එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද පස...
ඒ සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ “Smart Country - ජයගමු 2048” යන්නයි.
සම්මේලනය පිළිබඳ අදහස් දක්වමින් පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ මෙවර සම්මේලනයේදී පක්ෂ ව්‍යවස්ථාවට සුවිශේෂී සංශෝධන කිහිපයක් ඇතුළත් කරන බවයි.
අනාගත පරම්පරාවට පහසුවෙන් රට ගොඩ නැගීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා මෙම ව්‍යවස්ථා වෙනස සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.
මිත්‍ර දේශපාලන පක්ෂ සමඟ කටයුතු කිරීම සඳහාද ව්‍යවස්ථාවේ සංශෝධන ඇතුළත්ව ඇති බවයි වජිර අබේවර්ධන මහතා කියා සිටියේ.

COMMENTS