ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුද්ගලයින් සමග විවාද කළ තමන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග විවාද කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බව සෞඛ්‍ය, පෝ...
ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුද්ගලයින් සමග විවාද කළ තමන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග විවාද කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. තමන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීින්ගේ සංගමය කළ අභියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (02) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එම සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොව, එක්තරා කල්ලියක සංගමයක් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍යධූරයට තමන් පත් කර ඇත්තේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බවත්, අමාත්‍යධූර පිරිනැමීමට වෘත්තීය සංගමයකට හැකියාවක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එක් වෛද්‍යවරයෙකු වසර 07 ක් පුරා රෝගීන්ට ප්‍රතිකාර නොකර ඇති බව සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ද අනාවරණ කළේය. සෞඛ්‍ය සේවාවට තමන් ඉටු කළ මෙහෙවර අයවැය විවාදයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ප්‍රසංසාවලින් පැහැදිලි වූ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
මේ අතර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගැනීම පිළිබදව මාධ්‍යවේදියෙකු මෙහිදී විමසා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන් දෙදෙනාට එල්ල වී ඇති චෝදනා පිළිබද තමන් නොදන්නා බවත්, ආරක්ෂක ලේකම්වරයා තේරිම් කාරක සභාවේදී තමන් දන්නා කරුණු සියල්ල හෙළි කළේ නම් මෙවැනි ගැටලුවකට මුහුණු නොදෙන බව පැවැසීය.
තවද මෙහිදී චීන දුම්වැටි ආනයනය නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය.
චීන දුම්වැටි ආනයනය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත්, චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නීතිගත කිරීම තුලින් බදු ආදායමක් රටට ලැබෙන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
තවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්‍රඥප්තියට 2017 වසරේදී අත්සන් කළ ශ්‍රී ලංකාව දුම්කොළ විරෝධී සම්මානය අවස්ථා 03 කදී ලබාගෙන ඇත. දුම්කොළ පාලන ප්‍රඥප්තියේ සඳහන් කරුණු 22 න් 20 ක්ම ශ්‍රී ලංකාව සපුරා ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම නිසා එම වැඩපිළිවෙළ චීන දුම්වැටි ආනයනය කිරිම තුලින් ආපස්සට හැරවිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
දුම්කොළ විරෝධී සම්මානය හිමි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අමාත්‍ය මණ්ඩලයේදී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බවත්, එහිදී මුදල් අමාත්‍යවරයා චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නතර කිරීමට තීරණය කළ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

COMMENTS