දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිංහල ඡන්ද 75%ක්ම ගෝටාභයටයි… මුස්ලිම් ඡන්ද මෙහෙම හරි ලැබුණු එක පුදුමයි..- අලි සබ්රි
Homeප්‍රවෘත්ති

සිංහල ඡන්ද 75%ක්ම ගෝටාභයටයි… මුස්ලිම් ඡන්ද මෙහෙම හරි ලැබුණු එක පුදුමයි..- අලි සබ්රි

PropellerAds

ගෝඨාභය මහත්තයට ඡන්දය සියයට හැත්තෑවයි. ඒ කියන්නේ එක සිංහල මිනිහෙක් සජිත් මහත්තයට ඡන්දය දෙනකොට සිංහල මිනිස්සු තුන්දෙනෙක් ගෝඨාභය මහත්තයට ඡුන්ද...

ඇමැතිගේ තහනම් මැද මණ්ඩලය විකුණනවට එරෙහිව පාරට බැහැපු දහස් ගණන් විදුලි සේවකයෝ ආණ්ඩුව ගේන්න යන පනතට ගිනි තියයි (VIDEO)
ලියාපදිංචි වාහන සඳහා යළි බදු අය කිරීමේ සූදානමක්!
ජනපතිට එරෙහිව කළු කොඩි එසවූ දෙදෙනෙක් වවුනියාවේදී අත්අඩංගුවට!
ගෝඨාභය මහත්තයට ඡන්දය සියයට හැත්තෑවයි. ඒ කියන්නේ එක සිංහල මිනිහෙක් සජිත් මහත්තයට ඡන්දය දෙනකොට සිංහල මිනිස්සු තුන්දෙනෙක් ගෝඨාභය මහත්තයට ඡුන්දය දෙනවා. එහෙම නම් මේ රටේ ප‍්‍රධාන ජනතාවගේ ආශිර්වාදය කාටද තියෙන්නේ. ගෝඨාභය මහත්තයට. කිසිම රටක් දියුණු කරන්න පුලූවන්ද ප‍්‍රධාන ජාතියේ ආශිර්වාදය නැතුව යැයි ජනාධිපති නිතිඥ අලි සබ්රි මහතා පැවසිය.

ඒ මහතා මේ බව පැවසුයේ හෙම්මාතගම දුම්බුළුවාව ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව අමතමිනි. පොදුජන පෙරමුණේ අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කර ගැනිම වෙනුවෙන් පැවැති මෙම ජනරැුළියේ වැඩිදුරත් කතා කරන ලද ඒ මහතා මෙසේද පැවසිය.

අපි හැමෝම දන්නවා මේ වගේම රැුස්වීම් රාශියක් 2019 වර්ෂයේ නොවැම්බර් මාසයේ තිබුණා. ඒ රැස්වීමේදි අපි ඔබතුමන්ලාට විස්තර කරලා කිව්වා ඇයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති විය යුත්තේ කියලා. තව දුරටත් අපි කිව්වා ජනාධිපතිතුමා අනිවාර්යෙන්ම ජයග‍්‍රහණය කරනවා ඒ ජයග‍්‍රහනයේ කොටස් කාරයෝ වෙන්න කියලා. නමුත් අවාසනාවට වගේ අපේ ඒ කතාවට සමහර අය සවන් දුන්නත් අර අනිත් පැත්තෙන්් කියපු බොරු හේතු කොට ගෙන ඡුන්දය නොදි ඉන්න තීරණය කරලා තිබුණා. ඒක රහසක් නෙවෙයි. නමුත් එදා ඒ මුස්ලිම් කොන්ග‍්‍රසය හා ඒ අනික් පැත්තේ හිටපු මුස්ලිම් නායකයෝ කියපු බොරු ප‍්‍රකාශ අනුව එවැනි ප‍්‍රමාණයක් වත් අපිට ඡුන්ද ලැබුන එකත් ලොකු දෙයක්. මිනිස්සුන්ව බය කරලා ගෝඨාභය මහත්තයා යක්ෂයෙකුට අන්දලා එතුමා ආවොත් මුස්ලිම් මිනිස්සුන්ට ජිවත් වෙන්න බැරි වෙයි. පල්ලි වැහෙයි. කාන්තාවන්ට පිජාම් ගලවන්න වෙයි. ඒ විතරක් නෙවෙයි කපල කොටලා කිඹුලන්ට කන්න දෙයි කියලා මිනිස්සුන්ව බය කරා.

නමුත් අපි ඔබතුමන්ලාට එක දෙයක් කියන්න ඕන. අද වෙනකොට මාස අටක් ගිහිල්ලා තියනවා. මේ මාස අටක් එලබිච්ච වෙලාවේ අපිට පේනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාති ආගම් කුල මල භේද වලින් තොරව මේ රටේ සිටින සියලූ දෙනාටම යහපත්ව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් ඇති කිරීම සඳහා දැඩිව කැප වෙලා කටයුතු කරනවා කියන එක. ඒ අනුව ඔබට අද වෙනකොට තේරෙන්නට ඕන ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ කියපු ආකාරයේ නායකයෙක් නෙවෙයි රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සියලූ දෙනා ඒකරාශි කරගෙන රට දියණුවට ගෙන යන නායකයෙක් කියන ඒක. ඔබතුමන්ලට පෙනෙන්නට ඕන මේ වන විට අද එතුමා විශාල අරගලයක් කරනවා මේ රට මත්ද්‍රව්‍ය වලින් බේරා ගන්නට. ඒ අරගලයේ එතුමා ඉදිරියෙන්ම සිටිනවා. ඒ අරගලය ජයග‍්‍රහනය කරන වෙලාවට එහි ප‍්‍රතිඵලය ලැබෙන්නේ සියලූ දෙනාටම.

මට මුස්ලිම් දෙමළ සිංහල දෙමාව්පියන් රාශියක් ඇවිල්ලා කියලා තියනවා අපේ දරුවන්ව මත් උවදුරෙන් බේරල දෙන්න කියලා. මේ මත් රකුසා කියන්නේ ඉතාම භයානක එකක්. ත‍්‍රස්තවාදය හා සමාන හෝ ඊට ඔබ්බට ගිය මහා විශාල ව්‍යසනයක් අද වෙනකොට ඔබ දකින්න ඇති ප‍්‍රථම වතාවට අද කොරෝනා රෝගියෙක් පැනලා ගියා හොස්පිල් එකෙන් ඇයි ඒ කුඩු උවදුරට ගොදුරු වෙලා. ඔබ දන්නවද ඔහුගේ නම ඔහු කොහේ කෙනෙක්ද කියලා දන්නවද ඔහු ති‍්‍රකුණාමලයේ මුස්ලිම් ජාතිකයෙක් ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද හැම දෙනාම මේ මත් රකුසට බිලි වෙලා ඉන්නේ මුස්ලිම් වේවා ද්‍රවිඩ වේවා සිංහල වේවා. ඒ හින්දා මේ කුඩු උවදුරෙන් අපේ රට මුදවා ගන්න කොට ඒකෙන් ප‍්‍රතිලාභ සිංහල දරුවටත් ලැබෙනවා මුස්ලිම් දරුවටත් ලැබෙනවා ද්‍රවිඩ දරුවටත් ලැබෙනවා.

එවැනි නායකයෙක් මීට පෙර ඔබ දැකලා තියනවද නිකන් කුඩු අල්ලන එක විතරක් නෙවෙයි. එතුමා කරන්නේ පොලිසියෙත් කුඩු ඇල්ලූවා මත්ද්‍රව්‍ය නාශක අංශයෙ 17 දෙනෙක් කුඩු වලට ඇබ්බැහි වෙලා හිටියා. ඒ අයත් අත්තඩංගුවට ගත්තා. බන්ධනාගාර නිලධාරින් ඒක පිටිපස්සහ හිටියා ඒ අයත් අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ එස්.ටී.එෆ් එකේ කිහිප දෙනෙකුත් සම්බන්ධ වෙලා හිටියා. ඒ අයත් අත්තඩංගුවට ගත්තා. එතුමා අර එල්.ටී.ටී ය සහමුලින්ම නැති කරලා දාල මේ රටට සාමය ගෙනාව වගේ අලගිය මුලගිය තැන් සියල්ල හොයගෙන මේ රටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන දිනය වැඩි ඈතක නෙවෙයි කියලා අපි ඔබතුමන්ලාට කියා සිටිනවා. එමනිසා එවැනි නායකයෙක් තමා මේ රටට ඕන. සොක්කො නායකයෝ ටිකක් අරගෙන අපි දැක්කා 2015 මේ රටට වෙච්ච දේ. මේ රට විනාශ උනා. මේ රටේ මුස්ලිම් ජනතාවට වෙච්ච ලොකුම හානිය උනේ ඔය සහරාන්ලට බෝම්බ පුපුරන්න ඉඩ දීපු එක. ඒ සම්බන්ධයෙන් තොරතුරු තිබෙද්දි බුද්ධි අංශ වාර්තා 98 තිබෙද්දී උඩ බලාගෙන හිටපු නායකයෝ තමා මේ රට පාලනය කරේ. ඒ හින්දා අපි දැන ගන්න ඕන හොද නායකයෙක් ආවොත් ඔබටත් හොදයි මටත් හොදයි රටටත් හොදයි. ඒ නායකත්වයත් එක්ක අපි එකග වෙලා වැඩකටයුතු කරනවද නැද්ද කියන ප‍්‍රශ්නෙ තමයි අපිට තියෙන්නෙ. ඔබ දන්නවා ඡුන්දය ගන්න කරාම ඡුන්ද ලක්ෂ 69 තිබුණා. අද ඒ හා සමානවම අපිට කියන්න තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හැටනව ලක්ෂයේ ඡුන්ද ප‍්‍රමාණය ඒ විදිහටම තියනවා. ඒ ඡුන්ද ප‍්‍රමාණය වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නැහැ.

හැබැයි සජිත් මහත්තයට හම්බ වෙච්ච ඡන්ද ලක්ෂ 55 අද සීසිකඩ විසිරිලා ගිහිල්ලා. ඇයි ඒ සජිත් මහත්තා වෙන තැනක රනිල් මහත්තයා තව තැනක රිෂාඞ් මහත්තයා තවත් තැනක හකීම් මහත්තයා තවත් තැනක ඉල්ලනවා. සුමන්දිරන් මහත්තයා තනියම ඉල්ලනවා. එතකොට ලක්ෂ 55 පහකට බෙදුනම මෙතන ලක්ෂ 69 ගෙඩිය පිටින් තියනකොට අපි මේ මැතිවරණය ජයග‍්‍රහනය කරනවයි කියලා අපි කියන්න ඕනෙ. ඒක අපිට සක්සුදක් සේ පැහැදිලියි. ලග එන මැතිනරණයෙන් ආසන 138 ත් 134 අතර සංඛා්‍යාවක් ලබාගෙන අති විශිෂ්ඨ ජයග‍්‍රහනයක් ලබා ගන්නවා කියන එක මේ වෙන විට තහවුරු කරගෙන ඉවරයි. ඒ නිසා අපි ඉතාමත් ගෞරවයෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබතුමන්ලාගේ මේ ජයග‍්‍රහනයට අපි කොටස් කාරයන් වෙනවද මේ ජයග‍්‍රහනයට එකග වෙලා අපි කටයුතු කරනවද එහෙම නැත්තම් අපි බෙදි ඉන්නවද කියන ප‍්‍රතිපත්තිය තමා අපිට තියෙන්නේ. එම නිසා අපි ඔබතුමන්ලාගේ ඉල්ලා සිටින්නේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුනේ ජයග‍්‍රහනයට කොටස්කාරයෝ වෙන්න.

තමුන්ගේ පලාතට තමුන්ගේ රටට වැඩක් කර ගන්නට ඕන නම් මේ රටේ ජයග‍්‍රාහි පක්ෂ ආණ්ඩුවත් එක්ක එකතු වෙලයි කටයුතු කරන්නට ඕන. විපක්ෂයට වෙලා කාලය නාස්ති කරන්න එපා. ඊයේ පෙරේදා ඔය මිනිස්සු කියනවා මුස්ලිම් නායකයෝ කියන අය මේ කැබිනට් එකේ මුස්ලිම්වරු නැතිලූ. ඔව් නැහැ තමයි. කවුද වගකියන්න ඕන. මුස්ලිම් කැබිනට් ඇමතිවරු පොල්පිත්තෙන් හදන්න බැහැ. පාන්පිටි වලින් හදන්න බැහැ. මන්ති‍්‍රවරු හිටියොත් තමා කැබිනට් ඇමතිවරු කරන්න පුලූවන්. ඒ මන්ති‍්‍රවරු 23 දෙනාම එක පැත්තකට හැරෙනකොට කොහෙන්ද කැබිනට් ඇමතිවරු හදන්නේ. ඒ ගොල්ලෝ වැරුද්ද කරලා අපිට ඇගිල්ල දික් කරනවා. මේක හරියට සිංගර් එකෙන් බඩු අරගෙන අබාන්ස් එකෙන් වොරුන්ටි ඉල්ලනවා වගේ වැඩක්. ඒ හින්දා මිත‍්‍රවරුනි මේ දවල් වැටුනු වලේ ආයෙත් දවල් වැටෙන්න එපා කියලා අපි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අපිට මේ රට සංවර්ධනය කරන්න පුලූවන්. ලෝකයේ කිසිම රටක් සංවර්ධනය වෙලා නැහැ ප‍්‍රධාන ජාතියේ ආශිර්වාදය නැතුව. මුස්ලිම් ජනතාව සියයට අනුවක් සජිත් පේ‍්‍රමදාසට ඡුන්දය දෙනකොට දෙමළ ජනතාව සියයට අනුවක් ඡුන්දය දෙනකොට හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ එතුමාට ගන්න පුලූවන් උනේ සියයට විසිතුනයි. ගෝඨාභය මහත්තයට ඡුන්දය සියයට හැත්තෑවයි. ඒ කියන්නේ එක සිංහල මිනිහෙක් සජිත් මහත්තයට ඡුන්දය දෙනකොට සිංහල මිනිස්සු තුන්දෙනෙක් ගෝඨාභය මහත්තයට ඡුන්දය දෙනවා. එහෙම නම් මේ රටේ ප‍්‍රධාන ජනතාවගේ ආශිර්වාදය කාටද තියෙන්නේ. ගෝඨාභය මහත්තයට. කිසිම රටක් දියුණු කරන්න පුලූවන්ද ප‍්‍රධාන ජාතියේ ආශිර්වාදය නැතුව.

එහෙනම් මේ රට දියුණු කරන්න සිංහල ජාතියේ ආශිර්වාදය හා විශ්වාසය දිනාගත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට විතරයි. එහෙමනම් අපි මොනවද කරන්න ඕන අපි බෙදි වෙන්වෙනවද එක්ව ඉදගන්නවද කියන ප‍්‍රශ්නය අපි තුල තියනවා. ඒ නිසා අපි ඔබතුමන්ලගෙන් ඉල්ලා සිටින්නේ පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙන්න. ජාති ආගම් කුලමල බේද වලින් තොරව අපි මේ රට ගොඩනගනවා. ඒකෙන් අදහස් කරන්නේ අපේ කදවුරු වල ඒ ඇතැම් ජාතිවාදි අදහස් දරන අය නැ කියන එක නෙවෙයි. හැම තැනම ඉන්නවා. පොදුවේ ප‍්‍රධාන වශයෙන්ම අපි ශි‍්‍ර ලංකික ජාතියක් වෙනුවෙන් පෙනී සිටින කඳවුරක් අපේ කඳවුරෙන් තමයි අවුරුදු තිහක යුද්ධය ඉවර කරේ. මේ රට සංවර්ධනය කරේ මේ පාරවල් හැදුවේ. මේ ගොඩනැගිලි හැදුවේ.

හැබැයි අවුරුදු පහක යහපාලනය තුල මොකක්ද මේ රටට කෙරුවේ ත‍්‍රස්ථවාදින්ට හිස ඔසවන්නට ඉඩ දුන්නා. ආර්ථිකය කඩා වැටුනා ආර්ථිකය කොච්චර දුරට කඩා වැටුනාද කිව්වොත් ඇෆ්ගස්තානයට වඩා දශමයක් ඉස්සරහින් ඉන්නවා. භූතානයටත් පරාදයි නේපාලයටත් පරාදයි බංගලාදේශයටත් පරාදයි ඉන්දියාවටත් පරාදයි පකිස්ථානයටත් පරාදයි ආර්ථික වේගයත් එක්ක. මෙන්න යහපාලනයේ ප‍්‍රතිඵල. මිනිස්සු බෙදුවා. හැමතැනම ජාතිවාදි කලබල වෙන්න වටපිටාව හැදුවා යැයිද පැවසිය.
මෙම රැස්විම ලියාවුඩින් මහතා විසින් සංවිධානය කර තිබුණි.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිංහල ඡන්ද 75%ක්ම ගෝටාභයටයි… මුස්ලිම් ඡන්ද මෙහෙම හරි ලැබුණු එක පුදුමයි..- අලි සබ්රි
සිංහල ඡන්ද 75%ක්ම ගෝටාභයටයි… මුස්ලිම් ඡන්ද මෙහෙම හරි ලැබුණු එක පුදුමයි..- අලි සබ්රි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbOGi-iPTdir0kicHmdKU3Bq_INVpruYx3ijPN8Rn5UZvFLkqTGoIayfhLKi0MV3MwZnm5lqsd4GjWAvqPgJhOyKGWq6xH1CPmBaiWRbXj8tcA4MaTAzJfGTn5QnPNeFsCPdXgFxpgoqc/s320/alisab.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbOGi-iPTdir0kicHmdKU3Bq_INVpruYx3ijPN8Rn5UZvFLkqTGoIayfhLKi0MV3MwZnm5lqsd4GjWAvqPgJhOyKGWq6xH1CPmBaiWRbXj8tcA4MaTAzJfGTn5QnPNeFsCPdXgFxpgoqc/s72-c/alisab.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/75.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/75.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy