අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවත්වන විමර්ශනයකට ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ත රාජපක්ෂ මහත්මි...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවත්වන විමර්ශනයකට ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ත රාජපක්ෂ මහත්මිය සහ පුතකු වන යෝෂිත රාජපක්ෂ මහතා එම දෙපාර්තමේන්තුවට කැඳවා ඇතත් ඔවුනට පැමිණිය නොහැකි හෙයින් වෙනත් දිනයක් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා රතුකුරුසයට අයත් ඩිපෙන්ඩරයක් සිරිලිය සවිය වැඩසටහනට ලබා දීමෙන් පසු එහි පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මෙම විමර්ශනය පවත්වයි.
ශිරත්නි රාජපක්ෂ මහත්මියට ප්‍රකාශයක් ලබා ගැනීමට අද (27) රහස් පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා තිබුණ ද ඇයට අද සහභාගි විය නොහැකි බව දන්වා තිබිණු බවත්, යෝෂිත රාජපක්ෂ මහතා හෙට (28) රහස් පොලිසියට කැදවා ඇතත් හෙට දිනයේ ඒ මහතාටද පැමිණිය නොහැකි බව දන්වා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ශිරත්නි රාජපක්ෂ මහත්මියට සහ යෝෂිත රාජපක්ෂ මහතාට ප්‍රකාශ ලබා දීමට වෙනත් දිනයක් ලබා දීමට නියමිත බව ද පොලිසිය කියයි.
රතුකුරුස සංවිධානයේ (WP) KA-0642 අංක දරණ ඩිපෙන්ඩරය සිරිලිය සවිය වැඩසටහනට ලබා දී ඇත්තේ 2011 වසරේ දී වන අතර එය 2015 ජනවාරි මාසයේ දී යළි එම සංවිධානයට ලබා ගෙන ඇති බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි. වාහනයේ වර්ණය වෙනස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය එම ඩිපෙන්ඩරය පොලිස් භාරයට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් රතුකුරුසයේ නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS