ඉ න්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 351 ක් ද, ඉන්දීය කොන්ග්‍රසය ප්‍රමුඛ සන්ධානය ආසන අනූ දෙකක්...
ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 351 ක් ද, ඉන්දීය කොන්ග්‍රසය ප්‍රමුඛ සන්ධානය ආසන අනූ දෙකක්‌ද, අනෙකුත් සුළු පක්‍ෂ ආසන 99 ක්‌ද දිනාගෙන තිබේ. ඒ අනුව ඉන්දීය මැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය හිමිකර ගනිමින් අගමැති නරේන්ද්‍ර මෝඩි ඉදිරි පස් වසර සඳහා යළිත් අගමැතිවරයා ලෙස පත්ව සිටී.
ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අවශ්‍ය වන්නේ ආසන 272 ක් පමණක් වන අතර භාරතීය ජනතා පක්‍ෂය හවුල්කාර පක්‍ෂ නොමැතිව තනිවම ආසන 303 ක් දිනාගෙන තිබේ.
ඉන්දීය කොන්ග්‍රසයේ නායක රාහුල් ගාන්ධි පරාජය භාර ගනිමින් ජනතා තීරණය පිළිගන්නා බවත් භාරතීය ජනතා පක්‍ෂයට සහ අගමැති මෝඩි හට සුබ පතන බවත් පවසා තිබේ.
මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් ලද පරාජය ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂයට මෙන්ම රාහුල් ගාන්ධිට ද දරුණු පරාජයකි. රාහුල් ගාන්ධිගේ මීමුත්තාවූ ජවහල්ලාල් නේරු ඉන්දියාවේ පළමු අගමැතිවරයා මෙන්ම වැඩිම කාලයක් ඉන්දියාව පාලනය කළ තැනැත්තාය. ඔහුගේ මිත්තනිය ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ පළමු අගමැතිනිය මෙන්ම ඉන්දියාව වෙනස් කළ නායිකාවකි. රාහුල්ගේ පියා රාජිව් ගාන්ධි ඉන්දියාවේ ලාබාලතම අගමැතිවරයාය. එසේ තිබියදී රාහුල් ගාන්ධි තම පරම්පරාවේ උරුමයක් වැනි වූ උත්තර් ප්‍රදේශයේ අමෙති අසුන ද පරාජය විය. භාරතීය ජනතා පක්‍ෂයෙන් ඊට තරග වැදුණු ස්‌මිත්‍රි ඉරාති නමැති ජනප්‍රිය නිළිය එම ආසනය ජය ගත්තාය. කෙසේ වෙතත් කේරළයේ වයානාඩ් ආසනය අති විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නට රාහුල් සමත් විය. ඇමෙති අසුන 2004 වසරේ සිට වසර 15 ක් නියෝජනය කළ රාහුල්ගේ මෙවර පරාජය බොහෝ දෙනාගේ පුදුමයට හේතු විය.
ඉන්දීය ඉතිහාසයේ අමෙති ආසනය මීට පෙර කොන්ග්‍රස් පක්‍ෂයට අහිමි වූයේ අවස්‌ථා දෙකකදී පමණි.
මෙවර ඉන්දීයා මහා මැතිවරණයේදී මිලියන 900 ක ජනතාවක් ඡන්දය දීමට සුදුසුකම් ලැබූ අතර එයින් සියයට හැටහතක් ඡන්දය භාවිතා කළහ.
භාරතීය ජනතා පක්‍ෂය ජාතික ආරක්‍ෂාව හා දැඩි හින්දු ජාතිකවාදය මුල් කරගෙන මැතිවරණ සටන මෙහෙයවීය.
විරැකියාව, ගොවීන්ගේ ප්‍රශ්න මෙන්ම මෝඩි රජයේ දූෂණ වංචා මුල්කරගෙන ඉන්දීය කොන්ග්‍රසය මැතිවරණ සටන මෙහෙය විය.
මේ වනවිට අගමැති මෝඩි නව කැබිනට් මණ්‌ඩලය තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇත.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා මුදල් ඇමැති ධුරයේ වෙනසක් සිදු වෙතැයි අපේක්‍ෂා කෙරේ.
මේ අතර පකිස්‌තානු අගමැති ඉම්රාන් ඛාන් ඉන්දීය අගමැතිවරයාට සුබ පතමින් ඉන්දියාව සමග සාමය පවත්වාගෙන යැමට අපේක්‍ෂා කරන බව පවසා තිබේ. අගමැති මෝඩි ද වහාම ඊට ප්‍රතිචාර දක්‌වමින් කලාපයේ සාමය හා සංවර්ධනයට තමන් සෑම විටම ප්‍රමුඛත්වය ලබා දෙන බව පවසා ඇත.
මේ අතර අගමැති මෝඩි ජයග්‍රහණයෙන් පසුව ජනතාව අමතමින් පවසා ඇත්තේ මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමග අලුත් ඉන්දියාවක් ගොඩනඟන බවයි.
ජනිත සෙනෙවිරත්න

COMMENTS