ව...
පසුගිය 21 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී හම්බන්තොට රන්මිනිතැන්න ප්‍රදේශයෙන් ඊශ්‍රායලයට ඉඩම් කෑල්ලක් ලබාදීමට අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.
ඊශ්‍රායලේ කොකෝවා සමාගමක ව්‍යාපෘතියක් වෙනුවෙන් මේ ඉඩම් කැබැල්ල ලබාදීමට තීන්දු කර තිබේ.
බින් නමැති අදාළ සමාගම ගෝලීය කොකෝවා නිෂ්පාදන සමාගමක් ලෙස හඳුන්වා දී ඇති අතර එය හම්බන්තොට ඉඩමේ ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ ලංකාවේ පිහිටි වොල්ස්ටා කෝප් සමාගම සමග එක් වී යැයිද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වේ.
යෝජිත ව්‍යාපෘතියට මෙයට පෙර අනුමැතිය හිමිව ඇති අතර ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා ඇගයීම් වාර්තා සකස් කිරීමේ ප්‍රමාදයක් පැවතී ඇති බව ද වාර්තා වේ.
එසේ සැකසූ ශක්‍යතා වාර්තාව අධ්‍යයනය කිරීමට මාස හයක පමණ කාලයක් ගත වී ඇති බව ද පැවසේ.
මේ අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් බවද වාර්තා වේ.
කෙසේ වුවද හම්බන්තොට වරාය ආශ්‍රිත අක්කර 15,000 චීන සමාගමකට අවුරුදු 99 ක් සඳහා බදු දීම හේතුවෙන් ගැටලු රාශියක් මතුව තිබියදී ඊශ්‍රායල් සමාගමකට එම ප්‍රදේශයේ ඉඩම් ලබාදීම අනුචිත ක්‍රියාවක් බව ආර්ථික විශේෂඥ මතය වී තිබේ.

COMMENTS