පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ලක්ෂයක කාර්යාල දීමනාවක් සහ රුපියල් දෙදහස් පන්සියයක රැස්වීම් දීමනාව සම්බන්ධයෙන් වන යෝජනාව ලබන 10 වැනිදා පාර...
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ලක්ෂයක කාර්යාල දීමනාවක් සහ රුපියල් දෙදහස් පන්සියයක රැස්වීම් දීමනාව සම්බන්ධයෙන් වන යෝජනාව ලබන 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. එක් මන්ත්‍රිවරයකුට කාර්යාල දීමනාව වශයෙන් ලබාදීමට යෝජිත මුදල රුපියල් ලක්ෂයකි.
රැස්වීම් සඳහා දැනට දිනකට ලබාදෙන රුපියල් 500ක දීමනාව රුපියල් දෙදහස් පන්සියය දක්වා වැඩි කිරීමටද යෝජනා කර ඇත. ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.
COMMENTS