දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේ ගුටි කෙළියේ තොරතුරු එළියට! මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පහර දීලා තියෙන්නේ මහින්දානන්ද! ගුටි කෑ මන්ත්‍රී ගුණතිලක කකුලත් කඩාගෙන කෙළින්‌ම රෝහලේ!
Homeප්‍රවෘත්ති

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේ ගුටි කෙළියේ තොරතුරු එළියට! මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පහර දීලා තියෙන්නේ මහින්දානන්ද! ගුටි කෑ මන්ත්‍රී ගුණතිලක කකුලත් කඩාගෙන කෙළින්‌ම රෝහලේ!

PropellerAds

ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගතකර තිබේ. ඊයේ ...

තවුහීත් ජමාත් සංවිධානය සමාව ගන්න සූදානම්
උමා ඔය ගැටලු සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට භාරදෙයි.
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවයි
ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
ඊයේ (03) පස්වරුවේ ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

එහිදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා මැදිහත් වී එම සිදුවීම සමථයකට පත් කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මන්ත්‍රී කණ්ඩාම් රැස්වීම අවසන් වී නික්ම යන අවස්ථාවේ පඩිපෙළ මතදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර යළිත්වරක් බහින් බස්වීමක් සිදුව තිබේ.

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් තල්ලු කිරීමට යාමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇදවැටී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාදයේ අස්ථි බිඳුමක් සිදුව ඇති බව වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් වීමසීමක් කරද්දී එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග බහින්බස්වීමක් සිදුවුවද තල්ලුකිරීමට උත්සාහ නොකළ බවය.

දෙදෙනාගේ බහින්බස්වීම දුටු ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු ඇදවැටීමට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
-mawratanews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේ ගුටි කෙළියේ තොරතුරු එළියට! මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පහර දීලා තියෙන්නේ මහින්දානන්ද! ගුටි කෑ මන්ත්‍රී ගුණතිලක කකුලත් කඩාගෙන කෙළින්‌ම රෝහලේ!
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේ ගුටි කෙළියේ තොරතුරු එළියට! මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පහර දීලා තියෙන්නේ මහින්දානන්ද! ගුටි කෑ මන්ත්‍රී ගුණතිලක කකුලත් කඩාගෙන කෙළින්‌ම රෝහලේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjG11k79pcIeY4Zi0w733i4SF02GYdc1mux4upuMva8yG_U7grC9c3oRYAcNgD-Jomx7c6qxJW_15sMjnWmFj8-PJKuXhckR-J4pXtqf4pFUE-Xuju4TiSM07YH9HMq5m30-Vp4GoUJgGi18YNMzn1fEV4dJDdcUZnewgZyOhmYVpnBbQkSHozKcW8dRNI4/s320/GUNATHILAKA-RAJAPAKSHA.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjG11k79pcIeY4Zi0w733i4SF02GYdc1mux4upuMva8yG_U7grC9c3oRYAcNgD-Jomx7c6qxJW_15sMjnWmFj8-PJKuXhckR-J4pXtqf4pFUE-Xuju4TiSM07YH9HMq5m30-Vp4GoUJgGi18YNMzn1fEV4dJDdcUZnewgZyOhmYVpnBbQkSHozKcW8dRNI4/s72-c/GUNATHILAKA-RAJAPAKSHA.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/06/blog-post_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/06/blog-post_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy