දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර අයිනේ කඩයක් කඩාගෙන ගොස් මිනී මරා තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල කළ බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඇප මත නිදහස්!
Homeප්‍රවෘත්ති

පාර අයිනේ කඩයක් කඩාගෙන ගොස් මිනී මරා තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල කළ බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඇප මත නිදහස්!

PropellerAds

තමා විසින් පදවන ලද මෝටර් රථය පාරෙන් ඉවතට පැන සිදු වූ අනතුරින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙක් බරපතල හා සුළු තුවාල ලැබීම සම්බන්ධයෙන් ඇල්පිට...

නිවසක් අඩි 60ක් පොළොවට ගිලා බසී (PHOTOS)
තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය පැය 2ක් ප්‍රමාද වෙයි
රෝහිත - ජෝන්ස්ටන් වංචා කොමිසමට කැඳවයි 
තමා විසින් පදවන ලද මෝටර් රථය පාරෙන් ඉවතට පැන සිදු වූ අනතුරින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙක් බරපතල හා සුළු තුවාල ලැබීම සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මුදල් රුපියල් පනස් දහසක් (50,000/-) හා රුපියල් ලක්ෂ දෙක (2,00000/-) බැගින් ශරීර ඇප 02 ක් මත මුදා හැරීමට ඇල්පිටිය මාහේස්ත්‍රාත් මධුෂිකා වාසලමුදලි   ඊයේ (17) නියෝග කළාය.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් මී ලඟ   නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙසද මීට අදාල නඩුව 2024 මැයි 20 දින නැවත කැඳවන බවද මාහේස්ත්‍රාත්වරිය ඇල්පිටිය පොලීසියට දැනුම් දුන්නාය.

මෙසේ ඇපමත මුදාහරින ලද්දේ නො. 13/3, වික්‍රමසූරිය පාර, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි නීතීඥ හා බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර නැමැති අයයි.

පසුගිය පෙබරවාරි 16 දින ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වු නඩුවකට පෙනී සිටීම සදහා නීතීඥ ජනක රුවන්පුර   පැමිණෙමින් සිටියදී කරන්දෙණිය, 07 කණුව ප්‍රදේශයේදී එදින දහවල් 12.20 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. 


තමා පදවමින් සිටි වැගන් ආර් වර්ගයේ නිල්පාට මෝටර් රථය පාරෙන් ඉවතට පැන දකුණු පැත්තේ කුඩා තේ කඩයකට කඩා වැදීමෙන් සිදු වූ අනතුරින් එම වෙළෙඳසැළේ හිමිකාරියගේ දියණිය මියගියාය. වෙළෙඳ සැලේ හිමිකාරිය බරපතල තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. 

වෙළෙද සැලට පැමිණි අයෙකු සුළු තුවාල ඇල්පිටිය රෝහලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ. ඔහු පැමිණි පා පැදිය මෝටර් රථය හා විදුලි කණුවට හිර වී මෝටර් රථය නතර වී තිබේ.


මෙසේ මියගොස් ඇත්තේ නො. 107, 07 කණුව, කරන්දෙණිය ලිපිනයේ පදිංචි තිදරු මවක් වන පුංචිහේවා මල්කාන්ති (54) නැමැති අයයි. ඇය ප්‍රතිකාර සදහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. 

තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන්නේ මියගිය අයගේ මව වන පුංචිහකුරු ඤාණවතී (72) නැමැති අයයි. ඇය ඇල්පිටිය මූලික රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ. ඤාණවතී  මාතාවගේ කකුල් දෙකටම බරපතල හානි සිදුව තිබෙන බව කරාපිටිය රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. 

කිරිපේද්ද, කරන්දෙණිය පදිංචි එම් එච් ඩී ආරියසේන (65) නැමැති අය සුළු තුවාල ලබා ඇත. තමා කිරිපේද්ද ප්‍රදේශයට පා පැදියෙන් යමින් සිටියදී තේ බීම සදහා වෙළෙද සැලට පැමිණි බවත් එකවරම පැමිණි නිල්පැහැති මෝටර් රථයක් තමාගේ පා පැදියද යටකරමින් වෙළෙද සැලට කඩා වැදුන බවත් ආරියසේන   පොලීසියට ප්‍රකාශ කර තිබේ.


අනතුරින් පසුව ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර, ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට පසුදින (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඊයේ (17) නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදාහැර තිබේ. 

ජනක රුවන්පුර විසින් මියගිය අයට රුපියල් ලක්ෂ 10 ක් හා බරපතල තුවාල ලැබූ අයට රුපියල් ලක්ෂ 05 ක් ඊයේ (17) ඇල්පිටිය මාහේස්ත්‍රාත් අධිකරණයේදී ලබාදී ඇති අතර දෙපාර්ශවයම වෙනුවෙන් පෙනීසිටි නීතීඥයින් සැකකාර නීතීඥවරයාට ඇපලබා දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කර තිබේ. 

ඒ නිසාම ඇල්පිටිය පොලීසිය සැකකාර නීතීඥයා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ඉල්ලා සිටියත් එම ඉල්ලීම තවතලා සැකකාර නීතීඥවරයාට ඇල්පිටිය මාහේස්ත්‍රාත්වරිය විසින් ඇප ලබා දී තිබේ.

අධික වෙහෙස නිසා නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වූයේ ඇල්පිටිය පොලීසිය කියයි.


එකම දිනයේ අධිකරණ කිහිපයක නඩු වලට පෙනී සිටීම වෙහෙසකර බැවින් සිය වයස අනුව එසේ නොකල යුතුව තිබූ බවත් එසේ කරන්නේ නම් රියදුරෙකු සේවයට යොදවා ගැනීම කළ යුතුව තිබූ බවත් නම හෙළි කිරීමට අකමැති වූ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය. 

මෙම තත්ත්වය උගත් බුද්ධිමත් අයෙකු ලෙස ජනක රුවන්පුර අවබෝධ කර ගත්තේ නම් අකාලයේ ජීවිත අහිමි නොවන බවද ඒ එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ඇල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්ධුල පද්ම කුමාරගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් වරුන් වන ප්‍රේමතිලක (58472) සහ විතානාච්චි (48990) පරීක්ෂණ පවත්වමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

-ජයකාන්ත ලියනගේ
-lankasara
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර අයිනේ කඩයක් කඩාගෙන ගොස් මිනී මරා තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල කළ බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඇප මත නිදහස්!
පාර අයිනේ කඩයක් කඩාගෙන ගොස් මිනී මරා තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල කළ බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඇප මත නිදහස්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-xa3SQNx6rzI9Snkgc4km9_HNBrjSg50sTJYasTTgFSlian5kyy2tEZEVaE-7_YCAnWzHozy_2qy_hQySQLBR-646W2Pd8Pqu422D_EUXnr7qIXBs0EeIYhor6w_R8IJjoRY0Ixr4sZLdw3Gwo01leVOCKXzPE6rld1yn0Nu2oDiz0r55zWP0q2WhlX92/s320/Poto-ac.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-xa3SQNx6rzI9Snkgc4km9_HNBrjSg50sTJYasTTgFSlian5kyy2tEZEVaE-7_YCAnWzHozy_2qy_hQySQLBR-646W2Pd8Pqu422D_EUXnr7qIXBs0EeIYhor6w_R8IJjoRY0Ixr4sZLdw3Gwo01leVOCKXzPE6rld1yn0Nu2oDiz0r55zWP0q2WhlX92/s72-c/Poto-ac.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/02/blog-post_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/02/blog-post_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy