මහනුවර, වළල මහා විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයෙහි තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය පැය 02ක් ප්‍රමාදවී ලබාදීම සම්...
මහනුවර, වළල මහා විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයෙහි තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය පැය 02ක් ප්‍රමාදවී ලබාදීම සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය විසින් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පසුගිය 06 වනදා පස්වරුවේ එහි ශාලා අංක දෙකෙහි සිටි සිසුන් 11දෙනෙකු තමන්ට තාක්ෂණවේදය ප්‍රශ්ණ පත්‍රය ප්‍රමාද වී ලැබීම නිසා ප්‍රමාණවත් ලෙස පිළිතුරු ලිවීමට කාලය මදිවූ බව පවසමින් පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඒ අනුව මෙම පරීක්ෂණ ආරම්භ කළ බව පොලීසිය ප්‍රකාශ කරයි.
එදින පස්වරු 12 සිට 3.30 දක්වා පැවති තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ කොටස් 02ක් එකවර ලබාදීමට නියමිතව තිබූ නමුත් පස්වරු 2.00 පසුවී එහි දෙවන කොටස ලබාදුන් බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
වේලාව ගතවීමෙන් පසුව එම සිසුන්ට පිළිතුරු ලිවීම සඳහා යළි විනාඩි 15 ක අතිරේක කාලයක් ලබාදී තිබේ.
මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාරගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ එවැනි පැමිණිල්ලක් මෙතෙක් තමන් වෙත වාර්තා වී නොමැති බවයි.
එසේවුවද ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියාසිටී.
COMMENTS