තැපැල්පති රෝහණ අබේරත්න මහතා එම ධූරයෙන් ඉවත් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු...
තැපැල්පති රෝහණ අබේරත්න මහතා එම ධූරයෙන් ඉවත් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ තැපැල්පතිවරයා තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඉවත් වී ලබන සතියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව කටයුතු කරන බවයි.
සියලු ගැටලුකාරී තත්ත්වයන් මේ වනවිටදී අවසන් වීමත් අවුරුදු හතක් වැනි කාලයක් තැපැල්පති ලෙස රෝහණ අබේරත්න මහතා තැපැල් දෙපාර්තමේන්තුවට සේවය කිරීමත් සැලකිල්ලට ගෙන තැපැල් අමාත්‍යවරයා පසුගියදා මේ තීරණය ගත් බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
දැනට මාස කිහිපයක සිට තැපැල්පතිවරයා ජනපති ලේකම් කාර්යාලයට අනුයුක්තවීමට ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් මේවන තෙක් එම නිදහස් කිරීම් සිදු නොකළේ තැපැල්පතිවරයා මෙම ගැටලු විසඳීමට තැපැල් දෙපාර්තමේන්තුවේ සිටිය යුතු බැවින් බවද වාර්තා වේ.
COMMENTS