ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 92 ක් ලබාගත් අතර අනෙක් අන්තයේ පිතිකරුවන්ගෙන් අවශ්‍ය සහාය නොලැබුණු නිසා ඔහු සිය ම...
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 92 ක් ලබාගත් අතර අනෙක් අන්තයේ පිතිකරුවන්ගෙන් අවශ්‍ය සහාය නොලැබුණු නිසා ඔහු සිය මංගල ශතකය ලබාගැනීමේ අවස්ථාව අහිමි විය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 83 ක් සහ උපුල් තරංග ලකුණු 64 ක් ලබාගත් අතර සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යාමට නොහැකි විය. පන්දු රැකීමේදී ආබාධයකට ලක්වූ අසේල ගුණරත්නට පන්දුවට පහරදීමට නොහැකි වීම ශ්‍රී ලංකා කණ්ඩායමට බරපතල පාඩුවක් බවට පත්ව තිබේ.
පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා ලකුනු 67 ට කඩුලු 3 ක් දවාගත් අතර මොහමඩ් සමී කඩුලු දෙකක් බිඳහෙළීය.
ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කර ඇති අතර ඔවුන් මේ වනවිට එක් කඩුල්ල් දැවී ලකුණු 31 ක් රැස් කරගෙන සිටී. ඒ අනුව ඔවුන් තවත් කඩුලු 9 ක් ඇතැතිව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 340 ක් ඉදිරියෙන් සිටී.
COMMENTS