දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආණ්ඩුව හා IMF අතර සාකච්ඡාවල Deadlock එකක් ?

ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර සාකච්ඡා සම්පූර්ණයෙන් ම වගේ අවහිර වූ තත්වයක් මතුව ඇතැයි ජාත්‍යන්තර දේශපාලන කටයුතු පිළිබඳ විශ්ල...

ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර සාකච්ඡා සම්පූර්ණයෙන් ම වගේ අවහිර වූ තත්වයක් මතුව ඇතැයි ජාත්‍යන්තර දේශපාලන කටයුතු පිළිබඳ විශ්ලේෂකයකු වන කෙෂාල් ජයසිංහ පැවසී ය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ‘සිලින්ඩරය’ ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින කෙෂාල් ජයසිංහ ඒ බව සඳහන් කර සිටියේ නාවල සිය නිවසේ පැවති ඊයේ (29) පැවති තරුණ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ කෙෂාල් ජයසිංහ...

ජනතාව කුතුහලයට පත්වෙලා

‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවක් සඳහා ආණ්ඩුවේ නියෝජිත පිරිසක් වොෂින්ටන් ගියා. එම නියෝජිත පිරිස ලංකාවට පැමිණීමත් සමග බොහෝ දෙනෙක් විශ්වාස කරේ රටේ මුදල් ඇමති විදියට ජනාධිපති අනුර දිසානායක ජාතිය අමතලා ඒ සාකච්ඡාවල ප්‍රගතිය මහජනතාවට දැනුම් දෙයි කියලා. අලුත් ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය මොකක් ද කියන එක සම්බන්ධයෙන් හැමෝට ම තියෙන්නෙ කුතුහලයක්. ඊළඟ වාරිකය ලංකාවට ලැබෙයි ද, ලංකාවට එය ලැබෙනවා නම් ලැබෙන්නේ කුමන කාල පරාසයක් තුළ ද, ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන අලුත් කොන්දේසි මොනව ද කියන කාරණා සම්බන්ධයෙනුත් ජනතාව තුළ කුතුහලයක් පවතිනවා.

ආණ්ඩුව සහ IMF අතර සාකච්ඡා ගැන ජනතාව අවදියෙන්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැස්වීමක දි කියල තිබුණා නව ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ජනාධිපති සතු කාර්යයභාරයක් කියල. ඔහු වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් කිව්වේ ඔහු මුදල් ඇමති අවධියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කරපු පළමු සාකච්ඡාවේ ඉඳල ජනාධිපති ධුර කාලය අවසන් වන තෙක් පැවති හැම හමුවක දි ම, හැම එකඟතාවක ම අඩංගු කරණු පිළිබඳ පාර්ලිමේන්තුවයි මහජනතාවයි දැනුවත් කරපු විදිය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටියේ රටේ ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධව මහජනතාව දැනුවත් කරන්න කියල. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර විශ්ලේෂණයෙන් ඉවත්  වෙනවා ද, උපයන විට බදු අඩු කරනවා ද, එකතු කිරීම මත අගය එකතු කරන බදු අඩු කරනවා ද? ඒ වගේ ම දෙදහස් විසි පහ වසරේ ආණ්ඩුවේ දළ මූල්‍ය අවශ්‍යතාව කොපමණ ද, ඒ අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මහජනතාව ආණ්ඩුවෙන් පිළිතුරක් අපෙක්ෂාවෙන් ඉන්නවා.’’

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28990,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව හා IMF අතර සාකච්ඡාවල Deadlock එකක් ?
ආණ්ඩුව හා IMF අතර සාකච්ඡාවල Deadlock එකක් ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOTzEFqC6q1AMBbLaqDilG6mklOjbZ3-kOL4P_yNxjbGH2vmzJDQnKwMy1Dl6UmCY1unXMGOg3F3AfmOJfi1ANHHavjDbNN_uDzqCbU5flcA6l-Ohcr96lPjbek-8oY67fNj4zWvKaE4lOsOziFKNYxJzBSHXhQrZqtJFAwRmuxbhk9LDxCiSEygT00e4g/s320/keshaal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOTzEFqC6q1AMBbLaqDilG6mklOjbZ3-kOL4P_yNxjbGH2vmzJDQnKwMy1Dl6UmCY1unXMGOg3F3AfmOJfi1ANHHavjDbNN_uDzqCbU5flcA6l-Ohcr96lPjbek-8oY67fNj4zWvKaE4lOsOziFKNYxJzBSHXhQrZqtJFAwRmuxbhk9LDxCiSEygT00e4g/s72-c/keshaal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/10/imf-deadlock.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/10/imf-deadlock.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy