බන්ධනාගාරවල පවතින තත්වය පිළිබදව සතුටු වෙන්නේ නැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි. අධිකරණ හා බන්ධනාගාර ප්...
බන්ධනාගාරවල පවතින තත්වය පිළිබදව සතුටු වෙන්නේ නැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කලේ මත් ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධි ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කර තිබු බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්විය.
“මේ රටේ තිබෙන නීති විරෝධි ක්‍රියාවන් පාලනය කිරීමට අධිකරණය බන්ධනාගාරය පොලීසිය නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය එක්ව කටයුතු කළ යුතු බව මමත් ගරු නීතිය හා සාමය කටයුතු පිළිබද අමාත්‍යතුමාත් අපි කථා කළා.ගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ උපදෙස් දුන්නේ නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා මත් ද්‍රව්‍ය නිවාරණය පිළිබදව ජනාධිපති කාර්ය සාධක බලකායත් සමග එකතු වෙලා වැඩ කරන්න කියලා. අපේ රටේ බන්ධනාගාරවල තත්වය පිළිබදව මම ඉතාම කණගාටු වෙනවා.මේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහා අපි ක්‍රියාත්මක කරන වැඩ සටහන් හරියටම ක්‍රියාත්මක විය යුතුයි.ඒ සදහා රජය කරනු ලබන වැඩ සටහන් වලට නිලධාරීන්ගේ සහාය උපරිම වශයෙන් අවශ්‍යයි.මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වු කාන්තාවන්ගේ සංඛ්‍යාව සියයට 08 ක් කියලා දැන් මේ මෙතන පොතක සදහන් වුණා.හැබැයි බන්ධනාගාරයට ගියාම පේනවා මේ සම්බන්ධව වැඩිම කොටසක් කරන්නේ කාන්තාවන් කියලා.පුදුම විදිහට ඒවා වර්ධනය වෙලා තියෙනවා.මම බන්ධනාගාරයට වැලිකඩට ගිහිං උදේ ඉදලා හවස් වෙනකල් බන්ධනාගාර ගත වෙලා ඉන්න අයත් එක්ක කථා කළා.ඊයේ පෙරේදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයටත් ගියා.බන්ධනාගාරගතව ඉන්න කාන්තාවන්ට මම බැන්නා දොස් කිවුවා .
“මම කිවුවා ඔයාලා විනාශ වුණාට කමක් නැහැ මේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා කියලා .මම ඇහුවා ඇයි බන්ධනාගාර ගත වුණේ ඇයි කියලා එත කොට කියනවා නෑ මේ ග්රෑම් එකක් තිබිලා අහු වුණා පොලීසිය එකට ග්රෑම් දෙකක් කියලා දාලා ඒකයි මේ ඉන්නේ කියලා. ඔන්න කියන කථාව.එක් කාන්තාවක්ගෙන් මම ඇහුවා කොහේ ද ගම කියලා ගම කොස්ගම .මේ ගොඩකවෙල මල්ලී කෙනෙක් පොඩ්ඩක් ගෙනත් දෙන්න කිවුවා අරන් එනකොට අහු වුණා ඒක නෙමෙයි ඇත්ත කථාව. මේ අය තමයි සම්පුර්ණයෙන්ම මේවා ප්‍රවාහනය කරන්නේ කාන්තාවන්ව යොදවලා වෙනම කාර්ය සාධක බලකායක් හදන්න වෙනවා කාන්තාවන්ව පරීක්ෂා කරන්න .අපි ඇත්ත කථා කරන්න ඕන.බන්ධනාගාරවල පවතින තත්වය පිළිබදව විෂය භාර ඇමතිවරිය වශයෙන් මම සතුටු වෙන්නේ නැහැ.කිහිප දෙනෙක් නිලධාරීන් ඉන්නවා අවංකව කැප වෙලා වැඩ කරනවා.එක් කෙනෙක් දෙන්නෙක් ඉන්නවා විවිධ නරක දේවල් වලට සම්බන්ධව වැඩ කරන අය .මේක අද මුදල් පසුපස හඹා යන ලෝකයක් බවට පත් වෙලා තිබෙනවා.කෙනෙකුගේ ජිවිතයක ඇති වටිනාකමක් පිළිබදව දැනෙන්නේ නැහැ.රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට කියන්නේ ගොවි ජනපද ප්‍රදේශයක්.අද කල්තොට තමයි රත්නපුරේ වැඩිම මත් ද්‍රව්‍ය තියෙන්නේ.මේවාට අපිට උත්තර නැහැ මේ සදහා අපි සියලු දෙනාම එකට එකතු වෙලා වැඩ කළේ නැත් නම් රටේ අභිමානයක් පෞඩ ඉතිහාසයක් ගැන කථා කළත් වැඩක් නැහැ. මේවා තවදුරටත් තිබුණොත් අපිට වෙන දේ අපිට හිතා ගන්නත් බැහැ මෙතන ඉන්න ඔබේ දරුවන්ට මේ දෙයට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන් .” යැයිද අමාත්‍යවරිය සදහන් කළාය.
COMMENTS