දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් බව ගෝඨා කියයි
Homeප්‍රවෘත්ති

ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් බව ගෝඨා කියයි

PropellerAds

හැ කි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. කිසිදු කරුණක් ම...

නාමල්ට එරෙහිව චෝදනා පත්‍ර බාරදෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මහින්දානන්ද අත්අඩංගුවට
මහින්දානන්ද CIDයට
හැකි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

කිසිදු කරුණක් මත පසුබැසීමට තමා සූදානම් නොමැති බව අවධාරණය කර ඇති රාජපක්ෂ මහතා ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් පවසා ඇත.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සිංගප්පූරුවේ දී අද (03) මුණගැසුණු අවස්ථාවේ දී රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර ඇත.

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට ප්‍රසන්න රණතුංග මහතා සමඟ තේනුක විදානගමගේ, පියංකර ජයරත්න, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් ඊයේ (02) සිංගප්පූරුව බලා ගියහ.

අද උදෑසන 10ට පමණ මන්ත්‍රී කණ්ඩායම රාජපක්ෂ මහතා හමුවන අවස්ථාවේ දී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද පැමිණ සිටියේය.

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩා හොඳ අතට හැරෙමින් තිබෙන බව කියා ඇති රාජපක්ෂ මහතා සිංගප්පූරු විදේශ ඇමැතිවරයා ද සිය සුවදුක් විමසීමට පැමිණි බව කියා ඇත.

තවත් මාස පහකින් පමණ එළැඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මහතා ගේඨාභය රාජපක්ෂ මහතාට මෙහිදී පැහැදිලි කර තිබේ.

එසේම බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මේ වන විට ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාවට නංවා ඇති බවත් නාමයෝජනා භාරදීමට පෙර හා භාරදීමෙන් පසුව ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාවට නැංවෙන ආකාරයත් පැහැදිලි කර තිබේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සොහොයුරන් තමන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන බවත් ඔවුන්ගේ ආශිර්වාදය මැද අභියෝග ජයගනිමින් ඉදිරියට යාමට සූදානම් බවත් රාජපක්ෂ මහතා මෙහිදී  අවධාරණය කර ඇත.

– ප‍්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් බව ගෝඨා කියයි
ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් බව ගෝඨා කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEig8F8_OJ4dCkUQv35vN0w3TVjqhvVBf2vv3pdaMz_FSkGe5fdAGzAK7coUZQy1Njl4C-Wxdko7fjsQ64XanqBMlvb_0hwoGWJuQuVM0W719EgPvsy1I5Uyg1iAPODS7rPZLfSFWQgCwKBu/s320/image_1ba3fc661c.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEig8F8_OJ4dCkUQv35vN0w3TVjqhvVBf2vv3pdaMz_FSkGe5fdAGzAK7coUZQy1Njl4C-Wxdko7fjsQ64XanqBMlvb_0hwoGWJuQuVM0W719EgPvsy1I5Uyg1iAPODS7rPZLfSFWQgCwKBu/s72-c/image_1ba3fc661c.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_87.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_87.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy