දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මම ගොඩක් සෙල්ලම් කරපු කෙනෙක්, දැල්පන්දු කණ්ඩායම පිළිගන්න මට අයිතියක් තියනවා – ක්‍රීඩා රාජ්‍ය ඇමති (VIDEO)
Homeප්‍රවෘත්ති

මම ගොඩක් සෙල්ලම් කරපු කෙනෙක්, දැල්පන්දු කණ්ඩායම පිළිගන්න මට අයිතියක් තියනවා – ක්‍රීඩා රාජ්‍ය ඇමති (VIDEO)

PropellerAds

ආසියානු ශූරතාවය දිනා නැවත මව්බිමට පැමිණි දැල්පන්දු ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත ගොස් සිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ර...

වීරකුමාරට සහ ශ්‍රීයානිට ආසන සංවිධායක ධුර
තැපැල්පති ධූරයෙන් ඉවතට! ලබන සතියේ සිට ජනපති කාර්යාලයේ සේවයට
බන්ධනාගාරවල ඇති තත්ත්වය ගැන ඇමැති තලතා කණගාටුවෙන්
ආසියානු ශූරතාවය දිනා නැවත මව්බිමට පැමිණි දැල්පන්දු ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත ගොස් සිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, ක්‍රීඩිකාවන්ටත් වඩා කැපීපෙනෙන අන්දමින් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීම සම්බන්ධයෙන් සමාජ ජාලා මාධ්‍ය හරහා දැඩිලෙස විවේචන එල්ල විය. එපමණක් නොව හාස්‍යයටද ලක්විය.

රෝහණ දිසානායක මහතා ක්‍රීඩා රාජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේද ඊට දින කිහිපයකට ඉහතදීය.

පාසල් කාලයේ සිට තමා විවිධ ක්‍රීඩාවල නිරත වූ බවත්, ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් බොහෝ වැඩ කටයුතු සිදුකර ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පවසයි. ඒ අනුව ක්‍රීඩාව බාර රාජ්‍ය ඇමතිවරයා ලෙස දැල්පන්දු ශූරියන් පිළිගැනීමට තමාට අයිතියක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාසල් කාලයේදී පාපන්දු, හොකී, ක්‍රිකට්, මළල ක්‍රීඩා, ටේබල් ටෙනිස් ඇතුළු ක්‍රීඩාවල නිරත වූ බවත් පාසල් කෙඩෙට් කණ්ඩායම නියෝජනය කළ බවත් දිසානායක මහතා පවසනවා. එපමණක් නොව මාතලේ දිස්ත්‍රික්කය තුළ සමස්ත ලංකා දැල්පන්දු තරගාවලියක් සංවිධානය කළ බවද ඔහු පෙන්වා දෙනවා.

ක්‍රීඩකයෙකු ලෙස පමණක් නොව ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන්ද අත්දැකීම් ඇති බවත්, වසර දෙකක් ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපතිවරයා ලෙස හා වසර දෙකක් ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බවත් දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

තමා ගැන මේ කිසිවක් නොදන්නා පුද්ගලයන් එල්ල කරන විවේචනවලින් පසුබට නොවන තමා ඉදිරියටද ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මම ගොඩක් සෙල්ලම් කරපු කෙනෙක්, දැල්පන්දු කණ්ඩායම පිළිගන්න මට අයිතියක් තියනවා – ක්‍රීඩා රාජ්‍ය ඇමති (VIDEO)
මම ගොඩක් සෙල්ලම් කරපු කෙනෙක්, දැල්පන්දු කණ්ඩායම පිළිගන්න මට අයිතියක් තියනවා – ක්‍රීඩා රාජ්‍ය ඇමති (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjK-HlvUDWvctmxk7qPugAAZxCPDw2kbipx25KIi2e6M8M2NZPMTXthEzx0cL7hwEXVAkH3sErkqVKtLdxleV3QEa-2F8MDZkiCS3xRtA0GaIF4DKA2cS6P5F1aAYKLEvUjb4pFOvmXx3wFg6OMvf-Jj09iKLTBmCVeJSuATgG10lyCJ8f191YYTcL6zg/w320-h192/rohana-disanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjK-HlvUDWvctmxk7qPugAAZxCPDw2kbipx25KIi2e6M8M2NZPMTXthEzx0cL7hwEXVAkH3sErkqVKtLdxleV3QEa-2F8MDZkiCS3xRtA0GaIF4DKA2cS6P5F1aAYKLEvUjb4pFOvmXx3wFg6OMvf-Jj09iKLTBmCVeJSuATgG10lyCJ8f191YYTcL6zg/s72-w320-c-h192/rohana-disanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/video_50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/video_50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy