අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කොළඹ පළමු මනාපය අංක 2ක ධනසිරි අමරතුංග මහතා ඉදිරියේ සටහන් කරන්නැයි ඔහුගේ නිවසට ගොස් එහි සිටි ජනතාවට ...
ඒ අනුව ලබන අගහරුවාදා දෙහිවල පැවැත්වෙන රැලියකට ඔහු එක්වන බව වාර්තා වේ.
අගමැති ධනසිරිගේ නිවසේ කළ කතාව
කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයන් අතරින් පාර්ලිමේන්තුවට පත්වනු ඇතැයි එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සැකසූ ලයිස්තුවේ ධනසිරි 9 වැනි ස්ථානයෙන් 7 වැනි ස්ථානයට ඔසවා තැබීමට අග්‍රාමාත්‍යවරයා මෙසේ ඔහුගේ නිවසට ගිය බව මේවන විට ප්‍රසිද්ධ රහසක් වී තිබේ.
ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ලයිස්තුවේ ධනසිරිට හිමිවූයේ 7වැනි ස්ථානයයි.
එම මැතිවරණයෙදී එම පක්ෂයෙන් 7දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත් විය.
එම පක්ෂයට තවත් ඡන්ද 1300 ක් ලැබුණේ නම් ධනසිරිට පාර්ලිමේන්තුයාමට වරම් හිමිවීමට නියමිතව තිබිණි.
අගමැති ආ රැස්වීමේ ධනසිරිට මනාපය ගහන ආකාරය ඔහු මෙසේ කියා සිටියේය.
(පහත වීඩියෝව නරඹන්න…)
COMMENTS