දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පතිට රතුඑළි: රනිල් පොලිස්පතිව කැඳවයි - සියලු තොරතුරු මෛත්‍රි අතට
Homeප්‍රවෘත්ති

පොලිස්පතිට රතුඑළි: රනිල් පොලිස්පතිව කැඳවයි - සියලු තොරතුරු මෛත්‍රි අතට

PropellerAds

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රත්නපුර ප්‍රදේශයේ පසුගියදා පැවැති රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී කළ දුරකතන සංවාදයේදී පොලිස්පති ඇමැතු '...

ජනාධිපති කඩුව අතට ගනී.. එජාපයට කඩේ ගිය සුලං කිරිල්ලීගේ හුලං යවයි
මාකදුරේ මධුෂ්ගේ සහායත් ගෝඨාභයට ?
'මං එනවා.. ගන්නකෝ..' - මහින්දගෙන් විමසන්න ප‍්‍රබල ඇමති බිරිද එවයි
පොලිස්පතිට රතුඑළි: රනිල් පොලිස්පතිව කැඳවයි - සියලු තොරතුරු මෛත්‍රි අතට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රත්නපුර ප්‍රදේශයේ පසුගියදා පැවැති රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී කළ දුරකතන සංවාදයේදී පොලිස්පති ඇමැතු 'සර්' ගැන තොරතුරු ජනාධිපතිවරයා වෙත ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ 'සර්' පසුගිය ආණ්ඩුවේ මතභේදාත්මක තත්ත්වයන්ට ඇඟිල්ල දිගු වූ ප්‍රබල ලේකම්වරුන් මෙන්ම ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනකුට රහසේ උදවු කළ අයකු බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම ඇතැම් බරපතළ අවස්ථාවලදී සමහර පරීක්ෂණවලට අදාළ ලියකියවිලි පවා පසුගිය රජයේ ප්‍රධානීන් වෙත ලබාදීමට මේ 'සර්' ක්‍රියාකර තිබෙන බවද අනාවරණය වෙයි.

පොලිස්පතිවරයා 'සර්' ලෙස ඇමැතූ පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

රනිල් පොලිස්පතිව කැඳවයි 

මේ අතර මතභේදයට තුඩු දී තිබෙන පොලිස්පතිවරයාගේ දුරකතන සංවාදය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පෙරේදා (03) අරලියගහ මන්දිරයට කැඳවා සාකච්ඡාවක් කළ බව වාර්තා වේ. එම සාකච්ඡාවට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාද සහභාගි වී තිබේ.

සාකච්ඡාවේදී ප්‍රධාන විෂය වී තිබෙන්නේ මතභේදයට තුඩු දී ඇති පොලිස්පතිවරයාගේ දුරකතන සංවාදයයි. පැයකට ආසන්න කාලයක් පැවැති මේ සාකච්ඡාවේදී බස් වැඩ වර්ජනය, රටපුරා පැවැත්වෙන උද්ඝෝෂණ හා පාර්ලිමේන්තු මංසන්ධියේදී පැවැති ප්‍රාදේශීය සභා නියෝජිතයන්ගේ උද්ඝෝෂණයට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කිරීම හා එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කීප දෙනකුට ජල ප්‍රහාර එල්ල වීම ගැනද කරුණු දක්වා තිබේ.

මේ අතර අද (05) පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා සාකච්ඡාවක් කිරීමට සූදානම් බවද වාර්තා වේ.

පොලිස්පතිවරයා දුරකතනයෙන් සංවාදයක යෙදී සිටි දර්ශන රූපවාහිනියෙන් තමා දුටු බවත් ඔහු නියෝග දෙන වීඩියෝ තමා මාධ්‍යවලින් දුටු බවත් පොලිස්පතිවරයා ක්‍රියා කළ ආකාරය තමා අනුමත නොකරන බවත් ඒ සිද්ධියට අදාළ වාර්තාවක් ලබා ගැනීමට තමා ක්‍රියා කරන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිගාමඬුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

'මම හිතන්නේ ඇමතිතුමා අහලා තිබුණේ'

කෙසේ වෙතත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රසිද්ධ වේදිකාවක කළ එම දුරකථන සංවාදය පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කරුණු පැහැදිලි කළේය.

සමාජ කතිකාවක් බවට පත්ව ඇති එම දුරකථන සංවාදය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිවරයා, ලිපි ගොනුවක් භාරදීම සඳහා 'අදාළ නිලමේ' උසාවියට කැඳවනු ලැබ තිබූ බවත් එහිදී ඔහු අත්අඩංගුවට ගනු ඇත්දැයි යන්න දුරකථනය හරහා පොලිස්පතිවරයාගෙන් විමසා ඇති බවත් සඳහන් කළේය.

පොලිස්පතිවරයාට දුරකථන ඇමතුම ලබා ගත්තේ කවුරුන්දැයි යන්න විමසූ අවස්ථාවේ අගමැතිවරයා කියා සිටියේ "මම හිතන්නේ ඇමතිතුමා අහලා තිබුණේ" යනුවෙනි.

පොලිස්පතිවරයාට දුරකථන ඇමතුම දුන් පුද්ගලයා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක හෝ අගමැතිවරයා විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මින්පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පතිට රතුඑළි: රනිල් පොලිස්පතිව කැඳවයි - සියලු තොරතුරු මෛත්‍රි අතට
පොලිස්පතිට රතුඑළි: රනිල් පොලිස්පතිව කැඳවයි - සියලු තොරතුරු මෛත්‍රි අතට
http://ift.tt/2g1jXSV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_78.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_78.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy