පක්ෂයක් යනු ධර්මයක් බවත් තමන් අදහන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධර්මය බවත් තමා කිසිවිටෙක නිගණ්ඨයින්ගෙන් බණ ඇසීමට සූදානම් නොවන බවත් මුදල් රා...
පක්ෂයක් යනු ධර්මයක් බවත් තමන් අදහන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධර්මය බවත් තමා කිසිවිටෙක නිගණ්ඨයින්ගෙන් බණ ඇසීමට සූදානම් නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල පිහිටුවීම වෙනුවෙන් පැවති රැස්වීමකදීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ තවත් වසර හතර හමාරක් යනතුරු වර්තමාන ආණ්ඩුව පෙරලීමට නොහැකි බවයි.
2020 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට නම් ඊට පක්ෂය ශක්තිමත් කළ යුතුව ඇති නමුත් ඒකාබද්ධ විපක්ෂය විසින් ඊට බාධා ඇති කරමින් සිටින බව ඔහු පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"2020දී ආණ්ඩුවක් හදන්න නම් 2020දී මේ පක්ෂය ශක්තිමත් කරන්න එපැයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අය දොළුකන්දේ ගෙනියන්න ලෑස්තිවෙන්න එපා කියලා අපි කියනවා. පක්ෂයක් කියන්නේ ධර්මයක්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ධර්මයයි අදහන්නේ. ඒ නිසා අපි නිගණ්ඨයොන්ගෙන් බණ අහන්න ලෑස්ති නෑ"යනුවෙන් පැවසීය.
වීඩියෝව පහතින්.
COMMENTS