දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති හා පොහොට්ටුව අතර මත ගැටුම එළියට… ජනපති පුද්ගලීකරණ තීන්දු ගන්නේ තමන් නොවිමසා බව පොහොට්ටුවෙන් චෝදනා…
Homeප්‍රවෘත්ති

ජනපති හා පොහොට්ටුව අතර මත ගැටුම එළියට… ජනපති පුද්ගලීකරණ තීන්දු ගන්නේ තමන් නොවිමසා බව පොහොට්ටුවෙන් චෝදනා…

PropellerAds

ජනාධිපතිවරයා  රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීම සම්බන්ධව තීන්දු ගන්නේ ස්වකීය අභිමතය පරිදි බව පොදුජන එක්සත් පෙරමුණ  පවසයි. පෙරේදා සිය අ...

සිංහල ඡන්ද 75%ක්ම ගෝටාභයටයි… මුස්ලිම් ඡන්ද මෙහෙම හරි ලැබුණු එක පුදුමයි..- අලි සබ්රි
කොළඹ පළමු මනාපය ගන්න ධනසිරිට ජනපතිගෙනුත් තල්ලුවක් !
වසර 10ක් තිස්සේ ළමුන් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට !
ජනාධිපතිවරයා  රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීම සම්බන්ධව තීන්දු ගන්නේ ස්වකීය අභිමතය පරිදි බව පොදුජන එක්සත් පෙරමුණ  පවසයි.

පෙරේදා සිය අය-වැය කතාව කරමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂත් ප්‍රකාශ කළේ ලාභ ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම සම්බන්ධව පොදුජන පෙරමුණේ එකඟතාවයක් නැති බවය.  ඊයේ ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා තමන්ගේ පුද්ගලීකරණ ප්‍රතිපත්තියට එරෙහිව අවශ්‍යනම් විපක්ෂ නායකවරයාගේ සහාය ලබා ගත හැකි බව පාර්ලිමේන්තුවේ දී කීවේය.

මේ වනවිට ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ අතර ප්‍රතිපත්තිමය වශයෙන්  මත ගැටුමක් පවතින බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ   ප්‍රකාශ කරන්නේ මෙැවැනි පසුබිමකය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ප්‍රගතිශීලි වෘත්තීය ශාඛා සංගමයේ සුබ සාධක වැඩපිළිවෙලේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා එම අදහස් පල කර ඇත.

රාජ්‍ය ව්‍යවසායන්   ගැන ගන්නා තීරණ පිළිබඳව පොදුජන පෙරමුණ ලෙස තමන්ව දැනුම්වත් කරන ලෙස ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය.

ඔහු පවසා තිබුණේ මෙසේය.

“අපේ ප්‍රතිපත්තිත් එයාලගේ ප්‍රතිපත්තිත් අතර පොඩි පොඩි මතගැටුමක් තියෙනවා. මොකද ජාතික සම්පත් පුද්ගලීකරණය පිළිබඳව අපි හැමදාම එකඟතාවයකට ආවේ නැහැ. “

“නමුත් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව සමහර දේවල් කරන්න සිදුවෙනවා. මේවා කරනකොට අපේ සාමාජිකයින් එක්ක කොහොමද මුහුණදෙන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. පහුගිය ටිකේම අපේ ලේකම්තුමත් මමත් අගමැතිතුමත් විවිධ අවස්ථාවල සාකච්ඡා කළා මේ පිළිබඳව අපි ගතයුතු ක්‍රියාමාර්ගය මොනවද කියලා. “

“ඒ නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අපිට ජනාධිපතිතුමත් එක්ක ‌මේවා පුද්ගලීකරණය කරන්න නැත්තනම් අනෙකුත් කටයුතු කරන්න ප්‍රථමයෙන් අපිවත් දැනුවත් කරන්න කොහොමද කරන්නේ අපේ සාමාජිකයින්, වැඩකරන පන්තිය ආරක්ෂා කරන්න. “

“ඒ හින්දා අපි ඒ වෙනුවෙන් නිතිපතා පෙනී සිටිනවා කියන එකත් මේ මොහොතේදී තමුන්නාසේලා එක්ක කියනවා. මොකද අපි වෘත්තීය සමිතියක් හැටියට කේලම් කිය කියා ඇවිදින කණ්ඩායමක් නෙමෙයි.”

- lankasara


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති හා පොහොට්ටුව අතර මත ගැටුම එළියට… ජනපති පුද්ගලීකරණ තීන්දු ගන්නේ තමන් නොවිමසා බව පොහොට්ටුවෙන් චෝදනා…
ජනපති හා පොහොට්ටුව අතර මත ගැටුම එළියට… ජනපති පුද්ගලීකරණ තීන්දු ගන්නේ තමන් නොවිමසා බව පොහොට්ටුවෙන් චෝදනා…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3T14SoW_h4f3ypq8W5uXqtBGoB-mCGMMzSZ0XPw39wB2bmrazq-slr0A7_6j8FLx8oTTyhRb4dbAmZ0_Pu_vPRjFqTe9aQOr9J0Pz6enxlOFPr8R3yC0yDEFdL58OZyMZAt1UmsaIlX1ahBIMHH7ZfKd5ogD-1lbDKx2TXqLeqLcpVy2fB_zxYw/s320/slpp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3T14SoW_h4f3ypq8W5uXqtBGoB-mCGMMzSZ0XPw39wB2bmrazq-slr0A7_6j8FLx8oTTyhRb4dbAmZ0_Pu_vPRjFqTe9aQOr9J0Pz6enxlOFPr8R3yC0yDEFdL58OZyMZAt1UmsaIlX1ahBIMHH7ZfKd5ogD-1lbDKx2TXqLeqLcpVy2fB_zxYw/s72-c/slpp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy