ම රණ දඩුවම නැවත පැනවීමට උත්සාහ කිරීම, ඉතාමත් කෘර තීන්දුවක් බවත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ වැලැක්වීමට හැකි යැයි තමා විශ්වාස නොකරන...
මරණ දඩුවම නැවත පැනවීමට උත්සාහ කිරීම, ඉතාමත් කෘර තීන්දුවක් බවත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ වැලැක්වීමට හැකි යැයි තමා විශ්වාස නොකරන බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කොළඹදී ප්‍රකාශ කළේය.
අධිකරණයට වුණත් වැරදිය හැකි බවත් අලුගෝසුවන් සූදානම් කර අලුගෝසු තීන්දුවක් නොගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් මෛත්‍රියෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති ජාතික වෘත්තීය සුදුසුකම්හි සංකල්පීය රාමුව පිළිබදව ඇගයීම් වැඩ මුළුවට සහභාගි වෙමින් පරණවිතාන මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී තව දුරටත් අදහස් දුක්වූ කරුණාරත්න පරණවිතාන මහතා මෙසේද කීය.
මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කළ මංගල කතාවේදීම මරණ දඩුවමට එරෙහිව අදහස් දක්වා තිබෙනවා. මේ විෂය කරළියට ආව හැම වෙලාවෙම මම මගේ මතය ඉදිරිපත් කළා. ඒ සෑම විටම මරණ දඩුවමට විරුද්ධ ස්ථාවරයක මම හිටියා. ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කල ප්‍රයත්නයට ගරු කරනවා. නමුත් ඒකෙ පියවරක් විදියට මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීම මේ රටේ ගෞරවය කෙළසීමක්.
දැනට මරණ දඩුවම ක්‍රියාත්මක වෙන විදිහ නීති පොතේ තිබෙනවා. උසාවියකින් නියෝග කළාට පස්සෙ මරණ දඩුවමට ලක්වූ තැනැත්තා මරණයට පත්කරන්නේ නැතුව ජීවිතාන්තය දක්වා සිර දඩුවමට ලක්කර තබනවා. ලෝකයේ බොහෝ රටවල දැන් මේ තත්ත්වයි තිබෙන්නේ. එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ දෙවැනි වෛකල්පිත ප්‍රොටෝකෝලය අත්සන් කරපු කිසිදු රටක් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නෙ නැහැ. අපි ඒක අත්සන් කරලා නැහැ. නමුත් අපි ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරන ඒ ජාත්‍යන්තර නීතියේ කොටස්කාරයෝ වෙලා තිබෙනවා. ඒ සෑම පැතිකඩයක් ඔස්සේම බැලුවම අපි ශිෂ්ට සම්පන්න මාවත දිගේ ගමන් කරමින් සිටිනවා.
මරණ දඩුවම නැවත පැනවීමට ගත්ත තීරණය අපි දකින්නේ ඉතාමත් කෘර තීන්දුවක් හැටියටයි. එය රටේ ගෞරවය කෙළසන තීන්දුවක්. මේකෙන් අපරාධ වළක්වන්න පුළුවන් කියලා අපි කිසිසේත් විශ්වාස කරන්නෙ නැහැ. ලෝකයේ ආනුභවික සංඛ්‍යා දත්ත අරන් බලන්න. මේ වගේ මරණ දඩුවම් ක්‍රියාත්මක කරන රටවල අපරාධ වැඩිවෙලාද? අඩුවෙලාද? කියල. විවිධ පරමාර්ථ වලින් දණ්ඩ නීති එන්න පුළුවන්. දණ්ඩනයේ පරමාර්ථය වන්නේ පලිගැනීම, සමාජයට පාඩමක් ඉගැන්වීම ආදියයි. තව විදියකට කිව්වොත් අපරාධකරුවන් සමාජයෙන් ඈත්කර තැබීම හා අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීම යනුවෙන්ද අර්ථ දැක්විය හැකියි. ඔය අරමුණු හතරම සාක්ෂාත් කර ගන්න දඩුවම් පැමිණුවත් ඒ සදහා මරණ දඩුවම සුදුසු නැති බවයි, අපි විශ්වාස කරන්නේ. ඒක අවසානාත්මක දඩුවමක්. උසාවියට වුනත් වරදින්න පුළුවන්.
මරණ දඩුවම මගින් රාජ්‍ය විසින් කෙනෙකුගේ ජීවිතය අහිමි කිරීමක් කරනවා. දැන් ප්‍රවෘත්තිවල අහන්න ලැබෙන්නේ පෝරකය සූදානම්. ඇඳුම් පැළඳුම් ගෙනත් තිබෙනවා. අලුගෝසුවෝ ටික සූදානම් කියලා. මට හිතෙන්නේ අලුගෝසු තීන්දුවක් ගන්න හදනවා කියලයි. ජනාධිපතිතුමාගෙන් ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ඉල්ලා සිටිනවා මේ ගන්න තීන්දුව ආපස්සට හරවා ගන්න කියලා. ඒක අපිට රටක් විදියට හොඳ නැහැ.
ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වලට අපි උපරිමයෙන් සහය දුන්නා. ගම් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම ජාතික තලයේ වැඩසටහන්වලදී අපි සෑම ආකාරයෙන්ම එතුමාට උපරිම සහයෝගය ලබා දුන්නා. ඒක ජනාධිපතිතුමාත් හොඳට දන්නවා. එතුමා එක්කම තමයි අපි වැඩසටහන්වලට ගියේ. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩීම වෙනුවෙන් ගත්ත සෑම පියවරක් සම්බන්ධයෙන්ම එතුමාට ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි. නමුත් එතුමා මරණ දඩුවම ලබාදීමට ගත් තීන්දුව නිසා රටේ ගෞරවය කෙළෙසෙනවා යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
– ජයකාන්ත ලියනගේ

COMMENTS