දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තහංචි නොතකා දයාසිරිගේ වැඩේට ශ්‍රීලනිප සංවිධායකයින් ඇවිත්!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් පසුගිය 20 දා එළිදැක්වූ ''මානුෂීය ජනතා සංධානය'' උත්සවයට සහභාගී නොවන ලෙස ...

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් පසුගිය 20 දා එළිදැක්වූ ''මානුෂීය ජනතා සංධානය'' උත්සවයට සහභාගී නොවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දැනුම්දී තිබියදී පවා, එය නොතකා එම පක්ෂයේ සංවිධායකයින් කිහිපදෙනෙකු එම අවස්ථාවට සහභාගී වී ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිහත් වීමකින් හෝ ආරාධනාවකින් කිසිදු රැස්වීමක් හෝ දේශපාලන කටයුත්තක් මාර්තු 20 වෙනිදා  සංවිධානය කර නොමැති බවත් පක්ෂය විසින් සංවිධාන කරන එවැනි උත්සවයක්, රැස්වීමක්, මුහුරත් උළෙලක් පැවැත්වෙන බවට පැතිර යන කටකතා සහ වාර්තා අසත්‍ය බවත් එවැනි රැස්වීමකට, උත්සවයකට හෝ මුහුරත් උළෙලකට සහභාගී ‌නොවන ලෙසත් පක්ෂයේ සියලු සංවිධායකයින් විසින් පුර්ව දැනුම් දීමක් කර තිබිණ.

එම දැනුම්දීම සිදුකර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්ය මණ්ඩල ප්‍රධානී, මියුරු භාෂිත ලියනගේ විසිනි.

ආර්ථික, දේශපාලනික, සමාජයීය විප්ලවයක් අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දායාසිරි ජයසේකර ගේ නායකත්වයෙන් යුත් මනුෂ්‍යත්වයේ හෘද සාක්ෂිය මැයෙන් ‘මානුෂීය ජනතා සන්ධානය‘ ජනගත කිරීම ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී මාර්තු 20 සිදු කෙරිණි.

එහි දී සුළු පක්ෂ 20ක් සමඟ නව සන්ධානය ජනගත කරනු ලැබුණු අතර මේ අවස්ථාවට සමඟි ජනබල වේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු විද්වතුන් රැසක් එක්ව සිටියහ.

ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නව සන්ධානය ගොඩනගන අතර එහි ප්‍රතිපත්ති මාලාවට එකඟතාව පළ කරන දේශපාලන පක්ෂයකට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට අපේක්ෂා කරන බව දයාසිරි ජයසේකර එහිදී පැවසිය.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28613,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තහංචි නොතකා දයාසිරිගේ වැඩේට ශ්‍රීලනිප සංවිධායකයින් ඇවිත්!
තහංචි නොතකා දයාසිරිගේ වැඩේට ශ්‍රීලනිප සංවිධායකයින් ඇවිත්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPwnkwjHBpj_Ncq_9PRdx-KYNDtN5LZpmtuFhPQq2Js13aKz5S9Q2gCa880M2XEJp3VCNAjUHXGLbUT77MfOgXjHCXZgqAcQ2l-hAzlpIIsbj50_-a3rC9lR7sNKxke7mhj5j4IVOZWAlN5YUbGDeGd7Sx8dhhcckAAYHyjpkNG4bPyt_7KKadIhchiVd4/s320/dayasiri-jayasekara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPwnkwjHBpj_Ncq_9PRdx-KYNDtN5LZpmtuFhPQq2Js13aKz5S9Q2gCa880M2XEJp3VCNAjUHXGLbUT77MfOgXjHCXZgqAcQ2l-hAzlpIIsbj50_-a3rC9lR7sNKxke7mhj5j4IVOZWAlN5YUbGDeGd7Sx8dhhcckAAYHyjpkNG4bPyt_7KKadIhchiVd4/s72-c/dayasiri-jayasekara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/03/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/03/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy