ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් වෙනත් දේශපාලන පක්ෂයකින් ඊලඟ මැතිවරණයට තරග කිරීමට සැලසුම් කරමින් සිටින බව...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් වෙනත් දේශපාලන පක්ෂයකින් ඊලඟ මැතිවරණයට තරග කිරීමට සැලසුම් කරමින් සිටින බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
නව දේශපාලන පක්ෂයක් සොයා ගැනීමේ වගකීම ජනාධිපතිවරයා විසින් ප්‍රසන්න රණතුංගට භාර දී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම දෙකට බෙදීම නිසා එම පෙරමුණ යටතේ මැතිවරණයකට ඉදිරිපත් වීමට ඇති අවිනිශ්චිත තත්තවය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
පසුගියදා ඇතිවූ සිද්ධීන්වලින් පසු පොදු ජන පෙරමුණ සමග ජනතාව අතරට යනවාට වඩා නව මුහුණුවරකින් ඉදිරිපත් වීම වඩාත්ම යෝග්‍ය බවද ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරු පිරිසක් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් හිටි හැටියේම ජනාධිපතිවරයා නව දේශපාලන පක්ෂයක් සෙවීම සම්බන්ධව දේශපාලන නායකයින් අතර දැඩි කුතුහලයක් ඇති වී තිබේ.

COMMENTS