දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'යහපාලනය, නොම පාලනයක්': චම්පිකගෙන් රතු එළියක් 
Homeප්‍රවෘත්ති

'යහපාලනය, නොම පාලනයක්': චම්පිකගෙන් රතු එළියක් 

PropellerAds

යහපාලනය, නොම පාලනයක් නොකොට පාලනයක් සහිත, විනයක් සහිත රටක් ගොඩනැගීමට ජනතාව දුන් ජනවරම ඉදිරියට ගෙන යෑමට කටයුතු කළයුතු බවත් විශේෂයෙන්ම නීතිය ...

ලැයිම් කාමර වෙනුවට නිවාස 900 ක්
සෝම හිමි සිහිකර කතරගමදී පැල දස දහසක් සිටුවයි
හෙට නිවාඩු දිනය ඔබට අහිමිද?
'යහපාලනය, නොම පාලනයක්': චම්පිකගෙන් රතු එළියක් 

යහපාලනය, නොම පාලනයක් නොකොට පාලනයක් සහිත, විනයක් සහිත රටක් ගොඩනැගීමට ජනතාව දුන් ජනවරම ඉදිරියට ගෙන යෑමට කටයුතු කළයුතු බවත් විශේෂයෙන්ම නීතිය හා සාමය ආරක්ෂා කරන පොලීසිය ඇතුළු බලවේග ඒ සඳහා ප‍්‍රමුඛව කටයුතු කළ යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (06) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ආයතනයේ පැවති, නාගරික සංවර්ධන අධිකාරිය, වෝටර්ස් ඒජ් ආයතනය සහ ක‍්‍රීඩා අමාත්‍යාංශය එක්ව ආරම්භ කිරීමට යෝජිත ක‍්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ත්‍රෛයි පාර්ශ්වික අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

වර්තමානයේ මහජන උද්ඝෝෂණවල ප‍්‍රධාන ස්ථානයක් බවට බත්තරමුල්ල නගරය යොදා ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත්, එය බත්තරමුල්ල ප‍්‍රදේශයේ පරිපාලන කටයුතු සඳහා ප‍්‍රබල ප‍්‍රශ්නයක් ඇති කිරීමට හේතු වී තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක හිංසාවාදී නොවන ආකාරයට මහජන උද්ඝෝෂණ සිදුකිරීම පිළිබඳව කිසිවෙකුටත් විරුද්ධ විය නොහැකි වගේම උද්ඝෝෂකයන්ද තමන්ගේ කාර්යය අන් අයට හිරිහැරයක් මෙන්ම රාජකාරී කටයුතු සඳහා හිරිහැරයක් නොවන ලෙස කිරීමට වගබලා ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

යහපාලනය යන ක‍්‍රියාවලියෙන් නොම පාලනයක් අදහස් නොවන අතර පාලනයක් නැති අරාජික තත්ත්වයක් යහපාලනයෙන් ජනතාව බලාපොරොත්තු නොවන බවද අවධාරණය කරන අමාත්‍යවරයා, සියළු උද්ඝෝෂණ සහ අනෙකුත් සියළුම ප‍්‍රජාත‍්‍රාන්ත‍්‍රික විරෝධතාවලට සීමාවක් තිබෙන බව සියළුදෙනාම මතක තබාගත යුතු බවද පෙන්වා දෙයි.

සාමකාමීව ජනතාවට කලබලයකින් තොරව තමන්ගේ රාජකාරී කටයුතු කරගැනීමට තිබෙන අයිතිය උල්ලංඝනය කිරීමට කිසි කෙනෙකුට ඉඩදීමට හැකියාවක් නොමැති බවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් අනෙකුත් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමට ඉඩකඩ නොතබන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කර සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'යහපාලනය, නොම පාලනයක්': චම්පිකගෙන් රතු එළියක් 
'යහපාලනය, නොම පාලනයක්': චම්පිකගෙන් රතු එළියක් 
http://ift.tt/2gZvG6x
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_798.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_798.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy