දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“ඇමති හරීන් කරපු වැඩේ ඉතාම කැතයි” – හරින් , උදයංග යළි පැටලෙයි!
Homeප්‍රවෘත්ති

“ඇමති හරීන් කරපු වැඩේ ඉතාම කැතයි” – හරින් , උදයංග යළි පැටලෙයි!

PropellerAds

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගනු ලැබූ තීන්දුවක් හේතුවෙන් සංචාරක කර්මාන්තය යළි අනතුරට ලක්ව තිබෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංක...

ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් බව ගෝඨා කියයි
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමග විවාදයකට එන්නේ නැහැ - අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න
අලුගෝසුවන් සූදානම්.. එල්ලුම්ගහ සූදානම්.. ඇදුම් සූදානම්.. ජනාධිපති අලුගෝසු තීන්දුවක් ගන්නයි හදන්නේ - පරණවිතාන
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගනු ලැබූ තීන්දුවක් හේතුවෙන් සංචාරක කර්මාන්තය යළි අනතුරට ලක්ව තිබෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. 
කොවිඩ් 19 සම්බන්ධයෙන් එන්නත් ලබාගෙන නැති සංචාරකයින් මෙරටට පැමිණීමට පෙර පැය 72ක් කාලයක් තුළ ලබාගත් PCR වාර්තාවක් අනිවාර්ය කිරීම හරහා එම අනතුර මතුව තිබෙන බවයි වීරතුංග මහතා සඳහන් කරන්නේ.

මේ වන විට 25%කට වැඩියෙන් රුසියානු සංචාරකයින් මෙරටට පැමිණෙන අතර රුසියානුවන් කොවිඩ් 19 එන්නත වැඩි වශයෙන් ලබාගෙන නැති බවද ඔහු සඳහන් කළා.

සංචාරක ඇමතිවරයා ලෙස මෙවැනි තීන්දු හදිසියේ නොගෙන සෞඛ්‍ය අංශ මෙන්ම සංචාරක කටයුතුවලට අදාළ ප්‍රධානීන් සමඟද සාකච්ජා කර තීන්දුවක් ගැනීමට තිබුණු බවයි හෙතෙම පවසන්නේ.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“මත්තලට දාන්න සූදානම් කරලා, සාකච්ඡා කරලා, ඒ කටයුත්ත ස්ථිර කරලා වැඩි වෙලාවක් ගියේ නෑ. අපේ සංචාරක ඇමතිතුමා මාධ්‍යට දැන්වීමක් කරලා තිබුණා වැක්සින් නැති, එන්නත් ලබා නොගත් සංචාරකයන් සඳහා, ලංකාවට පැමිණෙන විට, පැය හැත්තෑ දෙකකට පෙර ගන්නා ලද පී. සී. ආර්. පරීක්ෂණ වාර්තාවක් රැගෙන ඒම අනිවාර්ය කිරීම. ඒක ඊට මාස ගානකට කලින් තිබිච්ච නියෝගයක්. ඒක ඉවත් කරා. ඒ ඉවත් කිරීමෙන් පසුව තමයි අපි මේ රුසියානු සංචාරකයන් වැඩි වශයෙන් ගේන්න පටන් ගත්තේ. අද සතියකට රුසියානු සංචාරකයන් රැගෙන සෘජු ගුවන් යානා දහයක් පැමිණෙනවා. ඊට අමතරව පෙබරවාරි මාසේ ඉඳන් එකොළොස් වෙනි එක පැමිණෙනවා. එතකොට පෙබරවාරි මාසේ සිට අපි රුසියානු සංචාරකයන් මාසෙකට සෘජු ගුවන්යානා වල පමණක් පහළොස් දාහකට ආසන්න ප්‍රමාණයක් ගේන්න බලාපොරොත්තු වෙනවා.

එයින් සතියකට එක්දහස් දෙසීයකට වැඩි පිරිසක් මත්තල ගුවන් තොටුපලට එනවා. මොකද මත්තල කියන්නේ එදා වී ගබඩාවක් කරලා සම්පූර්ණයෙන් විනාශ කරපු ගුවන් තොටුපලක්. අද එය සංවර්ධනය කරගෙන ඒ දකුණු පළාතේ සංචාරකයන්ගේ නිකේතනයක් කරන්න වැඩපිළිවෙළ යන අතරතුර මෙවැනි යෝජනාවක් කරලා මේ වගේ අලුත් කෝවිඩ් ක්‍රමවේදයක් අනුගමනය කරන්න ගිය සංචාරකයෝ නැවත එන්නේ නැහැ. මොකද රුසියානු සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් එන්නත් ලබාගන්නේ නැති සංචාරකයන්. එතකොට ඔවුන්ට තමයි මේ ප්‍රශ්නය සෘජුව බලපාන්නේ. ඒ වගේම රුසියානු සංචාරකයින් තමයි අද ලංකාවේ වැඩිපුර ඉන්නේ.

එතකොට තායිලන්තය, මාලදිවයින, තුර්කිය, ඊජිප්තුව, ඩුබායි ඒ කිසිම රාජ්‍යයක මේ වැක්සින් නැති අයට පී.සී.ආර් එකක් අරන් එන්න කියලා නියෝග නිකුත් කරලා නැහැ. එතකොට මේ ඇයි මේ සංචාරක ඇමතිතුමා, සංචාරක එන එක වලක්වන්න මේ වගේ වැඩ සිදු කරන්නේ. අනිත් එක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කරන්න, සෞඛ්‍ පටිපාටි අනුගමනය කළ යුතුයි. සෞඛ් ය අමාත් යාංශයේ, ඒ අධ්‍යක්ෂක ජෙනරාල්, අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගෙන්වත් අපි දැක්කේ නැහැ නියෝගයක්. නමුත් මේ සංචාරක ඇමතිතුමා, මේ සංචාරකයෝ එන එක නතර කිරීම, මම හිතන්නේ සුදුසු නැහැ මේ වෙලාවේ.

මොකද, විදේශ විනිමය අපිට අරන් එන්නේ මේ සංචාරකයෝ කියන එක අපි මුළු රටම පිළිගත යුතුයි. ඒ නිසා මම හරීන් ඇමතිතුමාට ලිඛිතව ලිපියකින් යෝජනා කරා මේ වගේ අවස්ථාවක මේ වගේ දෙයක් කරන්න එපා. ඒක හරියට අපිට මතක් වෙනවා අර මත්තල වී ගබඩාවක් කරලා විනාශ කළා වගේ මේ සංචාරකයන්ගෙන් රටට ලැබෙන ආදායම නැති කරන්න හරීන් ඇමතිතුමා මේ කරපු දේ ඉතාම වැරදියි කියලා අපිට චෝදනා කරන්න වෙනවා. ඒ වගේම අනිත් රටවල් වල ඊජිප්තුවේ දවස් කීපයක් ඒ වගේ යෝජනාවක් තිබිලා වහාම අකුලා ගත්තා ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා තායිලන්තයේ ඉතින් මම ඉල්ලා සිටිනවා කෙහෙළිය ඇමතිතුමත් අද නියෝගයක් නිකුත් කරලා තිබුණා මේ දෙදෙනාගෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා රුසියානු සංචාරකයන් මේ මාර්තු මාසේ දක්වා රැගෙන ඒමේ වැඩසටහන කඩාකප්පල් කිරීම සිදු කරන්න එපා. ඒ සංචාරකයන්ට මේ රට ඇතුළට එන්න දෙන්න. අද දකුණු වෙරළ මේ හෝටල් පිරිලා තියෙන්නේ මේ රුසියානු සංචාරකයන්ගෙන්. ඒක කඩාකප්පල් කරන්න එපා කියලා මං රජයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

අමාත්‍යවරයා එවැනි නියෝගයක් නිකුත් කරනවා නම්, ඒක ඉස්සෙල්ලා සෞඛ් ය අමාත් යාංශයත් එක්කත්, එයා සෞඛ් ය බලධාරීන් එක්කත් සාකච්ඡා කරලා, ඊටත් වඩා ඔහු සංචාරක ඇමතිවරයා විදිහට, සංචාරක ආයතනත් එක්ක කතා කරලා, කොහොමද මේ අපි මග අරින්නේ, එහෙම නැත්නම් කොහොමද මේකට අපි මුහුණ දෙන්නේ කියන සංචාරක ආයතනයත් සමග සාකච්ඡා කරනවා. නමුත් ඔහු කිසිම සංචාරක ආයතනයක් එක්ක සම්බන්ධ කරන් සම්බන්ධ වෙන්නේ නැතුව, ඒ රාජකාරී වෙලාවෙන් පසුව මේ වගේ නියෝගයක් නිකුත් කරාම, අද ගුවන් තොටුපලට එන්න තිබිච්ච සංචාරකයන්ගේ තත්වය මොකක්ද? ඔවුන්ට පී.සී.ආර් එකක් ප්ලේන් එකේදි කරන්න බැහැනේ.

ඉතින් ඒ වගේ අපිට හිතන්න වෙනවා, මේ කඩාකප්පල්කාරී ව්‍යාපාරයක්ද, එහෙම නැත්නම් මේ රුසියාව විරුද්ධව ලංකාවේ එක කණ්ඩායමක් මෙතෙක් කරගෙන යන ඒ වැඩපිළිවෙලට ඇමතිතුමා සහයෝගය දක්වනවද කියලා චෝදනා කරන්නත් වෙනවා. ඉතින් ඉන්නවනේ මේ බටහිර කුමාරිකාවක් ඉන්නවනේ මේ ගොඩාක් ජනාධිපතිවරයාටත් එදා හිටපු ජනාධිපතිවරයාටත් උපදෙස් දීපු. ඒ කුමාරිව කුමාරි සමහර වෙලාවට අකමැති වෙන්න පුළුවන්. මේ රුසියානුන්ගෙන් ලංකාවට මෙහි පැමිණීම. ඉතින් ඒකට විරෝධය වෙන්නත් පුළුවන්. මොකද එදා මත්තල ගුවන් තොටුපළට ආවාම සංචාරක හාරසීයකට පැය හතරක් ගුවන් තොටුපලේ රස්තියාදු කරපු අය මේක දැකලා ඉවසන්න බැරුව කඩාකප්පල් කරනවා වෙන්නත් පුළුවන්.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “ඇමති හරීන් කරපු වැඩේ ඉතාම කැතයි” – හරින් , උදයංග යළි පැටලෙයි!
“ඇමති හරීන් කරපු වැඩේ ඉතාම කැතයි” – හරින් , උදයංග යළි පැටලෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiycMKib9w1rMkvU2Jf3_jwvcMyiVWDtSbmKLemwEIyIytTJXIUQPlKH1yoxJBFId5H79Adu4tC99WpQbU0qjpb_c9UbpuZERt5Xlh6qHfBJLY397NH-LXj1_hK-0DZWIALxV7sZDGmKvSwRq9bkvLU9sEbmchiI1VTMCErOcUUPGHBgsx-8lYsfw/s320/udayanga-harin.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiycMKib9w1rMkvU2Jf3_jwvcMyiVWDtSbmKLemwEIyIytTJXIUQPlKH1yoxJBFId5H79Adu4tC99WpQbU0qjpb_c9UbpuZERt5Xlh6qHfBJLY397NH-LXj1_hK-0DZWIALxV7sZDGmKvSwRq9bkvLU9sEbmchiI1VTMCErOcUUPGHBgsx-8lYsfw/s72-c/udayanga-harin.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy